Momiji Nishiya wins skateboarding gold at just 13

වයස අවුරුදු 13 ක්වූ ජපානයේ මොමිජි නිෂියා සඳුදා ටෝකියෝ නුවර පැවති ක්‍රීඩා උළෙලේ කාන්තා වීදි ස්කේට්බොඩිං ක්‍රීඩාවේ ප්‍රථම ඔලිම්පික් රන් පදක්කම දිනා ගනිමින් ඉතිහාසය අලුත් කළාය.



රිදී පදක්කම දිනාගත් බ්‍රසීලයේ රයිසා ලීල්ද වයස 13  දැරියකවූ අතර , 16 හැවිරිදි ජපානයේ ෆූනා නකයාමා ලෝකඩ පදක්කම ද දිනා ගත්තාය.
කෙසේ වෙතත් ජපානයේ මොමිජි ඔලිම්පික් පදක්කමක් දිනූ ළාබාලතමයා නොව එහි දෙවැනියාය.


1936 බර්ලින් ක්‍රීඩා උළෙලේදී ස්ප්‍රිංබෝඩ් ශූරතාව දිනාගත් මාර්ජෝරි ගෙස්ට්‍රිං වයස අවුරුදු 13 ක් වූ අතර නිෂියාට වඩා දින 63 ක් බාල විය.

මෙවර ජපන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා එකතු කරන ලද නව ක්‍රීඩා පහෙන් එකක් වූයේ ස්කේට්බෝර්ඩිං ය.  සැහැල්ලු පන්දු බේස්බෝල්, කරාතේ,  ක්‍රීඩා කඳු නැගීම සහ සර්ෆිං අනෙක් 4 යි.