අන්තර්ජාල වෙබ්අඩවි හරහා විශාල පිරිසකට අලෙවිවීම නිසා පසුගියදා ආන්දෝලනයක් ඇතිකළ පහළොස් හැවිරිදි දැරිය ඇගේ මව හා මවගේ අනියම් පුරුෂයා මාර්ගයෙන් මෙම අවභාවිතාවට යොමුවීමට පෙර ඇගේ හැරගිය පියා විසින් වයස 8 දී ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව හෙලිව තිබේ. ඒ ගැන
මීගහවත්ත පොලිසියේ පැමිණිල්ලක්ද ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පෙරේදා (20දා) මාධ්‍ය සාකච්ඡාවක් හමුවේ අනාවරණය කළේය.
ශ්‍රී ලංකාවේ දරුවන්ට එරෙහිව සිදුවන අපචාර ප්රචණ්ඩත්වයන් හමුවේ දරුවන්ගේ ආරක්ෂාව හා
නීතියේ රැකවරණය යටතේ පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී ඔහු ඒ බව කීවේය.
පහළොස් හැවිරිදි දැරිය 2013 වසරේ තම පියාගෙන් අතවරයට පත් වූ බවට මීගහවත්ත පොලිසියට
පැමිණිල්ලක් කර ඇත. ඒ සම්බන්ධයෙන් මහර අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති අතර එහිදී දැරියට වයස
අවුරුදු අටක් පමණ වී තිබූ බවට අනාවරණය වී තිබිණි. ඇයගේ මව ඒ වන විට විසි දෙවැනි වියේ පසුවී
තිබිණි. පසුව මව විදෙස් ගතවීම හේතුවෙන් දැරියගේ භාරකාරිත්වය පරිවාස දෙපාර්තමේන්තුව විසින්
මිත්තණියට පවරා තිබිණි.
එහිදී දැරිය අධීක්ෂණය කිරීමට එම අධිකරණය විසින් පරිවාස දෙපාර්තමේන්තුවට
භාර කර ඇති අතර ඔවුන් එය මඟහැර ඇති බව මහෙස්ත්‍රාත්වරිය අධිකරණයට හමුවේ මීට පෙර පවසා තිබිණි.
එලෙස එම දැරිය සම්බන්ධයෙන් ලිංගික අපයෝජන පැමිණිල්ලක් මීගහවත්ත පොලිසියේ ඇති නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම පැමිණිල්ල අදාළ නොවන බවත් මෙම දැරිය මේ අවස්ථාවේදී ඇයගේ මව ඇතුළු භාරකරුවන් විසින්ම ලිංගික අපයෝජනයට සම්බන්ධ කර ඇති බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
(තොරතුරු - හංසි නානායක්කාර)
0 Comments