A picture containing text, person, indoor, computer
ආන්දෝලනයට තුඩුදුන් 15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ගායන ශිල්පියකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
මෙම ගායකයා මහනුවර ප්‍රද්ශයේ පදිංචිකරුවෙකු බවත් බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී පසුගිය සිකුරාදා දිනයේදී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කර ඇති මුත් නම හෙළි කර නැත. ඔහුව ලබන 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.


 මෙම සැකකරුට බම්බලපිටිය ප්‍රදේශයේ හෝටල් කාමරයක් වෙන්කර වෙන්කර දී තිබුණේ මේ වන විට රක්ෂිත භාරයේ සිටින එම හෝටලයේ කළමනාකරු බවෙ ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි.
15 හැවිරිදි දැරිය මිලටගත් සහ ඊට ආධාර අනුබල දුන් 35දෙනකු දැනට අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරියේදී තවත් බොහෝ පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වෙයි.
එම පිරිස් අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයෙක්, උසස් පොලිස් නිලධාරියෙකු ඇතුළු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක්, ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක්ද සිටින බව වාර්තා වෙයි.

‘‘අපිට කුකුළන්, ඌරන් විකුණන්න පුළුවන්. මාළු විකුණන්න පුළුවන්. නමුත් මිනිස්සු මේ විදියට දැන්වීම් දාලා විකුණන්න බැහැ. ලිංගික ක්‍රියාවලට කොහොමත් විකුණන්න බැහැ. ඒ නිසා මේ වනවිට 35දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැබැයි 34දෙනාගෙන් මේක නවතින්නේ නැහැ. දැරියගේ ජංගම දුරකථනය, වයිබර්, වට්ස්ඇප් ගිණුම් පරීක්ෂා කරනවිට තවත් නම් ගණනාවක් අනාවරණය වී තිබෙනවා. එම දුරකථනයේ දත්තවලට පරිබාහිරව තවත් කොපමණ පුද්ගලයන් සංඛ්‍යාවකට මෙම දැරිය අලෙවි වෙලා තිබෙනවාද කියලා. පැයකට රුපියල් 10000කට, 15000කට, රාත්‍රියකට රුපියල් 30,000කට 60,000කට විදියට දැරිය අලෙවි වෙලා තිබෙනවා’’ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.