
බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකුට සහ හෙදියන් තිදෙනකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බදුල්ල මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරියකට සහ වෛද්‍යවරයකුට මෙසේ කොරෝනා ආසාදිත වී ඇති අතර, ඔවුන් බදුල්ල රත්වත්ත මාවතේ විශේෂ කොවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර සිටින බවත් රෝහල් ප්‍රකාශයක් සදහන් කළේය. මිට අමතරව බදුල්ල මහ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ සේවය කරන හෙදියන් තිදෙනකුට ද කොරෝනා වයිරසය ආසාදිත වී ඇති අතර, ඔවුන් දැනට රෝහලේ ප්‍රතිකාර ඒක ලබමින් පසුවන බව ද රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පැවැසීය.
කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි මෙම වෛද්‍යවරුන් සහ හෙදියන්ට සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස ආදී කොවිඩ් වයිරස රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නට වූ නිසාවෙන් සිදු කළ ඇන්ටිජන් පරික්ෂණයේදී මොවුන්ට කාරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට අනාවරණය වී යැයි සෞඛ්‍ය බලධාරිහු පැවැසූහ. කෙසේ වෙතත් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටිය ද නිරතුරුවම කොවිඩ් වයිරස සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදින ලෙසටත්, බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි, රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක, වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
-පාලිත ආරියවංශ--
Comments
Post a Comment
Your comment will be visible after approval