බත්තරමුල්ල ජාතික සඳුන් උයන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත් කිරීමට නියමිත බවට රජයේ මාධ්‍ය මගින් පූර්ව ප්‍රචාරයක් දියත් කර තිබුණ නමුත් එම අවස්ථාවට අගමැතිවරයා නොපැමිණියේය.
ඒ වෙනුවට මැති ඇමති පිරිසක් සමග පැමිණි ක්‍රීඩා අමාත්‍ය හා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එය විවෘත කළේය.
හරිත සංකල්පය ප්රමුඛ කර ගනිමින් මෙරට පළමු වතාවට රාජ්‍ය අනුග්‍රහයෙන් නිර්මාණය වූ පරිසර හිත මිතුරු ව්‍යාපෘතියකි.බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය අසළ “ජාතික සඳුන් අරණ” පිහිටුවා ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉහළ ආර්ථික වටිනාකමකින් යුත් භූමියකය.
අති දුර්ලභ රත් සඳුන් ශාක 300 ක් සහ සුදු සඳුන් ශාක 900 කින් මෙම උද්‍යානය අලංකාර වේ.මෙය ජනතාවට නිදහස, විවේකය, හුදකලාව සහ විවිධත්වය අත්විදීමට හැකි අපූරු නවාතැනකි.
ව්‍යායාම කිරීම, භාවනා කිරීම, යෝග ව්‍යායාම ඇතුළු වැඩසටහන් රැසකට සුදුසු වන පරිසරයක් ද මෙහි නිර්මාණය කර තිබේ.
කාර්ය බහුල ජීවිතයෙන් මිදී පවුලේ සාමාජිකයින් සමඟ විවේකීව නිදහසේ කාලය ගත කිරීමට සුදුසු පරිදි සකසා ඇති මෙහි, පිරිසිදු ආහාරපාන ලබා ගැනීමට අවන්හල්, සනීපාරක්ෂක පහසුකම් මෙන්ම වාහන 60ක් නවතා තැබිය හැකි රථ ගාලක් ද තිබේ.
පොකුණු දෙකක් මැදින් ප්‍රවේශය තනා ඇති උද්‍යානය සෞම්‍ය ආලෝක රටාවන්ගෙන් රාත්‍රියේ දී විචිත්‍රවත් වේ. එහි තිබෙන උස් වේදිකාව සංගීත සංදර්ශන හා සංස්කෘතික උළෙලවල් හා විවිධ සංදර්ශන පැවැත්වීම සඳහා යොදා ගත හැකි ය.
මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, ඉදිකිරීම් කටයුතු නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ප්රියදර්ශණ ද සිල්වා යන අමාත්‍යවරු, මධුර විතාන, ප්‍රෙමනාත් සී දොළවත්ත, ජගත් පුෂ්පකුමාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් සේකර, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරල් රංජන් ළමාහේවා ඇතුලු අමාත්‍යාංශ නිළධාරීන් හා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
0 Comments