බොලිවුඩ් නළු අමීර් ඛාන් බිරිඳ කිරාන් රාඕ සමඟ පැවති වසර 15 ක දීගය (දෙවන කසාදය) අවසන් කරන බවට අද (03) දික්කසාද නිවේදනයක් නිකුත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මොවුන් දෙන්නා ඒකාබද්ධව නිකුත් කර ඇති නිල නිවේදනයේ මෙසේ දැක්වේ.
“මේ සුන්දර අවුරුදු 15 තුළ අපි ජීවිත කාලය පුරාම අත්දැකීම්, ප්‍රීතිය හා සිනහව බෙදාගෙන ඇත. අපගේ සම්බන්ධතාවය වර්ධනය වී තිබුනේ විශ්වාසය, ගෞරවය සහ ආදරය මගින් පමණි.
නමුත් දැන් අපි අපේ ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට කැමත්තෙන් පසුවන අතර එය සිදුවනු ඇත්තේ තවදුරටත් ස්වාමිපුරුෂයා සහ භාර්යාව ලෙස නොවේ සත්‍ය ලෙසම අපි කලකට පෙර සිට සැලසුම් සහගත වෙන්වීමක් ආරම්භ කර තිබුණි. වෙනම ජීවත්වීමට අපි පුරුදුවී ඇති අතරම එය විධිමත් කරන්නට දැන් කාලය එළැඹ තිබේ.
අපි අපේ පුතා අසාද් වෙනුවෙන් කැපවූ දෙමව්පියන් ලෙස තවදුරටත් සිටිමු. චිත්‍රපට, පානි අරමුදල් පදනම සහ අපට උනන්දු වෙනත් ව්‍යාපෘති වලදී දිගටම සහයෝගයෙන් වැඩ කරන්නෙමු. ”
ඔවුන් දන්වා ඇත. මේ යුවළ විවාහ වී දැනට වසර 15 ක් ගත වී ඇති අතර ඔවුනට වයස 10 ක්වූ අසාද් රාඕ ඛාන් නමැති එක් පුතෙකු පමණක් සිටී.
අමීර් ඛාන් සහ කිරාන් රාඕ මුණගැසුණේ ඇය සහකාර අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කළ ලගාන් චිත්‍රපටය තනද්දීය. ඔවුන් දෙදෙනා ටික කලක් පෙම්වතුන් වී 2005 දෙසැම්බර් 28 වන දින විවාහ වූහ. පුත් අසාද් රාඕ ඛාන් 2011 දී ඉපදුණේය.
කිරාන් සමග පැවතියේ අමීර් කාන්ගේ දෙවන විවාහය වූ අතර මීට පෙර 1986 රීනා දත්තා සමඟ විවාහ වූ නමුත් 2002 දී විවාහ වී වසර 16 කට පසු දික්කසාද විය. රීනා දත්තා සමඟ පළමු විවාහයෙන් ඔහුට පුතෙකු හා දියණියක සිටී.
0 Comments