විසිනව හැවිරිදි දෙදරු මවක රෝහල් ගත කිරිමන් අනතුරුව මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර පරික්ෂණයකදී ද ඇඹිලිපිටිය කච්චිගල ප්‍රදේශයේ නිවසක් අසල වළ දමා තිබුණු මිනිස් කළලයක් ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ආර්.ජි.එන්ආර්. රන්කොත්ගේ මහත්මිය ඉදිරියේ ඊයේ 2 වැනිදා ගොඩ ගනු ලැබුවාය. එම කළලය ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගොස් අධිකරණ විශේෂඥ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර පශ්චාත් මරණ පරික්ෂණයක් පවත්වා එය නීති විරෝධි ගබ්සාවක්ද යන බවට එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එහි දී මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.
ඇඹිලිපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ධනුක ගම්ලත් මහතා ඇතුළු කණ්ඩායමක් මෙන්ම ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියේ අපරාධ ස්ථාන පරීක්ෂා කරන ඒකකයේ ස්ථානාධිපති ඩී.ජී.එම්.සී. ධනවර්ධන. පොලිස් කොස්තාපල්වරුන් වන නුවන් රංගන. චතුරංග. ප්‍රභාත් ඇතුළු කණ්ඩායමක් එදින එම ස්ථානයේ පරීක්ෂණ සිදු කළහ.
නිවෙසට මීටර් පහක පමණ දුරක එම කළලය වළ දමා තිබිය දී ගොඩ ගනු ලැබූ අතර එම ස්ථානයට මීටර් තුනකට පමණ එපිටින් තිබූ මෙට්ටයක කාඩ් බෝඩ් කැබැල්ලක හා ගෙවත්තේ ලේ පැල්ලම් කීපයක් මහේස්ත්‍රාත්වරියගේ දැඩි පරීක්ෂණයට ලක්විය. ලේ වහනයක් හේතුවෙන් රෝගී වූ මව පසුගිය 10 වැනිදා කුට්ටිගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර දැඩි අසාධ්‍ය තත්වයෙන් පසුවීම හේතුවෙන් එදිනම ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවීමට එහි වෛද්‍යවරුන් කටයුතු කර තිබුණි. එම කාන්තාව ඇඹිලිපිටිය රෝහලේ දී මියගොස් ඇති බව කුට්ටිගල පොලිසිය පවසයි. එම කාන්තාවට නීති විරෝධී ගබ්සාවක් කර ඇතැයි යන සැකයක් තම පොලිසිය වෙත වාර්තතා වීමත් සමග එම තොරතුර ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා එම නියෝග මත එම කළලය ගොඩගත් බව පොලිසිය කියයි.
එම කාන්තාවගේ වැඩිමහල් දරුවාට වයස අවුරුදු හයක් වන අතර දෙවැනි දරුවා මාස හතක් බව පොලිසිය පවසයි. මාස හතක දරුවකු සිටිය දී තවත් දරුවකු කුසට ඒම සමාජය ඉදිරියේ ලජ්ජාවට පත්වන කරුණක් විය හැකි බවට වැරැදි මතයක් මවගේ සිතට ඇතුළුවීම නිසා මෙවැනි දෙයක් සිදු වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
-රෝහණ සමරවීර-
0 Comments