Doctor remanded for photographing Ragama lady doctor

රාගම ශීක්‍ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාරයේ වෛද්‍යවරියකගේ කාමරයකට අනවසරයෙන් ඇතුල් වී ඇය ඇඳුම් මාරු කරනු ලබන අවස්ථාවක ඇයගේ ඡායාරූප ගත් වෛද්‍යවරයා ලබන 16 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත. 



කොළඹ ජාතික රෝහලේ සේවය කරන සැකකාර 35 හැවිරිදි වෛද්‍යවරයා මීට පෙර රාගම ශික්‍ෂණ රෝහලේ සේවය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසිය. එම කාලය තුළ පෙර කී වෛද්‍යවරියව දැනහඳුනාගෙන තිබුණ බවද පැවසිණි.
ඔහු සමන්තුරේ ප්‍රදේශයේ පදිංචි අයෙකු බවද වාර්තා විය.
රාගම පොලිස් ස්ථානය විසින් සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ බවද සැකකරුට එරෙහිව මෙවැනිම තවත් පැමිණිලි දෙකක් ද පොලිසියට ඉදිරිපත් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.
මෙම සැකකරු සන්තකයේ තිබුණ ජංගම දුරකථන පරික්ෂාවේදී පෙර කී වෛද්‍යවරියගේ මෙන්ම වෙනත් අයගේ ඡායාරූපද තිබී හමුවී තිබේ.

සිද්ධියට අදාළ පෙර වාර්තාව
වෛද්‍යවරියගේ ක්වාටස් ඇවිත් ඇදුම් මාරුකරද්දී පොටෝ ගැසූ වෛද්‍යවරයා අත්අඩංගුවට