දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශයේ නවතා තිබූ සුඛෝපභෝගී ජීප් රථයක් තුළ පුද්ගලයකු අභිරහස් ලෙස මියගොස් සිටියදී අද (31)හමුවූ බව වැලිපැන්න පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ මාලබේ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහු දෙදරු පියෙක් බව ද වාර්තා වේ.
ඊයේ (30) දවල් 1.06 ට පමණ සුඛෝපභෝගී ජීප් රථය සේවා ප්‍රදේශයට ඇතුළු වන අයුරු එහි සවිකර ඇති CCTV කැමරාවක සටහන්ව තිබු බව පොලීසිය පවසයි.
පෙරේදා දහවල් සිට ජීප්රථය එම ස්ථානයේ නවතා තිබූ අයුරු දුටු සේවා ප්‍රදේශයේ සේවකයන් විසින් ඒ පිළිබඳ සොයා බැලීමේදී පුද්ගලයකු පිටුපස අසුනේ සිටින දැක කතා කළත් අවදි නොවූ හෙයින් ජීප් රථයේ ඉදිරි වම්පස පැති වීදුරුව කඩා පරීක්ෂා කිරීමේදී ඔහු මියගොස් සිටින අයුරු දැක ඒ බව පොලීසියට දැනුම් දී තිබේ.
මියගොස් ඇති පුද්ගලයා ජීප්රථයේ අයිතිකරු වන අතර ඔහුගේ මළ සිරුර සොයා ගැනීමට හැකි වී ඇත්තේ එහි පිටුපස අසුනේ තිබී බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැලිපැන්න පොලීසිය පරීක්ෂණ පවත්වයි.
0 Comments