badurdeen-house-girl

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කාර දැරියකගේ සිරුරට ගිනි ඇවිලී බරපතළ ලෙස පිළිස්සුම් තුවාල වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්හ කර ඇත්තැයි බොරැල්ල පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ ඊයේ (07) කරුණු වාර්තා කළේය. එම දැරිය කොළඹ ජාතික රෝහල් 73 වාට්ටුවේ දැඩි සත්කාර ඒකක 2හි ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඇය, ප්‍රකාශයක් ලබාගැනීමට තරම් සුදුසු තත්වයක නොසිටින බව ද බොරැල්ල  පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. වයස අවුරුදු 16ක් වන

මෙම බාලවයස්කාර දැරිය හැටන් ඩයගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර, ඉකුත් 03 වැනිදා සිරුරට ගිනි ඇවිළීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවට රෝහල් පොලිසියේ ස්ථානාධිපතිවරයා  පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව බොරැල්ල පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත. මේ සම්බන්ධයෙන්, දැරිය මෙහෙකාර සේවයේ යෙදී සිටි බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගේ පියාගෙන්, බිරිඳගේ මවගෙන්, බාලවයස්කාර දැරිය එම නිවෙසට රැගෙනවිත් බාරදුන් පුද්ගලයාගෙන් සහ නිවෙසේ සේවයේ යෙදී සිටි තවත් පුද්ගලයකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ. ඉකුත් 03 වැනිදා පෙරවරු 6.50ට පමණ පහළ මාලයේ කෑගැසීමක් ඇසී ගොස් බැලීමේ දී ගිනි ඇවිළී කෑගසමින් එන මෙහෙකාරිය දුටු බවත්, පසුව කාපට් එකක් මාර්ගයෙන් ගින්න නිවා දැරිය අසල ජල පොකුණට බැසූ බවත්, අමාත්‍යවරයාගේ මාමණ්ඩිය පොලිසියට ප්‍රකාශ ලබාදෙමින් පවසා ඇතැයි පොලිසිය සිය වාර්තාවෙන් අධිකරණයට දැනුම් දී ඇත.

පසුව දැරිය 1990 ගිලන් රථ සේවය ආධාරයෙන් රෝහල්ගත කළ බව එම තැනැත්තා සිය ප්‍රකාශයෙන් සඳහන් කර ඇතැයි පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.ම

ෙම සිද්ධියට අදාළව ස්ථානීය පරික්ෂණය පොලිස් සෝකෝ අංශයෙන් සිදුකළ අතර, ස්ථානයේ සී.සී.ටී.වී. දර්ශන නිරික්ෂණය කළ බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. අදාළ ගින්න සම්බන්ධ නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තා කැඳවීමට නියෝගයක් ලබාදෙන ලෙසට බොරැල්ල පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමට අනුව මහේස්ත්‍රාත්වරිය අදාළ නියෝග ලබා දුන්නාය.

(නිමන්ති රණසිංහ)