bandula-kohomba-soup

පසුගියදා ලංකා සතොස මගින් කොහොඹ සබන් වර්ගයක් නිෂ්පාදනය කළ බවට ප්‍රචාරය වූ අතර එය වෙළෙඳ පළට ඉදිරිපත් කිරීමටද කටයුතු යොදන ලදි. නමුත් දැන් වාර්තාවන්නේ ඊට වාරණ නියෝගයක් ලැබී ඇති ආරංචියකි.


ස්වදේශී කර්මාන්තායතනයේ ස්වදේශී කොහොඹ බුද්ධිමය දේපළ අයිතීන් උල්ලංඝනය කරමින් රීබෝන් ලංකා Pvt Ltd. සතොස කොහොඹ නිෂ්පාදනය කිරීම හා ලංකා සතොස විසින් බෙදා හැරීමට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගෙන තිබේ.
2021 ජුනි 22වන දින කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු M.A.R මරික්කාර් විසින් වාරණ නියෝග පනවා තිබේ.
ස්වදේශී විසින්  අත්පත් කර ගත් ජනප්‍රියත්වය අවභාවිතා කරමින් ස්වදේශී කොහොඹ සන්නාමයට අතිශය සමාන ලෙසින් සතොස කොහොඹ ඇසුරුම් කිරීම හා සන්නාම කිරීමත්, ලංකා සතොස හා රීබෝන් ලංකා විසින් නිෂ්පාදනය, අලෙවි කිරීම සහ විකිණීමත් මගින් "ස්වදේශී කොහොඹ" හි බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ස්වදේශී පවසා සිටියි.


 ස්වදේශී කර්මාන්තායතනය ISO 9001: 2015 තත්ත්ව සහතිකයෙන් ද පිදුම් ලද සමාගමකි.
ස්වදේශී වෙනුවෙන් පෙනී සිටිමින් නීතීඥ ජනාධිපති උපදේශක රොමේෂ් ද සිල්වා විසින් ඉදිරිපත් කරන ලද කරුණු උපදෙස් පිළිබද සළකා බලමින් ස්වදේශී හි පුද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදනය වන "ස්වදේශී කොහොඹ" සන්නාමයට සමාන වන අයුරින් කිසිදු ආකාරයක නිෂ්පාදනයක්, නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම සහ විකිණීම සිදු කිරීම වැළැක්වීමට රීබෝන් ලංකා සහ ලංකා සතොසට කොළඹ වාණිජ මහාධිකරණය වාරණ නියෝග  පනවන ලදි.