සර්පයෙකු දෂ්ට කිරීමෙන් මියගිය පුද්ගලයකුගේ වෛද්‍ය වාර්තා වෙනස් කර එම පුද්ගලයා මියගියේ හෘදය රෝගයකින් බවට වෛද්‍ය වාර්තාවල වෛද්‍ය සටහන් තබා මෘත දේහය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට හෝ හදිසි මරණ පරීක්ෂකවරයාට යොමු නොකර ඥාතීන්ට භාරදුන් බවට චෝදනාවට ලක්ව සිටින කැබිතිගොල්ලෑව මූලික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයා සම්බන්ධයෙන් ආයතන මට්ටමින් පරීක්ෂණයක් සිදුකෙරෙන බව අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය එන්.ඩී.සී. ආරියරත්න පැවැසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබාසිටින්නේ විශේෂඥ වෛද්‍යවරයෙකු වීම නිසා ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් සමන්විත කමිටුවක් මගින් සිදුකෙරෙන බවද ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා තවදුරටත් කීවේය.
උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ මෙම විමර්ශනය අරඹා ඇත්තේ සර්පයෙක් දෂ්ට කිරීමෙන් මියගිය පුද්ගලයකුගේ මරණයට හේතුව හෘදය රෝගයක් බවට නිර්දේශ කරමින් සැබෑ වෛද්‍ය වාර්තා වෙනස් කර අදාළ මළසිරුර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට හෝ හදිසි මරණ පරීක්ෂකවරයාට යොමු නොකොට තම රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයා විසින් මරණකරුගේ ඥාතීන්ට භාරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස කැබිතිගොල්ලෑව මූලික රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ කරුණාරත්න උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය පාලිත බංඩාර සහ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය එන්.ඩී.සී. ආරියරත්න මහත්වරුන්ට කළ ලිඛිතව දැනුම් දීමකට අනුවය.
කැබිතිගොල්ලෑව මූලික රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ කරුණාරත්න මහතා ස්වකීය ලිපිය මගින් උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය පාලිත බංඩාර සහ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය එන්.ඩී.සී. ආරියරත්න යන මහත්වරුන්ට තවදුරටත් දැනුම්දී ඇත්තේ හේනක බිම නිදාගෙන සිටියදී අතේ ඇඟිල්ලකට සර්පයෙකු දෂ්ට කළ බව පවසමින් කැබිතිගොල්ලෑව සිංහල ඇටවීරගොල්ලෑව පදිංචිකරුවකු වන ආර්. චමින්ද කුමාර රත්නායක නමැති 42 හැවිරිදි පුද්ගලයෙකු පසුගිය 10 වන දින අලුයම 2.20ට පමණ කැබිතිගොල්ලෑව මූලික රෝහලට ඇතුළත් වූ බවයි.
මුලින්ම ඔහු කැබිතිගොල්ලෑව මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා එකේ වාට්ට්වුට ඇතුළත් කර ඇති බවත් රෝග තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් යළිත් එම රෝගියා හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බවත් එම ලිපිය මගින් දන්වා ඇති දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එදිනම අලුයම 3.40ට (රෝහල් ගත කර පැයයි විනාඩි 20 කින් අදාළ රෝගියා මිය ගොස් ඇති බවද පවසා තිබේ.
තිසල් තෙන්නකෝන් - සාලියපුර
0 Comments