astrasenica-pfizer-colombo

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා' සඳහා දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාගත හැකි බවත් කැමති අය පැමිණ එය ලබාගන්නා ලෙසත් රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර තිබූ අතර අද (8) දිනයේ ද කොළඹ නගරයේ 'ෆයිසර්' එන්නත ඒ අනුව ලබා දීමට සැලැසුම් කර තිබුණි.




නමුත් නවතම වාර්තා සඳහන් කරන්නේ එම වැඩසටහන තාවකාලිකව කල් දැමීමට සෞඛ්‍ය අමත්‍යාංශය තීරණය කර තිබෙන බවයි.
සෞඛ්‍ය අමත්‍යාංශය සඳහන් කරන්නේ මෙම මාසයේ ඉදිරි දින වලදී ඇස්ට්‍රාසෙනිකා එන්නත් 264000 තොගයක් ශ්‍රී ලංකාවට ලැබෙන්නට නියමිත බැවින් ඒවා දෙවන මාත්‍රාව ලෙස ලබාදීමේ අටියෙන් මෙම මිශ්‍ර කිරීම නවතා දැමූ බවයි. එම තොගය ලැබෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර වැඩසටහන යටතේය.
ලබන සතිය වනවිට 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා'එන්නත් මාත්‍රා තොගය මෙරටට ලැබීමට නියමිතව ඇත.
කෙසේ වෙතත් එම දෙවන මාත්‍රාව මදිපාඩුවූ පිරිස ලක්ෂ පහමාරක් පමණ වන අතර මෙම තොගයම දෙවන මාත්‍රා ලෙස යෙදූවත් තවත් ලක්ෂ 3 කට පමණ මිශ්‍රණයේ පිහිට පැතීමට සිදුවන තත්වයක් පෙන්නුම් කර ඇත.