
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ද කොවිඩ් මර්දන එන්නත ඊයේ (14) ලබාගෙන ඇත. ඔහු එම එන්නත ලබාගෙන ඇත්තේ කොළඹ බෞද්ධාලෝක මාවතේ ශාන්ති පදනම විහාරස්ථානයේ එන්නත්කරණ මධ්‍යස්ථානයේදීය. මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇති ජවිපෙ නායකයා “පුරවැසියකු ලෙස මා හට හිමි කොවිඩ්ච් එන්නත ලබා ගතිමි." යනුවෙන් සඳහන් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සහ යුද හමුදා රෝහලේදී කොවිඩ් මර්දන එන්නත පසුගිය දිනවල ලබා ගත්හ. එහෙත්, අනුර දිසානායක මහතා ඒ ස්ථානවලින් එන්නත් ලබා නොගතේය . මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් මේ වනවිට කොවිඩ් මර්දන එන්නත ලබාගෙන ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval