ළමා අපයෝජනයට ලක්වූවන්ගේ සාක්ෂි වාර්තා කිරීම සඳහා පළාත් මට්ටමින් වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකක නවයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලය කැමැත්ත පළ කර ඇති බව සම-කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.


ඒ අනුව ශාරීරිකව අධිකරණයේ පෙනී නොසිට ස්කයිප් මෘදුකාංගය ඔස්සේ අනන්‍යතාව අර්බුදයකට ලක් නොකරගෙන සාක්ෂි සැපයීමට අවස්ථාව සැලසේ.
විවිධ අපයෝජනයන්ට ලක්ව ඇති සහ එවැනි සිදුවීම් සම්බන්ධයෙන් භාවිතා කර ඇති දරුවන් විසින් ලබා දී ඇති සාක්ෂි අධිකරණ ක්‍රියාවලියේදී වැදගත් වේ. එවැනි වින්දිත දරුවන්ට උසාවිය ඉදිරියේ සාක්ෂි ඉදිරිපත් කිරීමේදී විවිධ අපහසුතාවන්ට මුහුණ දීමට සිදුව ඇති හෙයින්, 1999 අංක 32 දරණ සාක්ෂි (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධානවලට යටත්ව මෙම සාක්ෂි වීඩියෝ පටිගත කිරීම් ලෙස ගෙනයාමට ශ්‍රී ලංකා නීති පද්ධතියට විධිවිධාන සලසා ඇත.

ඒ අනුව, සාක්ෂි වීඩියෝ පටිගත කිරීමේ ඒකකයක් 2001 දී පිහිටුවන ලදී
සාක්ෂි ලබාගෙන ඇත්තේ දැනට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය තුළ කොළඹ පමණි.