basil-fual-price

කොහොමද නව අමත්‍යධුරය සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ?


රජය මෙතෙක් කල් ගෙනියපු පියවරයන්, යම් යම් අඩුපාඩු තියෙනවා නම් ඒවා හරිගස්සවාගෙන ඉස්සරහට යන එක තමයි අපි කරන්න ඉන්නේ. අතිගරු ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් ,අපේ අමාත්‍ය මණ්ඩලයත් ඒ වගේම අපේ සියළු මහජන නියෝජිතයෝ විශාල මහන්සියක් අරගෙන ඊළඟ අවුරුද්දේවත් ජත්‍යාන්තර කටයුතු වශයෙන් ලොකේම ඇතිවෙලා තියන අර්බුදය ඉදිරියටත් ඉස්සරහට ඇතිවෙනවා. ඉතිං අපි එකෙන් බේරිලා යන්න ඕන ඉතිං. මහන්සි වෙන්න ඕන. 


මීට අමතරව ඇමතිතුමා පහුගිය දවස්වල අමාත්‍ය මණ්ඩල සහ හැමෝම කිව්වා බැසිල් රාජපක්ෂ මහත්තයා හිටියා නම් ඉන්ධන මිල මෙහෙම වැඩිවෙන්නේ නැ කියලා.ඔබතුමා ඒ සහනය ලබා දෙන්න බලාපොරොත්තුවක් තියෙනවාද?


අපි පුළුවන් තරම් ඉතිං උත්සහා ගන්නවා. නමුත් සමස්ත ආර්ථීකය ගැන බලලා ඒ ගැන තීන්දුවක් ජනාධිපතිතුමා ගනියි කියලා අපි හිතනවා.




ජනතාව සහන දෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා?

ඕව් ඕව්. සහන දෙන්න වගේම තව හුඟාක් මහන්සි වෙන්න ඕන.


 මේ දවස්වල පොහොර උද්ඝොෂණ එමෙ හතරවටින්ම යනවා?

අපි කරලා තියෙන්නේ ඉතිහාසයෙ සැලසුම් කියනවාට වැඩිය ප්‍රතිඵල කියන එක තමයි අපේ නව පක්ෂයෙත් අපේ ආණ්ඩුවේත් ප්‍රතිපත්තිය. ඉතිං අපේ ප්‍රතිඵල ටික ඉදිරියේදී ජනතාව වෙනුවෙන් ලබාදෙනවා.