How the crowd entered the Lord's Cricket Ground to ask for injection certificates from the spectators

එංගලන්තය සහ පාකිස්ථානය අතර පැවැත්වුණු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ 30,000 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පිටියේ සම්පූර්ණ ධාරිතාවයෙන් පැවැත්වූ ආකාරය ගැන සමාජ මාධ්‍ය තුළ විවිධ කතා පැනනැගුණි.


තවමත් ආසාදිතයින් හා මරණ වාර්තාවෙමින් පවතින එංගලන්තයේ මුහුණු ආවරණ හෝ නැතිව විශාල නරඹන්නන් පිරිසක් මෙලෙස එත් රොක්වූයේ කෙසේද යන්න ඇතැමුන් නගන ලද පැනයකි.
 ක්‍රීඩා ලෝලීන්ට සමාජ දුරස්ථභාවයක්  පවත්වා යන්නට උපදෙස්ද ලැබී නොතිබිණි.
එක්සත් රාජධානිය මෙම ලිහිල් ප්‍රතිපත්තිය අනුගමනය කර ඇත්තේ  Events Research Programme නමැති පර්යේෂණාත්මක අත්හදාබැලීමකින් පසුය.


එහිදී නරඹන්නන් ඇතුළු කිරීමේ දැඩි නීති රීති පැවතිණි.
ක්‍රීඩාංගනයට ඇතුළු වීම වයස අවුරුදු 11 ට වැඩි වීම අනිවාර්යවීම
එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවට සාක්ෂි පෙන්විම
පූර්ව පැය 48 තුළ Lateral Flow පරීක්ෂාවකින් හෝ ගතවූ දින 180 තුළ PCR ප්‍රතිඵල අනුව නෙගටිව් ප්‍රතිඵල ද ලබාගෙන තිබීම
මෙම නීති මාලාවට ඇතුළත් විය.