arjuna-speaks

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා වත්මන් ක්‍රිකට් පරිහානිය ගැන මාධ්‍ය ඉදිරියේ දක්වා තිබෙන අදහස් පහත පරිදිය.

ක්‍රිකට් ක්‍රීඩාව කියන දේ ගැන කතා කරනවා නම් ඉතාමත් අවමානයට ලක් වෙච්ච කාලයක් බවට පත්වුනා. මම පොඩ්ඩක් ඉතිහාසයට ගියොත් කෝප් වාර්තා වල පාර්ලිමේන්තුව තියෙන කෝප් වාර්තා වල මේ රටේ ක්‍රිකට් පරිපාලනයේ තිබ්බ දූෂිතකම ගැන කරපු හොරකම් ගැන සෑහෙන වාර්තා වුණා. ඒ වගේම තමයි තරඟ පැරදිම ගැනත් හැමදෙනාම කතා කරන්න පටන් ගත්තා. ඒ වගේම ක්‍රීඩකයන්ගේ විනය ගැන පහුගිය කාලේ කතා කළා. මේ සියල්ලම මම අවුරුදු ගානක් තිස්සේ කියපු දේවල් අද වෙනකොට එව්ව හොඳට එළියට ඇවිල්ල තියෙනවා. මං මීට වඩා දරුණු දෙයක් ගැන මේ රටේ ඉන්න අයට කියන්නේ අද කවුරුත්ට පෙන්නන්නෙත් නැතුව හංගලා කරන දෙයක් ගැන මම කතා කරන්න හිතුවා. මම දැක්කා ඊයේ ඉන්දියාවේ කණ්ඩායම එනවා.

මම කියන්නේ නෑ ඒක ඉන්දියාවේ පළවෙනි කණ්ඩායම කියලා. අද ලංකාවේ ක්‍රිකට් පරිපාලනය සහ ක්‍රීඩා ඇමැතිවරයා ඉන්දියාවේ ඉන්න දෙවැනි කණ්ඩායමත් එක්ක ක්‍රීඩා කරන්න අපේ කණ්ඩායම අනුමැතිය දීලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ ප්‍රධාන රටවල් අපි ක්‍රිකට් තත්ත්වය අපේ පහළ බැහැලා තියෙනවා. නමුත් අපේ අනන්‍යතාවයක් තියෙනවා. අපිට ගෞරවයක් තියෙනවා. අපිට ඉන්දියාවේ දෙවැනි කණ්ඩායම මේ රටට එනකොට අඩුම ගානේ ඒක නවත්වන්න තිබුණා.මේ  television ගණුෙදනු වල මුදල් ඉපැයීම තමයි ක්‍රිකට් පරිපාලනයට ඕන වෙලා තියෙන්නෙ. අද ක්‍රීඩා ඇමතිවරයාටත් මම හිතන්නේ ඒක වෙන්න ඇති ඕන වෙලා තියෙන්නෙ. එහෙම නැත්නම් දැනුම තියෙන ක්‍රීඩා ඇමතිවර හිටියා නම් මේ වගේ තත්ත්වයක් වුනානම් දැනුම තියන පරිපාලනයක් තිබුන නම් කවදාවත් මේ වගේ කණ්ඩායමක් ලංකාවට ගේන්නේ නෑ.. මේක අපිට කරන ලොකුම අගෞරවයක්.


අපේ කණ්ඩායමේ භාගයක් නැතුව ඉන්දියාවට යන්න කියන්න, එංගලන්තයට යන්න කියන්න ඒගොල්ලො බාරගන්නෙ නෑ. 

මෙන්න මේක තමයි මේ පරිපාලනය තියෙන දුර්වලකම හින්දා තමයි  විනය නැතිවෙලා තියෙන්නේ. දූෂිත වැඩි වෙලා තියෙන්නෙ. මේ ක්‍රමය එන්න එන්න වැඩි වෙනවා. මම ඉතාමත්ම කනගාටුවෙනවා දුක් වෙනවා අපි මෙච්චර ගොඩනඟපු ක්‍රිකට් ක්‍රීඩාව පරිස්සම් කරන්න කියලා ඡන්දෙන් පත් වෙන මේ පුද්ගලයන්ට රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනන්‍යතාවය ගැන වැඩක් නැහැ. ආදරයක් නැහැ .ඒගොල්ලන්ට ඕන මුදල් හම්බ කිරීම පමණයි. ඒක ඔප්පු වෙලා තියෙනවා. රට අද යන්නේ කොහෙද ක්‍රීඩාවත් යන්නේ අද එතැනට. අද රට දුර්වලතා වලට පත් වෙලා අපි කියනවා රට fail කියලා. ක්‍රීඩාව හුඟාක් දුරට fail. එතකොට මේ ක්‍රීඩා ඇමතිවරයාත් fail   .ක්‍රිකට් පරිපාලනයත්  fail .ඉතිං අඩුම ගානේ ම අනිත් ප්‍රශ්න ගැන අපි පැත්තකට දාමු. මං මේ කතා කරපු දේ අද එක්කෙනෙක්වත් කතා කරල නෑ. ක්‍රිකට් පරිපාලනය කතා කරලා නෑ, කිසිම කමිටුවකින් කතා කරලා නෑ, උපදේශකවරු කතා කරන්නේ නෑ .මට ඊයෙ තමයි මම තේරුම් ගත්තෙ ඉන්දියාව කණ්ඩායමේ නම් ටික දැක්කහම. එංගලන්ත ඉන්නවා හොඳම කණ්ඩායම එංගලන්තේ ඒක්ක ක්‍රීඩා කරනවා. එතකොට ඉන්දියාව පළවෙනි කණ්ඩායම් වෙලා එංගලන්තෙ test match ගහනවා. මෙහෙට දෙවැනි කණ්ඩායම ඇවිල්ලා අපිට විස්සයි විස්සයි එක්දින තරඟ ක්‍රීඩා කරන්න හදනවා. මේකේ බැරෑරුම් තත්ත්වය මොකද දන්නවද අපේ ක්‍රීඩකයෝ මානසිකව වැටිලා ඉන්නේ. අපේ තත්ත්වය බැහැල තියෙන්නෙ. මේ ඉන්දියාවේ දෙවැනි කණ්ඩායම ඇවිල්ලා අපිට ගහලා ගියොත් අපි පැරදුනොත් අපේ අනන්‍යතාවය විතරක් නෙමේ අපේ මානසිකත්වයත් ඉතාමත් පල්ලෙහාට යනවා. ඉතින් මේක තේරුම් ගන්න බැරි පරිපාලනයක් සහ ක්‍රීඩා අමාත්‍යාංශයක් ඇමතිවරයෙක් නම් ඉන්නෙ මෙතනින් එහාට මේ ප්‍රේක්ෂකයෝ ක්‍රිකට් ගැන කතා කරන්න එක නවත්තන් එක හොඳයි .ක්‍රිකට් බලන්න එක නවත්තන එක හොඳයි .මොකද මේ පුද්ගලයන් ක්‍රිකට් වලට නෙමෙයි ආදරේ ක්‍රීඩාවට නෙමෙයි ආදරේ සල්ලි කොහොමද හම්බ කරන්නෙ අන්න ඒක තමා  ඕනේ වෙලා තියෙන්නෙ.

දැන් එංගලන්ත කණ්ඩායම ඉන්දියාවේ හොඳම කණ්ඩායම එංගලන්තයේ ඉන්නේ. නමුත් දැන් ලංකාවේ දෙවන පෙළ  . යම්කිසි විදියකින් මේ තරඟය පරාජයට පත් වුණොත් එක් අපේ කණ්ඩායමේ මානසිකත්වයට කොහොමද බලපාන්නේ?

මම ඒක තමයි කිව්වේ දැන් බලන්න ඉන්දියාවේ මේ ඉන්න ක්‍රීඩකයෝ අයිපීඑල් එකේ හොඳටම ක්‍රීඩා කරපු කණ්ඩායමක් ඒ හොඳ කට්ටියක්. ඒගොල්ලොන්ට පළවෙනි කණ්ඩායමට යන්න බැහැ. ඉතිං ඒගොල්ලොන්ගෙ හොඳම ක්‍රීඩකයෝ එංගලන්තයේ යැව්වා.දෙවන පෙළ ඒවනවා මෙහෙට ක්‍රීඩා කරන්න. එතකොට අපේ පරිපාලනයට කතා කරල කියන්න ඕනේ මේවා සාකච්ඡා මාර්ගයෙන් කරන එකක්. ඉන්දියාව තරහ කර ගන්න ඕනෙ නෑ. ඉන්දියාවට කිව්ව නම් ඒ වගේ කණ්ඩායමක් එක්ක අපේ ක්‍රීඩා කිරීමෙන් අපිට ලොකු වරදක් වෙනම කියලා අනිවාර්යෙන්ම අපිට නවත්ත ගන්න තිබ්බා. ඉතින් මට මේකේ දකින දේ තමයි මේගොල්ලන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ ක්‍රිකට් නෙමෙයි, ඒගොල්ලන්ට ඕන සල්ලි කොහොමද හොයන්නේ. අම්මා තාත්තා මරලා හරි සල්ලි හම්බ කරන ක්‍රිකට් පරිපාලනයක් අද තියෙන්නේ. නැත්නම් කවදාවත් හොඳ ක්‍රිකට් පරිපාලනයක් අද තිබුන නම් කවදාවත් මේ වගේ ඉන්දියාවේ දෙවැනි කණ්ඩායමක් එනකොට ඒකට එකඟ වෙන්නේ නෑ. මොලේ තියෙන දක්ෂ ක්‍රීඩා ඇමතිවරයෙක් හිටිය නම් අඩුම තරමේ ක්‍රීඩා ඇමතිවරයාටවත් මේක පෙනුනේ නැත්නම් දැන්වත් කතා කරලා පෙන්නන්න පුළුවන් ඇයි මේ වගෙ දෙයක් උනේ කියලා. මම හිතන්නේ ක්‍රීඩා ඇමැතිවරයාටත් ක්‍රිකට් පරිපාලනයේ තියෙන වැරදි කරන කතා කරන්න අවශ්‍යතාවයක් නැත්නම් මේ කෝප් වාර්තා වල තියෙන දේවල් පරීක්ෂණ කරන්න ඕන නැත්නම්. ක්‍රිකට් ක්‍රිඩකයන්ගෙ විනය ගැන පරීක්ෂණ කරනවා දඩුවම් දෙනවා කියනවා. හැබැයි පරිපාලනයට  කිසිම දඬුවමක් දෙන්නේ නෑ.. මම ලියුම් කීයක් යැව්වද ? ඒල්පීඒල් තරගාවලියේ audit එකක් කරන්න කිව්වා. අද වෙනකම් audit එකක් නෑ. මොකද මෙව්වා ඉන්නේ ඔක්කොම ඒගොල්ලොන්ගෙ ගජමිතුරු ඉන්නේ. ඉතින් මේ තත්ත්වය වෙනස් කරන්න මම හිතන්නේ අපිට රටම වෙනස් කරන්න ඕන තත්ත්වයක් එයි. එක ඉදිරියට එයි.

මේ කියන්නේ විශේෂයෙන්ම ආණ්ඩුවත් fail කියනවා වගේ ක්‍රිකටුත්  fail කියලා අදහසක් ද ඔබ කියන්නේ?

ඔව් මම කියන්නේ මම දේශපාලනය ගැන කතා කරන්නෙ නැ. මොකද මම දේශපාලනයෙන් ටිකක් පැත්තකට වෙලා ඉන්නෙ. හැබැයි මම එකක් හිතා ගත්තා මං මේ බැලුව පහුගිය කාලේ වෙච්ච දේවල් රටේ. ඇත්තටම මේ රට අපේ දුර්වල තත්ත්වයකට යන්නේ. අපි fail තමා. ක්‍රිකට් ක්‍රීඩාව fail කියන්නේ ක්‍රීඩකයෝ විතරක් නෙමෙයි ,පරිපාලනයත් fail .හැබැයි කතා කරන පුද්ගලයෙක් එකෙක්වත් මෙතනට ඇවිල්ල වැඩ බාර ගන්නෙත් නෑ .ඔක්කොම කතාවෙන් විතරයි වැඩ කරන්න හදන්නේ. ඉතිං ක්‍රීඩා ඇමැතිවරයාත් ෆෙල් රටත් ෆෙල්  ක්‍රීඩාවත් ෆෙල්.


විනය සම්බන්ධයෙන් ලොකු සාකච්ඡාවක් කණ්ඩායමේ සාකච්ඡා වෙනවා. ඔබතුමාගේ කාලේ සහ මේ කාලේ අතර විනයේ සම්බන්ධව වෙනසක් තියෙනවාද ?කොහොමද ඒක දකින්නේ?

මෙහෙමයි අපේ කාලේ ක්‍රීඩකයන්ට තිබුණු ලොකුම දේ තමයි තරග ජයග්‍රහණය කරන එක. මගේ කණ්ඩායමේ හිටියේ නෑ තමන්ට ගහ ගත්ත ක්‍රීඩකයෝ. තමන්ට නෙමේ රටට ගහපු ක්‍රීඩකයා ටිකක් හිටියේ .ඉතින් ඒකයි මට මේ නායකත්වයක් දෙන්න පුළුවන් වුණේ ලෝක කුසලානයක් දිනා ගන්න. හැබැයි අද ක්‍රීඩා කරන පහුගිය කාලවල ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ හුගදෙනෙක් කළේ තමන්ගේ වාර්තාවක් ගැහුවා කණ්ඩායම් හැදුවේ නෑ .තරුණ පෙළක් හැදුවේ නෑ. ඒ ප්‍රතිඵල අපි විදිනවා. හැබැයි අවාසනාවකට වගේ දැන් ඉන්න ක්‍රීඩකයන්ගේ විනය දිහා බැලුවාම අපිට එක කාලයක් තිබුණා තරග පැරදුනාම එලියට යන්න ලැජ්ජයි. එංගලන්තයේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ට මූණදෙන්න ලෑජ්ජයි. මොකද අපි හිතනවාම අපි ඒගොල්ලන්ව මානසිකත්වය ඒගොල්ලොන්ගෙ වැට්ටුවා කියලා. අපි ඒගොල්ලෝන්ව ලැජ්ජ කරා කියලා. අද එහෙම දෙයක් නැහැ .මේ ක්‍රීඩකයන් පලවෙනි පාර නෙමේ මේ තත්වෙට ඇවිල්ල තියෙන්නේ. මම දන්නවා මේ සමහර ක්‍රිකට් පරිපාලන පුද්ගලයොත් ඒගොල්ලොන්ගෙ ක්‍රීඩා සමාජ වල ඉන්න ක්‍රීඩකයන්ව තහනම් කරලා අඩු කාලෙකින් ඒගොල්ලො ම නැවත වරක් ක්‍රීඩා කරන්න ගන්නවා.

ඒක ලංකා ආරක්ෂා කරනවා. දුර්වල වන ක්‍රීඩකයන්ට තමන්ගේ ක්‍රීඩා සමාජයෙන් නම් ඒගොල්ලොත් කොහොමහරි කණ්ඩායමට ගස්සනවා. මේවායින් තමයි අපිට වැරදුනේ. හැම ක්‍රීඩ කෑම බැලුවා කෙටි පාරේ කොහොමද ජාතික කණ්ඩායමට යන්නේ. ඉස්සර ජාතික කණ්ඩායමට එනකොට දක්ෂකම් ඇති කරලා තරග වල ලකුණු අරගෙන කඩුලු අරගෙන එන්න ඕනේ. අද එහෙම නෑ. අද ක්‍රීඩා සමාජයේ ඉන්න සභාපතිවරයා වෙන්න පුළුවන් උපසභාපතිවරයා වෙන්න පුළුවන් ලේකම්වරයාගේ වෙන්න පුළුවන් ඒගොල්ලොන්ගෙ ක්‍රීඩා සමාජයේ ආපුහාම ඒක තමයි තියෙන ප්‍රධානම qualification එක ක්‍රිකට් ටීම් එකට එන්න.



ඉතින් මේ තත්ත්වයක් යටතේ කවදාවත් ක්‍රිකට් හදන්න හම්බ වෙන්නේ නෑ. මම අදත් කියනවා දැනටත් පරක්කු නෑ. ඉක්මනින්ම අතුරු පාලක මණ්ඩලයක් දැම්මේ නැත්නම් මේ ක්‍රිකට් ක්‍රීඩාව නම් ගෙනියන්න හම්බ වෙන්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදය කිය කිය ඉන්න ක්‍රීඩා ඇමැතිතුමා. ඔතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවා මේ යන විදිහට .මොකද ඔබතුමා අද ෆේල් වෙලා තියෙන්නෙ. තව ටිකක් යනකොට ඔබතුමාත් ඉතාමත්ම නරක තත්ත්වයකට ෆේල් වෙනවා.ඒකෙ වගකීම ඔබතුමා අනිවාරෙන් ගන්න ඕන. මං මෙච්චර කල් මේවා ගැන කතා කළේ නෑ. අද ඉතාමත් කණගාටුවෙන් දුකින් කතා කරන්නේ. ඉන්දියාවේ දෙවන පෙළ කණ්ඩායම එනකොට අපේ පරිපාලනය කරන මිනිස්සු කතා කරන්නෙත් නෑ. ක්‍රීඩා ඇමැතිවරයා කට පියාගෙන ඉන්නවා මුදල මූලික කරගෙන. එතකොට මේ ක්‍රීඩකයන්ට විතරක් බනින්න හදන්න එපා මුදලට ගහනවා කියලා. මම දැක්කා පහුගිය කාලේ ක්‍රීඩකයන්ගේ මුදල් ගැන කතා කරනවා. පරිපාලනයත් කරන්නේ මුදල් වලට විතරයි. ඉතින් මේ වගේ තත්ත්වයත් එක්ක ක්‍රීඩා ඇමතිවරයාට වත් අඩුම තරමේ කෙලින් කතා කරලා මේවා නවත්තන්න බැරිනම් හොඳම වැඩේ වෙන කාට හරි ඕක බාර දෙන්න ඕනේ.



ඔබතුමා නායකයා වුනානම් නායකයා වෙලා හිටපු කාලේ මේ දේ වුනා නම් ඔවුන්ට සිදුවෙන දේ හිතාගන්නවත් බෑ කියලා. ඇත්තටම ඔබතුමා නායකයා වෙලා ඉන්න කාලේ ක්‍රිකට් නායකයා වෙලා ඉන්න කාලේ මේ සිදුවීම වුනා නම් මොකද්ද ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය?

මගේ කාලේ මේ වගේ ක්‍රීඩකයන්ට ඔය වගේ අයාලේ යන්න දෙන්නෙ නෑ. ඔය වගේ ප්‍රශ්න එන්නෙත් නෑ. ක්‍රීඩකයන්ගේ විනය මීට වඩා හදනවා. ඒ වාගේම ක්‍රීඩකයන් ඔය මාධ්‍යයත් එක්ක ඔය සෝෂල් මීඩියා එක්කනේ ක්‍රීඩා කරන්න මම දෙන්නේ නැහැ. මේකේ දරුණු ම තත්වය ඒගොල්ලොන්ගෙ ෆේස්බුක් එක ආයෙ insragram මේවා ඒගොල්ලො කරන්නේ. ක්‍රිකට් ගහන්නේ නෑ .අනිත් හැම දේම කරනවා.මොකද්ද පරිපාලනය කරලා තියෙන කට පියාගෙන ඉන්නවා. මොකද පරිපාලනයට ඕන ජනප්‍රිය වෙන්න. මගේ කාලේ මේ වගේ ක්‍රීඩකයෝ හිටියනං අද වෙනකොට ඔය ක්‍රීඩකයෝ තුන්දෙනාම දක්ෂම ක්‍රීඩකයා බවට පත්වෙනවා. ඒ වගේම සමහර වෙලාවට කණේ පාරවල් දෙක තුනකුත් වදින්න පුළුවන්. හැබැයි මගේ කණ්ඩායමේ හිටපු අයටත් මම කනේ පාරක් දෙකක් තුනක් ගහලා ඇති. හැබැයි ඒ ගොල්ලෝ අදත් ඒ ගැන කතා කරන්නේ ආදරෙන්. මොකද අද මේ තත්වෙට පත් වෙන ප්‍රධාන හේතුව අපි කල්පනා කරන්න ගෙදරක තාත්තා අම්මා වැරදි දේ කරනවා නම් කොහොමද අපි ක්‍රීඩකයන්ට කියන්නේ හරි දේ කරන්නේ කියලා. අපේ පරිපාලන තියෙන දුර්වලතාවයන් ඔක්කොම බලාගෙන ක්‍රීඩකයෝ හිනාවෙවී ඒගොල්ලොන්ට ඕන දේ කරනවා. ක්‍රිකට් පරිපාලනයට මොකද ක්‍රීඩකයන්ට දඩුවම් කරන්න බැහැ. ඒ ගොල්ලො ඉස්සෙල්ලා ඒගොල්ලන්ට දඩුවම් කරන් ඉන්න ඕනේ. ඉතින් මේ පරිපාලනය ගැන මම හිතන්නේ දෙදාහෙ ඉඳලා කතා කරනවා. මම කිව්ව මේ තත්වෙට යනවා. මම ඉස්සරහට කියනවා අනිත් අනාවැකියත් මම කියනවා ඊළඟ over පනහේ තරගාවලියට අපි යනකොට qualification තරගාවලියට ගහන්න වෙනවා 2020 වගේ. ඒ තත්වෙට තමයි යන්නේ .පිටරට පුහුණුකාරයෝ ගෙනල්ලා තියෙනවා. මොනවද වෙලා තියෙන්නෙ ඇයි මේ අපේ ළමයි නැද්ද අපේ හොඳ ක්‍රීඩකයෝ පරණ ක්‍රීඩකයෝ නැද්ද. ඔය ඉන්නවා  කීදෙනෙක් ඉන්නවාද මේ රටේ පුහුණුකම් වලට කරන .දැන් චමින්ද වාස් ගියා එංගලන්තයට.වේගපන්දු යවන්නන්ගේ ලොකු වෙනසක් අපිට පේනවා. ඇයි එතකොට චමින්ද වාස්ව පහුගිය කාලේ කොච්චර නරක විදියට ද පරිපාලනය සැලකුවේ. ඇමැතිවරයා කොයි විදියටද සැලකුවේ. අද බලන්න කොච්චර දක්ෂ පුහුණුකරුවෙක් ද. ඒ වගේම අපේ කොච්චර හොඳ පුහුණුකරුවෝ මේ රටේ හිටියද. අද අපට පිටරටින් ගේන ඕන කුණුගොඩක් වැඳලා ගෙනල්ලා ඒගොල්ලො සල්ලි ටිකත් අරගෙන ඒ ගොල්ලෝ යනවා. අපිට හම්බ කරගන්න දේකුත් නෑ. අපේ ක්‍රිකට් වලට හම්බ වෙන්න දේකුත් නෑ .ක්‍රීඩකයන්ට හම්බවෙන්නෙත් නෑ .අපේ හොඳම ටික මොකද වෙන්නේ පිට රටවල් වලට යනවා.


මම දැක්කා දැන් ඊයේ පෙරේරා රංගන හේරත් යනවා බංගලාදේශයට. එතකොට අපේ අනිත් හුඟක් අය ඉන්නවා ඒළියට. හොඳට කල්පනා කරන්න පුළුවන් අය ඉන්නවා. ගුරුසිංහ වගේ අයව එළවලා දැම්මා. සනත් ජයසූරිය හිටිය තේරීම් කමිටුවේ අයින් කරලා. මොකද කෙලින් වැඩ කරන්න ඕනේ. ඒගොල්ලන්ට ඕන ඒගොල්ලොන්ට කණ්ඩායම ගස්සන්න ඒගොල්ලොන්ගෙ යාලුවෝ ගස්සන්න. එහෙම නැත්නම් තව කවුරු හරි කිව්වොත් එක ගස්සන්න. දැන් මෙ ක්‍රිකට් ගිහිල්ලා තියෙන්නෙ මේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට විතරක් බනින්න එපා. මං ප්‍රේක්ෂකයින්ට කියනවා ක්‍රිකට් ක්‍රීඩකයන්ට විතරක් බනින්නෙපා. ක්‍රිකට් ක්‍රීඩකයන් වරදිනකොට අපි බයිනවා. අපි හදාගන්න බලමු. මොකද අපේ රටේ ක්‍රිකට් ටැලන්ට් එක තියෙන්නෙ හරි අතළොස්සකට. අපි ඒ අතලොස්සක් පරිස්සං කරන්න ඕනේ. මේයලා හරි මග යවන්න ඕනේ. අද බොරුවට මාධ්‍යයට එක එක ඒවා කියනවා business class එවන්නේ නැතුව economic class යැව්වා කියලා .මොකක්ද එකේ තියෙන ලොකුකම. එහෙම නෙමෙයි දඩුවම් දෙන්නේ . ඉස්සෙල්ල දරුවෝ ඒ ළමයිව වැරදි කරේ කවුද ක්‍රිකට් පරිපාලනය. ඔය එක ළමයෙක් එක්ක වැරැද්දක් කරලා මාස තුනකින් ඒ වැරැද්ද නිවැරදි කළා. තව ළමයෙක් ලොකු වරදක් කළා. ඒ ළමයට කවුන්සලින් යන්න කිව්වා මම දන්න හැටියට .ඒවා එකක්වත් කරේ නෑ. මොකද තමන්ගේ ක්‍රීඩා සමාජයේ අයව ඕන වරදක් කලත් තමන්ගෙ කණ්ඩායම ඉන්නවා. මෙන්න මේ තත්ත්වය තමයි අද අපිට විනාසෙට පත්වෙලා තියෙන්නෙ.


ඉතිං ප්‍රේක්ෂකයා කලබල වෙන්න එපා. මෙතන මේ ගහක අත්තක් නෙමෙයි මේ බිම වැටිල තියෙන්නෙ. මේ ගහම වැනසිලා තියෙන්නෙ. ගහටම බැක්ටීරියාවක් ගිහිල්ලා තියෙන්නෙ. ගහම ගලවන්න ඕන. මම ඒකයි නැවත වරක් කියනවා ඔය හැම දෙනාම කතා කරන ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න යන්න එපා. ක්‍රීඩාව හදන්න මේ ක්‍රිකට් පරිපාලනය වෙනස් කරන්න අතුරු පාලක මණ්ඩලයක් පත් කරන්න කරල ව්‍යවස්ථාව වෙනස් කරන්න ඡන්ද ප්‍රමාණය අඩු කරන්න අපි මේවා කියලා තියෙනවා එන එන ක්‍රීඩක ඇමැතිවරයාන්ට. හැබැයි අවාසනාවකට වගේ මේ ක්‍රිකට් පරිපාලනයේ ඉන්න හැමදාම ඉන්න මිනිස්සු ටික එන ඕනම ක්‍රීඩා ඇමැතිවරයෙක්ව අල්ල ගන්නවා. අල්ල ගන්නේ කොහොමද මොනවද කරන්නේ කියලා නම් මට කියන්න බෑ .හැබැයි ඒක තමයි ඇත්ත තත්ත්වය. අපි බලාපොරොත්තු වෙනවා මේ අලුත් ක්‍රීඩක ඇමතිවරයාත් ලොකු වෙනසක් කරන්න හදනවා කියලා. ඒයත් පහුගිය කාල වල ක්‍රීඩා ඇමතිවරුන්ට වඩා නරක වෙලා තියෙනවා. මම නම් කියන්නේ නාමල් රාජපක්ෂ ඇමතිතුමා අද fail කියන එක. ක්‍රිකට් ක්‍රීඩාවෙන් fail .අනිත් ක්‍රීඩා වලිනුත් fail කියන එක මම කියන්න යන්නෙ නෑ දැන්මම. ඒක මං පස්සේ කියන්නම් .නමුත් ක්‍රිකට් ක්‍රීඩාව එතුමා කරලා තියෙන්නේ යහපතක් නෙමෙයි.මම එක දෙයක් දන්නවා ඔබතුමා ඇහුව ප්‍රශ්නයක් මම හිටියා නම් මට කවදාවත් ක්‍රිකට් ක්‍රීඩාවට මේ ආණ්ඩුව ඉන්නකං ඉන්න දෙන්නේ නෑ.


මොකද ඒගොල්ලෝ දන්නවා මම ආවොත් ක්‍රිකට් ක්‍රීඩාව හදනවා කියලා. මේගොල්ලන්ට ක්‍රිකට් ක්‍රීඩාව හදන්න කිසිම උවමනාවක් නෑ.  ඒයාලාට වෙන වෙන ක්‍රීඩා වල් තියෙනවා  හදන්න. ඒගොල්ලොන්ගෙ ඔළුවේ තියෙන වෙන ක්‍රීඩාවක් හදන්න. මම දැක්කා පහුගිය කාලේ වෙච්ච දේවල්. මේවා හරි වෙලාවට කියන්නම් පෞද්ගලිකත්වයෙන් කතා කරනව නෙමේ. ක්‍රිකට් ක්‍රීඩාව හදන්න ඕනි ඇමතිවරයෙක් නෙමේ ඇවිල්ලා ඉන්නේ. එක එක දක්ෂ ළමයි දාලා තියෙනවා aravinda de silva ම දාලා තියන හොඳයි. අපි එහෙම නෑ කියන්නේ නෑ. සංගක්කාර  ඉන්නවා ,මහේල ජයවර්ධන ඉන්නවා මුරලා ඉන්නවා ඔක්කොම හොඳයි. හැබැයි කවුද මේවට වගකීම් ගන්නේ. ක්‍රීඩා ඇමැතිවරයා කියනවා මම technical committee ඒකක් දාලා තියෙනවලු. තේරුම් කමිටුව කියනවා මම තෝරන්නෙ technical committee එක කියන විදියට කියලා. එතකොට කවුද මේකෙ අන්තිම වගකීම ගන්න පුද්ගලයා වගකීම් ගන්න පුද්ගලයෙක් නෑ. අද ක්‍රිකට් ක්‍රීඩාව එතකොට ක්‍රිකට් පරිපාලන ආපුවාම කියනවා නෑ technical committee එකෙන් ලූ දුවන්නෙ. එතකොට ක්‍රිකට් පරිපාලනය මොකද .ඇමතිවරයෙකුත් ඔන නැහැ. අන්තිමට බලපුවාම නිකන් ඉන්න පාරේ ඉන්න අයට දුන්න නම් මේ ක්‍රිකට් ක්‍රීඩාව මීට වඩා හොඳට දුවයි. මේ අපේ ඉන්න හොඳ පුහුණුකරුවෝ ඉන්නවා ඕන තරම් කරයි. මේ සුද්දන්ට පිටරට සුද්දන්ව ගෙනල්ලා මම දැක්කා tom moody මහත්තයව ගෙනල්ලා තියෙනවා. දැන් ඒ මහතාත් මාසයත් ඉන්නවා එංගලන්ත ගිහිල්ලා. එයාව ගෙනල්ලා තියෙන්නේ මෙහෙන් structure එකට හදන්න මේ ක්‍රිකට් වෙනස් කරන්න කියලා. එයා ගිහිල්ලා මැච් බලන්න නෙමෙයි තිබ්බේ එයා මෙහේ ඉඳලා මේවට වැඩ කරන්න තිබ්බා .ඉතින් කවුද මේවට මේගොල්ලෝ ම යවන්නේ කවුද .මේවට මූලික වෙන්නෙ කවුද. මේකට මුදල් දෙන්නේ .මේ ක්‍රිකට් පරිපාලනය මුදල්. ඒගොල්ලො ජනප්‍රිය වෙන්න ඕනම දෙයක් කරලා අන්තිම ඇඟිල්ල දික්කරන්නේ ක්‍රීඩකයන්ට විතරයි.



අද මොන මනසකින් ද මේ අපේ ක්‍රීඩකයෝ ටික ක්‍රීඩා කරන්නේ. අපි මේ ක්‍රීඩකයෝ තුන්දෙනා වැරදි කරපු එක පැත්තකට තියමු. අපි අනිත් ක්‍රීඩකයෝ ගැන හිතන්නෙ නැත්තෙ ඇයි. අද අර ක්‍රීඩකයෝ එකොළොස් දෙනෙක් ක්‍රීඩාංගණයට බහින්න ඕන. මොන මානසිකත්වයකින් ද බහින්නේ. ඒගොල්ලො දන්නවනේ දැන් මෙහෙට ආවට පස්සෙ ඉන්දියාවේ දෙවැනි පෙළ ටීම් එක එවලා තියනවා. දැන් මේ ළමයි ඇවිල්ලා ආපහු මේ ගොල්ලොත් එක්ක ගහන්න ඕනේ. මොන ඔලුවකින්ද ගහන්නේ. මනස නිරවුල් කරන්නෙ නැතුව ක්‍රීඩාවක් කරන්න බැහැ.මම ක්‍රීඩා කරපු හින්ද එක දන්නවා. ක්‍රීඩා කරපු අයටත් ඒක තේරෙන් නෑ. මොකද මේ ළමයි ගේ මනස අර ක්‍රීඩාංගණයට යනකොට යන්නේ බයෙන්, ලැජ්ජාවකින් යන්නේ. ඒකට මූලික හේතුව මේ පරිපාලනය .ඉතින් මේක වෙනස් කරන්නෙ නෑ මේ ආණ්ඩුව. මම දන්නේ නෑ මෙ ඇමැතිවරයා වෙනස් කරන්නෙත් නෑ. අපි යෝජනා දීලා තියෙනවා. මම ඉදිරි කාලයේ දී කියන්නම් ගැසට් මගින් ගැසට් දින පහු කරලා ගහලා මෙ ඉන්න පරිපාලනයට එන දුන්න ඒවාත් මම පස්සට කියනවා.

මොකද එව්වයින් තමයි මේ ක්‍රිකට් විනාසය පටන් ගත්තේ. එහෙම නැත්නම් අද වෙනකොට මේ ක්‍රිකට් ටික හදන්න තිබ්බා. අද අන්තිම තැනකට ගිහිල්ලා තියෙනවා.



මම බලාපොරොත්තු වෙනවා උසාවිය නඩුවක් දාලා තියනවා මේ රටේ ඉන්න  ක්‍රිකට් ප්‍රවීණයන්. මම කතා කරන්නේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ හිටපු හොඳම වැදගත් ප්‍රවීණයන් වගයක් එක්කහු වෙලා වගේ නඩුවක් දාලා තියනවා. මම හිතන්නේ එතැන විතරයි අපිට තියන එකම නිදහස කියන එක. එකම බලාපොරොත්තුව මටනම් තියෙන්නෙ එතැන විතරයි. ඉන්දියාවේතේ සිද්ධිය වුණා. ඉන්දියාවේ ක්‍රිකට් පරිපාලනයට තහනම් කරලා කමිටුවක් දාලා අද කොහෙද ඉන්දියාවේ ඉන්නේ. මේ මේ අද ඉන්න බුකි කාරයෝ හරි ,සුදු කාරයෝ හරි නෙමෙයි දුවන්නෙ. අද දුවන්නේ ගංගුලිලා ඉන්දියාවේ ක්‍රිකට්. අද ඉන්දියාව ක්‍රිකට් කොයි තත්වෙකට අවිල්ල තියෙන්නේ. අපේ කවුද ඉන්නේ .මොනවද ගහලා තියෙන ක්‍රිකට් .ක්‍රිකට්වලට ආදරයක් තියෙනවද .තමන්ට ඡන්දේ දෙන මිනිස්සුන්ව තමයි මේ හැම තත්වෙටම යවන්නේ. රට යවන්නෙත් ඒගොල්ලන්ව. ඉතින් කොහොමද ක්‍රිකට් හදන්නේ. ප්‍රේක්ෂකයෝ පටන් ගන්න ක්‍රීඩකයන්ට කියනවා වගේම මේ පරිපාලනයට කෑගහන්න ,ඇමතිවරයාට කෑගහන්න. ඒගොල්ලොන්ට බනින්න ඕන. මොකද මේ වරද උදව් කරන්නේ ඒගොල්ලො. ක්‍රීඩකයෝත් වැරදි. මම කියන්නේ නැ ක්‍රීඩකයෝ හරි කියලා. නමුත් මේ ක්‍රීඩකයෝ තුන් දෙනෙක් කරපු එකට අද ක්‍රීඩකයෝ කීදෙනෙක් බැනුම් අහනව ද. අහිංසක ක්‍රීඩකයන්,

ටික පරණ ක්‍රීඩකයෝ ටික .ඉතින් මෙව්වා මම දකිනවා මේ ලොකු අච්චාරුවක් මේක.  අපේ පරණ ක්‍රීඩකයන්ව පැත්තකට දාල තියෙනවා. මම දැක්ක ගිවිසුම් අත්සන් කරන්නෙ නැත්නම් රටට ගහන්න දෙන්නේ නැ. කවුද එක එකාගේ අම්මලාගේ තාත්තලාගේ දේපලක් නෙමෙයි. ක්‍රිකට් ක්‍රීඩකයන් දැනගන්න ඕන හරි විදියට හදාගන්න විනය හදාගන්න. කතා කරලා හුඟක් දේවල් කරන්න පුළුවන්. මම හරි සර කෙනෙක්. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ අපි ඉන්න කාලේ කළේ ක්‍රීඩකයින්ට අවශ්‍ය දේවල් කරලා ඇත්ත දැනුවත් කරලා දුන්නා .සමහර මේ ක්‍රිකට් පරිපාලන ඉන්න ලොක්කෝ හිතනවා ඒගොල්ලෝ හරි ලොකුයි කියලා. බෝලයක් ගහපු එක්කෙනෙක්වත් නෑ, ජාතික කණ්ඩායමක් තියා ළඟට කිට්ටු වෙච්ච නෑ. ඉතින් එහෙම අයට තියෙනවද ක්‍රිකට් ක්‍රීඩාවේ ආසාවක්. හම්බ කිරිල්ලේ ආසාවක් තියෙන්නෙ ඒගොල්ලොන්ට.
ඉතින් මම අද පරිපාලනය ගැන මම දන්නවා මොනවද වෙන්නේ කියලා. පහුගිය පරිපාලනය තත්ත්වෙත් එහෙමයි .ඉතින් මේවත් එක්ක ඉස්සරහට ක්‍රිකට් ක්‍රීඩකයන්ට වඩා ප්‍රේක්ෂකයන්ගෙන් මං ඉල්ලා හිටිනවා ක්‍රිකට් පරිපාලනය සහ ඇමතිවරයාට මේකෙ වගකීම සෑහෙන දුරට යන්න ඕනේ. ඒගොල්ලොන්ට දේවල් කියන්න පටන් ගන්න ක්‍රීඩකයින්ට විතරක් බනින්න එපා.


ඔබ කණ්ඩායම හසුරුවාගත ඒ අත්දැකීම පොඩ්ඩක් කියන්න?

නෑ මම හිතන්නේ අපේ කාලේ මෙහෙමයි අපේ කාලේ ක්‍රීඩකයෝ එළියට යනවා. අනිත් එක අපිට ඒ කාලේ දේවල් තිබුනෙ නෑනෙ. අපේ කන්න ඕනේ එළියට. දැන් මේ වගේ තියෙන ක්‍රිකට් විදියට ක්‍රිකට් ක්‍රීඩකයන්ට හැම කෑම ඔක්කොම  දෙන්නෙ හෝටලය ඇතුලේ. එළියට යන්න බැහැ මේ කොරෝනා ප්‍රශ්නයත් එක්ක. අපේ කාලේ අපිට ගෙව් මුදලට හෝටලේ ඉඳලා කන්න බෑ. සල්ලි නැහැ. අපි රෙදි ටික හෝද ගන්න යනවා එලියට. අපි කන්න යන්නේ එළියට .අපේ ලංකාවේ අය අපිට කෑම පැකට් ගෙනල්ලා දීලා තියෙනවා. මේ ඇත්ත කතාව මේ මිනිස්සු මෙහෙම දැනගන්න ඕන. අපි මේ ෆයිස්ටා  ජීවිත ගත කළේ නෑ.හැබැයි අපිට තිබුණ ලොකුම දේ අපි මෙතනින් ප්ලේන් එකේ නැගලා අපි යන්නේ ටී ශර්ට් ඇඳගෙන නෙමෙයි .අද ක්‍රීඩකියින් ටී ශර්ට් ඇඳගෙන. අපි ගියේ ෂර්ට් එක ඇඳලා ටයි එක දාල blazer එක දාල ඇදගෙන යන්නේ. අපි බහින්නෙත් එහෙම. අපි එළියට බහිනකොට එංගලන්තයේදී ඉන්දියාවේ ද අපි යන්නේ අපේ අනන්‍යතාවයක් එක්ක .අද මොනවද මේ ළමයි ඇදගෙන යන්නේ. කෝ ඔය පරිපාලනය මොනවද කරන්නේ.

ඉතින් විනය ගැන අපි කතා කරන්නේ කොහොමද. අපේ කාලේ ක්‍රීඩකයෝ එලියට ගියා ඒගොල්ලො විනෝද වුණා. හැබැයි ඒගොල්ලො දන්නවා ඒ ගොල්ලෝ යන්න විනෝද වෙන්න නෙමේ ක්‍රීඩා කරන්න කියලා. එතකොට ඉන්නවා කළමනාකාරවරු. අපේ හිටිය මේ රටේ සැර දක්ෂ කළමනාකරුවෝ. මමත් සැරයි දක්ෂයි. මම දන්නවා මේ ළමයිව හසුරවා ගන්න ඕනේ කොහොමද කියලා. මට ප්‍රශ්නයක් වුණේ නෑ. යම් යම් දේවල් සිද්ධ වුණා .මම කියන්නෙ නෑ මගේ කාලේ කිසිම ක්‍රීඩකයෙක් එළියට ගිය නෑ .ප්‍රශ්න ඇති වුණේ නෑ කියලා. සමහර ක්‍රීඩකයෝ මම ගෙදර එවලා තියනවා .සමහර ක්‍රීඩකයෝ මම තහනම් කරල තියනවා.සමහර ක්‍රීඩකයන්ට මගේ අතින් කණේ පාරවල් වැදිලා තියෙනවා .හැබැයි එව්ව මං කරලා තියෙන්නේ ඒගොල්ලොන්ගෙ හොඳට කියලා අදත් ඒගොල්ලොන්ට තේරිලා තියනවා. එකයි අදත් මට ගරු කරන්නේ. ඉතින් ඒවා කරන විදියක් තියෙනවා. නමුත් අවාසනාවකට වගේ අද ඉන්න පරිපාලනයට ඕනේ ජනප්‍රිය වෙන්න. අද ඉන්න ඇමතිවරුන්ට ඕනේ ජනප්‍රිය වෙන්න. එහෙම නැතුව ක්‍රීඩාව හදන්න නෙමෙයි ඉතින් ඕක අපි ගෙදරක ආදර්ශය ගමු .අපි ගෙදරක මම ඒක ඉස්සෙල්ලා කිව්වේ මේ රටේ ක්‍රීඩකයෝ දක්ෂ ක්‍රීඩකයින් අඩුයි. ටැලන්ට් එක තියෙනවා. නමුත් දක්ෂ ක්‍රීඩකයින් අඩුයි. ඒ දක්ෂ ක්‍රීඩකයන්ව හරි මාර්ගය ගිහිල්ලා පරිස්සම් කරගෙන ගෙනියන්න අපි දැනගන්න ඔන.



මේ සමහර ක්‍රීඩකයෝ මම දන්නවා හුඟක් ක්‍රීඩකයෝ ගම වල් වලින් ආපු දුප්පත් ක්‍රීඩකයෝ. නරකට මදි කමකට කියලා නම් ක්‍රීඩකයෝ හිතන්න එපා. මේක ඇත්ත යථාර්ථය. මේ ක්‍රීඩකයන් හුඟක් අමාරුවෙන් ආපු අය. සමහර වෙලාවට මුදල් හම්බ වෙනකොට ඒගොල්ලො දන්නෙ නෑ කොහොමද මේවා පරිපාලනය කොහොමද හරියට කරන්නේ කියලා. සමහර වෙලාවට මේගොල්ලෝ දන්නේ නෑ කොළඹට ආපුහාම මේ කොළඹ සමාජය මේ ගොල්ලො කොච්චර නරක් වෙනවද කියලා. මේ ගම වල් වලින් ආපු දුප්පත් සරම ෂර්ට් එක අඳින රෙද්ද හැට්ට අඳින අම්මලාගේ දරුවෝ වැඩි ප්‍රමාණයක් ඉන්නේ. ඉතිං ඒගොල්ලන්ව ඒකයි මේ ක්‍රිකට් කියන්නේ මේ bowling bat එක ගහන එක නේමේ.  ක්‍රිකට් කියන්නේ මුළු ක්‍රීඩකයෙක් ම පරිපාලනය කරන එක. ඒකට දන්න මිනිස්සු දක්ෂ මිනිස්සු නැතුව මේ ඡන්ද ක්‍රමයකින් හැමදාම බලයට එන ප්‍රජාතන්ත්‍රවාදය කියන ඇමැතිවරයා කියන දේ කින් කවදාක්වත් මේක හදන්න බැහැ.


එදා සහ අද ක්‍රිකට් අතර වෙනස ඔබතුමා හිතන විදියට කොතනින්ද පටන් ගන්නේ?

මම හිතන්නේ නම් ක්‍රිකට් අතර නම් හුඟාක් වෙනසක් තියෙනවා. ඉස්සර ක්‍රීඩකයෝ කියලා ක්‍රීඩා කරපු හැටි. ඉස්සර පරිපාලනය කරපු හැටි. මොකද ඉස්සර පරිපාලනය සල්ලි තිබුණෙ නැහැ. ඉස්සර ගාමිණී දිසානායක මහත්මිය එනකොට සල්ලි නැහැ. මට මතකයි ක්‍රිකට් පරිපාලන ලක්ෂයක්වත් තිබුනාද  මට මතක නැහැ .හැබැයි  ක්‍රිකට් ක්‍රීඩාව අරන් ගියා.  අපිට සල්ලි ගැන මූලික වුණේ නැහැ. අද ක්‍රීඩකයින් සල්ලි මූලික කරගෙන තියෙන්නෙ මොකද. පරිපාලන මිනිස්සු දුෂිත නම් පරිපාලනය මිනිස්සු සල්ලි හොරකම් කරනවා නම් එතකොට ඇයි ක්‍රීඩකයෝ සල්ලි ගැන කතා කරන්න බැරි. මෙන්න මෙතනයි අපි වරද්දගෙන තියෙන්නේ .අපිට ගාමිණී දිසානායක මහත්තයා ඉන්න කාලේ අපිට සල්ලි හොය හොය හිඟා කකා අපිට සල්ලි හොයලා දුන්නේ. එහෙම නෙමෙයි අපේ පහුගිය කාලවල් වල ක්‍රීඩකයෝ දස්කම් දක්වන ලෝකය ජයග්‍රහණය කරලා ඊට පස්සේ තමයි මේ 96න් පස්සේ තමයි සල්ලි එන්න ගත්තේ.ඊට පස්සේ අපි ක්‍රීඩකයො දස්කම් කරනකොට අපේ තත්වෙ උඩට ගියා. අපිට සල්ලි ගොඩක් එන්න ගත්තා. මේ දැකපු පෙරේත මිනිස්සු ටික ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන්න ආපු මිනිස්සු ටික තමයි පහුගිය කාලේ තිස්සෙම මේ ක්‍රිකට් පරිපාලනය කළේ .මොකද ඒගොල්ලෝ බලන්නෙ මේ සල්ලි ටික කොහොමද මගේ යාළුවො මං අතර බෙදන්නේ කොහොමද කියන ඒක.


අද ක්‍රිකට් සමාජය දිහා බලන්න. ක්‍රිකට් දිස්ත්‍රික් ක්‍රිකට් වල. එකම කට්ටිය අවුරුදු කීයක් ඉඳලා තියනවද කියල බලන්න .ඒගොල්ලො එක වෙනස් වෙන්නේ නෑ. ඒගොල්ලො සමහර වෙලාවට නුවර එක්කෙනා කොළඹ එනවා .කොළඹ එක්කෙනා ගාල්ලට යනවා .මේ එකම නම් ටික .මම මාධ්‍යයෙන් ඉල්ලා හිතෙනවා 2010 ඉදලා බලන්න මේ ක්‍රිකට් පරිපාලන හිටපු අය අද කීදෙනෙක් මේ ක්‍රීඩා සමාජයේ දිස්ත්‍රික්ක එහෙම නැත්නම් පළාත්වල සභාපතිවරු ඉන්නවද කියලා. මෙන්න මේවා තමයි හොයලා බලන්න ඕනේ .අපි කාටද බනින්න. මේ අපිට ගෞරවයක් අරන් දෙන්න පුළුවන් එකම ක්‍රීඩකයෝ ටිකට අපි බනිනවා ,ලැජ්ජ කරනවා. අපි මේක නවත්තමු. අපි හැම දෙනාටම මම රටේ හැමෝගෙම ඉල්ලනවා  මේ ක්‍රීඩකයන්ව ලැජ්ජ කරන්න එපා. ක්‍රීඩා ඇමතිතුමා ලැජ්ජ කරපු දෙන්. පරිපාලනය ලැජ්ජ කරපු දෙන්. අපි ප්‍රේක්ෂකයා හැටියට අපි ක්‍රීඩකයෝ ඒක්ක ඉමු. විනය වැරදි අය අපි ඒ විදියට හදාගමු .හැබැයි හැම ක්‍රීඩකයාට මේ තත්ත්වයට යන්න දෙන්න එපා මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා.


අවසාන වශයෙන් එක ප්‍රශ්න දැන් මේ සිද්ධ ගත්තහම කලමනාකාරනයට කවුරුත් දොස් කියන්නේ නෑ. කළමනාකරණයට වගකීමක් නැද්ද මේ ක්‍රීඩකයෝ හේ කරන්න?

අනිවාර්යෙන්ම කළමනාකරු දැනගන්න ඕන මේවා හරි විදියට කරන්න. එතකොට කළමනාකරුට දැන් මේකනෙ අන්තිමටම බලන්නේ මේ පොඩිම තැනින් වතුර බැහැල යන තැන තමයි අල්ලගන්නේ. අනිත් අය මොකද කළමනාකාර බලන්නේ ඡන්දෙ දෙනවා නම් ඒගොල්ලොන්ගෙ ඡන්ද පදනමට එයා යනවා එතකොට ඒයා පරිස්සම්. මෙන්න මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ. ඒකයි මේ ඡන්ද 140 ගණක්  එක්ක මේ ක්‍රිකට් හදන්න හදනවා නම් ඒක හීනයක් විතරයි.. ඒකයි මම කිව්වේ බාප්පා ජනාධිපති වෙලා ඉන්න තාත්තා අගමැති වෙලා ඉන්න ක්‍රීඩා ඇමතිවරයාට නාමල් මහත්තයට මේක කරන්න බැරිනම්  මේක වෙනස් කරන්න කාටවත් බෑ .හැබැයි පුළුවන් .හොඳ ආණ්ඩුවක් ඇවිල්ලා ,හරි ජනාධිපති කෙනෙක් ඇවිල්ලා මේ තත්වය තේරුම් අරගෙන මේක හදන්න පුළුවන් එක වැඩි කල් නැතුව අපි එක හදලා දෙනවා කියලා මම කියනවා.



පසුගිය රජය කාලේ ඇයි මේක හදන්න බැරි වුණේ. පසුගිය රජය කාලේ ඔබතුමත් ඇමතිවරයෙක් වශයෙන් කටයුතු කළා. නමුත් දැන් මේ රජයෙන් මේ කරන චෝදනාව සම්බන්ධයෙන් ගත්තාම ගිය රජයේ ඔබ ඇමැතිවරයෙක් වශයෙන් ඇයි මේක වෙනස් කරන්නට බැරි උනේ?


අපි ඇමතිවරු හැටියට ලොකු වෙනස්කම් කළා අපි සුදු කාරයන්ව අපි ක්‍රීඩාවෙන් අයින් කළා. ඒකට ක්‍රීඩා මැතිවරුන් හිටියා. මම හිතන්නේ එක සෑහෙන කාලයක් මම හිතන්නේ මේ ආණ්ඩුව නෙමෙයි ගිය ආණ්ඩුව ඒ කියන්නේ 2010 ඉදලා 15 කාලෙත් එක එක ක්‍රීඩා ඇමැතිවරු උත්සාහ ගත්ත වෙනස් කරන්න. හැබැයි මේ ක්‍රිකට් මාෆියාව කියන එක රටේ ප්‍රධානම පුද්ගලයා අල්ල ගන්නවා. ඒක ජනාධිපති වෙන්න පුළුවන් අගමැති වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැති තත්ත්වයක් අපේ රටේ තාම ආවේ නැහැ.මම දන්නවා අපේ කාලේත් අපේ සමහර දේශපාලන නායකයෝ අල්ලගෙන මේ එක එක ක්‍රිකට් පරිපාලන ඉන්න ඒගොල්ලො මේවට වහගත්තා. ඒගොල්ලොන්ගෙ වැඩේ කරගත්තා. මොකද මේ ක්‍රිකට් පරිපාලන මුදල්. අපි බලන්න පහුගිය කාලවල් වල ඔය හිටපු ක්‍රීඩා ඇමැතිවරුන්ගේ ආසන වල ක්‍රීඩාංගණ කීයක් හදලා තියෙනවද. එවුවා හරියට හදලා තියනවද බලන්න. මෙන්න මේවා තමයි මම හැමදාම කියන දේවල්. මේවා වෙනස් කරන්න හැදුවා ක්‍රීඩා ඇමැතිවරු කිහිප දෙනෙක්. ඒ ගොල්ලන්ටත් උඩින් බලපෑම් ඇවිල්ල තියෙනවා.


ඉතින් මම කියන්නේ නෑ අපේ ආණ්ඩුව කාලේ මම ක්‍රීඩා ඇමැතිවරයා හිටියනම් මම අනිවාර්යෙන්ම මේක දන්නවා කොහොමද කරන්නේ .මම ක්‍රිකට් පරිපාලනය හිටියනං  මම දන්නවා ක්‍රීඩකයෝ කොයි වගේද ඉන්න ඕනේ කියලා. ඒ වගේම ව්‍යවස්ථාව වෙනස් කරන්නත් අපි හැදුවා. මම හිතන්නේ මේක මං විතරක් නෙමේ ජේෂ්ඨ ක්‍රීඩකයෝ මේක රටට හුඟක් ගහපු ක්‍රීඩකයින් කියනවා. නමුත් අවාසනාවකට වගේ මේ කිසිම ඇමතිවරයෙක්ට මේක වෙනස් කරන්න ඕන කමක් නැහැ. මොකද ලාභ ඔක්කොම තියෙන්නේ ක්‍රිකට් පරිපාලන ඒගොල්ලොන්ට එන ලාභ ගැන   බලන්නේ .එහෙම නැතුව ක්‍රිකට් ක්‍රීඩාවට හෝ ආදරේ කරන පුද්ගලයෙක් අද වෙනකන් ඇවිල්ලා නෑ.

ගොඩක් අය කියනවා අර්ජුන  රණතුංග හිටියා නම් හොඳයි කියලා තමයි ගොඩක් අය කතා කරන්නේ. අද හිටියා නම් මොකද්ද කරන්නෙ ක්‍රිකට් වලට?

අර්ජුනට එන්න දෙන්නේ නැහැ ක්‍රිකට් වලට .මේ ආණ්ඩුව එන්න දෙන්නෙත් නෑ ක්‍රීඩා ඇමැතිවරයා ඒන්න දෙන්නෙත් නැහැ. ප්‍රේක්ෂකයො කියයි එන්න කියලා. මේ රටේ සීයට අනූ නමයක් කියයි මට එන්න කියලා මම දන්නවා මේ ක්‍රිකට් පරිපාලනය ඉන්න මිනිස්සුත් එක්ක මේ ක්‍රීඩාවට මොන ඇමතිවරයාව මේ ආණ්ඩුව අර්ජුන රණතුංග කියන පුද්ගලයාට බයක් තියෙනවා. එයාට ඔතනට එන්න දෙන්නෙ නෑ. මොකද එයා එතනට ආවොත් ඒක හදනවා. ඒ වගේම එයා එතනට ආවොත් එක ප්‍රශ්නයක් වෙනවා. ඒගොල්ලන්ට ඕන විදිහට හොරකම් කරන්න හම්බ වෙන්නෙත් නෑ. ලාභ ලබන්න හම්බවෙන්නෙත් නෑ .ඒගොල්ලොන්ගෙ වටේ ඉන්න නෑ පරම්පරාවට හෝ යාලුවන්ට මම මුදල් වියදම් කරන්නෙත් නෑ. ඉතින් ඒකයි ඒයාලාට පාඩුවක්.. ඒ නිසා රණතුංගට එන්න දෙන්නේ නැහැ. ඒක අපිට හීනයක් විතරයි .ඒක තියෙන්නේ ප්‍රේක්ෂකයන්ගේ අතේ .ඊළඟ අපි මැතිවරණයකට යනකොට මම මේ කරුණුත් එක්ක කියන්නම් මොනවද ක්‍රිකට් ක්‍රීඩාවට ඕනේ .ඕගොල්ලෝ අපිට මොනවද කරන්න ඕනේ කියන එක ඊළඟ ඡන්දෙට ඉස්සෙල්ලා අපි කතා කරමු.