ඩෙල්ටා ප්‍රභේදය ලොව මුහුණදී ඇති covid19 වසංගතයට හේතු වන කොරෝනා වෛරසයේ වේගවත්ම හා බලවත්ම ප්‍රභේදය බවට පත්ව ඇති අතර, ලොව පුරා රටවල් විසින් වසංගතයට පැනවූ සීමා ලිහිල් කර ඔවුන්ගේ ආර්ථිකයන් විවෘත කරමින් සිටින මොහොතේ එය රෝගය පිළිබඳ අවදානම ඉහළ නංවන බව මෙම වෛරස සහ වසංගත රෝග විශේෂඥයෝ පවසති. කොරෝනා වෛරසයේ ඕනෑම ප්‍රභේදයක් හේතුවෙන් ඇති වන දරුණු රෝගී තත්වයන් සහ රෝහල් ගතවීම්වලට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අනුමැතිය ලද ඕනෑම එන්නතකින් ලැබෙන ආරක්ෂා කිරීම තවමත් ඉතා ශක්තිමත් පවතින අතර, ප්‍රමුඛතම COVID-19 විශේෂඥයන් දස දෙනෙකුගේ සම්මුඛ සාකච්ඡාවලට අනුව, තවම අවදානමට ලක්ව ඇති පිරිස මෙතෙක් එන්නත් ලබා නොගත් අය බව අවධාරණය කෙරෙයි.
ඉන්දියාවේදී ප්‍රථම වරට හදුනාගත් ඩෙල්ටා ප්‍රභේදය,පෙර අනුවාදයන්ට වඩා එන්නත් ලැබූ පුද්ගලයන්ට පවා ආසාදනය වීම් හැකියාව ඇති බවටද සාක්ෂි මේ වනවිට වැඩි වෙමින් පවතී. එසේ එන්නත් ලැබූවන් ආසාදිත වූ විට, ඔවුන් වෛරසය සෙසු අයට පැතිරවීමට පවා ඉඩ තිබීම ගැන කනස්සල්ල පළ වී ඇතැයිද මෙම විශේෂඥයෝ පවසති.එහි ප්‍රතිඵලයක් වශයෙන්, පුළුල් එත්තත් කිරිම් ව්‍යාපාරයක් ඇති රටවල පවා මුඛ ආවරණ, සමාජ දුරස්ථභාවය සහ වෙනත් මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග තවදුරටත් ඉලක්ක කර ගැනීම අවශ්‍ය විය හැකි බව ඔවුන්ගෙන් වැඩි දෙනා අවධාරණය කළහ.
ඒ අනුව යමින් ඊශ්‍රායලය මෑතකදී මුඛ ආවරණ පැලදීමේ අවශ්‍යතාව ගෘහස්ථව නැවත ස්ථාපිත කර ඇති අතර, සංචාරකයන් නිරෝධායනය කිරීම අනිවාර්ය කර තිබේ. එසේම එන්නත් ලබාගත් අයට පවා මුඛ ආවරණ භාවිත කිරීමේ මාර්ගෝපදේශය සංශෝධනය කළ යුතුද යන්න ගැන එක්සත් ජනපද නිලධාරීන් සලකා බලමින් සිටී.
එක්සත් ජනපදයේ ජනාකීර්ණ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ ගෘහස්ථ හා පොදු ස්ථානවල ගැවසෙන විට. එන්නත ලබාදී ඇති අය අතර පවා මුඛ ආවරණ භාවිතය දැනටමත් අනිවාර්ය කර තිබේ. "මේ මොහොතේ ලොවට ඇති ලොකුම අවදානම ඩෙල්ටා ප්‍රභේදයයි" කොරෝනා වෛරස ප්රභේඳවල ජාන අනුපිළිවෙල සැකසීමට බ්‍රිතාන්‍යයේ උත්සාහයක් දරණ ක්ෂුද්රජීව විද්‍යාඥ ෂැරොන් පීකොක් පැවසීය. "ඒ ප්‍රභේදය තවමත් බලවත් හා වේගවත්ම ප්‍රභේදයයි" හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.
වෛරස් නිරන්තරයෙන් පරිණාමය වීමෙන් විකාශනය වන අතර, නව ප්‍රභේද පැන නැගීම සාමාන්‍ය තත්වයකි. සමහර විට පසුව ඇතිවන ප්රභේන්ද මුල් පිටපතට වඩාත් භයානක වෙයි. ඒ අනුව ඩෙල්ටා ප්‍රභේදය පිළිබද ප්‍රධානතම කනස්සල්ල නම්, එයින් මිනිසුන් රෝගාතුර වීම නොවෙයි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වඩා පහසුවෙන් ව්‍යාප්ත වෙමින්, එක්නත් නොලැබූවන් අතර ආසාදිතයන් සහ රෝහල් ගතවීම් වේගයෙන් ඉහළ නැටවීමය. එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතනය සිකුරාදා ප්‍රකාශ කඩථා ප්රත්වය සමග බ්‍රිතාන්‍යයේ රෝහල් ගතකර ඇති පුද්ගලයන් 3,692දෙනෙකුගෙන් 58.3%ම එන්නත් ලබා නොගත් අය බවයි. එසේම 22.8%ක් සම්පූර්ණයෙන්ම එන්නත ලබා ඇති පිරිස බවද ඔවුහු කියති. එසේම ඩෙල්ටා වඩාත් පොදු ප්‍රභේදය බවට පත්ව ඇති සිංගප්පූරුවේ රජයේ නිලධාරින් සිකුරාදා වාර්තා කළේ එරට කොරෝනා වෛරසය ආසාදිතයන්ගෙන් හතරෙන් තුනක්ම එන්නත් කරන ලද පුද්ගලයන් බවයි. කෙසේ නමුදු ඒකිසිවෙකු දරුණු ලෙස රෝගාතුර වීමක් සිදුව නොමැති බව සිංගප්පූරු සොඛ්‍ය අංශ වැඩිදුරටත් පවසයි. දැනට තම COVID-19 ආසාදිතයන්ගෙන් 60%ක්ම එන්නත් ලබා ඇති පුද්ගලයන් බව ඊශ්‍රායල සෞඛ්‍ය නිලධාරින් පවසා තිබේ.
ඔවුන් බොහෝ දෙනෙකු වයස අවුරුදු 60 හෝ ඊට වඩි අය වන අතර, ඔවුන් බොහෝ විට නිධන්ගත සෞඛ්‍ය ගැටලු පවතින අයවලුන් බවද ඔවුහු කියති. වෙනත් කිසිදු රටකට වඩා COVID-19 රෝගීන් හා මරණ අත්විද ඇති එක්සත් ජනපදයේ ඩෙල්ටා ප්‍රභේදය නව ආසාදනවලින් 83%ක් පමණ නියෝජනය කරයි. කෙසේ වෙතත් මේ දක්වා, එසේ ආසාදිත වූ පුද්ගලයන්ගෙන් දරුණු රෝගී තත්ත්වයන් අත්විද අති 97%කට ආසන්න පිරිස එන්නත් ලබා නොගත්තවුන් බවද එරට සෞඛ්‍ය අංශ පවසයි. සැන් ෆ්රොක්සිස්කෝ හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබදවද මොනිකා ගාන්ධි පැවසුවේ එන්නත් ලබා ඇති පුද්ගලයන්වෙරසයට ආසාදිතව මෘදු රෝග ලක්ෂණ පමණක් පෙන්වා තිබුණත්, තමන්ට එන්නත මගින් 100%ක ආරක්ෂාවක් නොලැබීම ගැන ඔවුන් බොහෝ දෙනෙකු කලකිරීමට පත්ව සිටින බවය.
නමුදු මේ වනවිට COVID-19 ආසාදිතව රෝහල්ගත කර ඇති සියලුම ඊශ්‍රායලයේ බෙන් ගුරියන් විශ්වවිද්‍යාලයේ, මහජන සෞඛ්‍ය පාසල් අධ්යක්ෂ නදව් ඩේවිඩොවිච් පැවසීය. "එන්නත් මගින් එය ලබාගන්නා පුද්ගලයාගේ ආරක්ෂව ඉතා ශක්තිමත් මෙවලමක් බව පෙන්වා තිබෙනවා. එසේ වූ පමණින් එන්නත් ලැබූ සියලු දෙනාට ඇමෙරිකානුවන් පාහේ එන්නත් ලබාගෙන නොමැති අය නිසා, එන්නත්වලින් ලැබී ඇති විශ්මයජනක ඵලදායී බව ගැන ඔවුන් සතුටු විය යුතු බව ඇය අවධාරණය කළාය. "අපගේ සියලු ගැටලු විසදන මැජික් උඩයක් ඇති බව සිතාගෙන සිටිනවා නම්, එය මිථ්‍යාවක්. කොරෝනා වෛරසය අපට පාඩමක් උගන්වා තිබෙනවා"වෛරසය ආසාදනය නොවන්නේ යැයි සඳහන් වන්නේ නැහැ.
නමුදු එන්නත් ලැබූ හෝ නොලැබූවෙකුට කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී, ඔහු හෝ ඇය නිසි සොබා මාර්ගෝපදේශ පිළිනොපදින්නේ නම්, ඔවුන්ගෙන් අන් අයට ආසාදනය වීම සඳහා වැඩි ඉඩක් පවතින බව මතක තබාගත යුතුයි” ඩේවිඩොවිව් පැවසීය. චීනයේ කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයන්ගේ නාසයේ වෛරස් දහස් ගුණයකින් වැඩි වන බවයි. "ඔබ ඇත්ත වශයෙන්ම වැඩි වෛරසයක් බැහැර කළ හැකියි. එය වඩාත් සම්ප්රේෂණාය කළ හැකි වන්නේ ඒ නිසයි. මෙය තවමත් විමර්ශනය කරමින් පවතින්නක්හෙතෙම වැඩිදුරත් සඳහන් කළේය. සැන් ඩියාගෝ හි ලා ජොල්ලා ප්‍රතිශක්තිකරණ ආයතනයේ වෛරස් විශේඥ ෂේන් ක්‍රෝටි සදහන් කළේ එක්සත් රාජධානියේ ප්‍රථම වරට සොයාගත් ඇල්ෆා ප්‍රභේදයට වඩා ඩෙල්ටා ප්‍රභේදය 50%ක් වඩාත් බෝවන ප්‍රභේදයක් බවයි.
"එය අනෙක් සියලුම වෛරස අභිභවා යමින් පවතින් එය වඩාත් කාර්යක්ෂමව පැතිරෙන නිසයි" ක්‍රෝටි වැඩිදුරටත් පැවසීය. කැලිෆෝනියාවේ ලා ජොල්ලා හි පිහිටි ස්ක්‍රිප්ස් පර්යේෂණ පරිවර්තන ආයතනයේ අධ්යක්ෂ, ජාන විද්‍යා විශේඥ එරික් ටොපෝල් සඳහන් කළේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයේදී කෙටි බීජෞෂණ කාලයක් හෙවත් වෛරසය ශරීරගත වූ දින සිට රෝග ලක්ෂණ පහළ වීම දක්වා අඩු කාලයක් සහ වෛරස් අශු වඩා වැඩි ප්‍රමාණයක් ඇති බවයි.
"ඩෙල්ටා ප්‍රභේදයේදී එත්තත් අභියෝගයට ලක්වන්නේ ඒ නිසාමයි. එන්නත ලබාගත් පුද්ගලයන් පවා ඩෙල්ටා හමුවේ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. මෙය ප්රබලෙ වෛරසයක්” ටොපෝල් පැවසීය. එක්සත් ජනපදයේ පවා ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ කතාබහ අරඹමින් තිබෙන පරිසරයක බොහෝ ඇමෙරිකානුවන් දැනටමත් එන්නත් විදගෙන තිබුණත්, ඔවුන් ගෘහස්ථව මුඛ ආවරණ පැලදීම නවතා දමා තිබීම සැලකිය යුතු තත්ත්වයකි. එමෙන්ම ඇතැම් රටවල සීමාවන් ලිහිල් කරමින් පවතී.
"මෙය ද්විත්ව නපුරක්" ටොපෝල් පැවසීය. "ඔබ තවමත් වෛරසයේ වඩාත් ප්‍රබල අනුවාදයට මුහුණ දෙනවිට සීමාවන් ලිහිල් කිරීම ද්විත්ව නපුරක් ඔබ වෙත ඇති කිරීමට පුළුවන්." ලොව පුරා විද්‍යාඥයන් COVID-19 වෛරසයට එරෙහිව ඉතා ඵලදායී එන්නත් නිපදවීම සමග බොහෝ අය විශ්වාස කල් සමහර විට එන්නත ලබාදුන් පසු වෛරසය තමන්ට එතරම් තර්ජනයක් නොවනු ඇති බවයි. නමුදු එන්නත් ලබාගත් අය පවා ඩෙල්ටා ප්‍රභේදය හමුවේ තමාගේත්, තම වටපිටාවේත්, තමා ජීවත්වන සමාජයේත් ආරක්ෂාව සහතික කිරීමට මහජන සෞඛ්‍ය පුරුදු වෙත නැඹුරුව සිටීමේ වගකීම තවදුරටත් ආරක්ෂා කිරිමේ වගකීම බෝවන හා වසංගත රෝග පිළිබද විශේෂඥයෝ අවධාරණය කරති.
0 Comments