මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පාර්ලිමේන්තුවට පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව සිදුව නැති බැවින් ඔහුගේ මන්ත්‍රිධුරය අහෝසි කරන්නැයි ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු ඊයේ (26දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්කළ බව නිවේදනය කරමින් මැතිවරණ කොමිසම නිකුත් කළ ගැසට් පත්‍රය අවලංගු කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා ඇත.
ඔහු සඳහන් කරන්නේ කාරණා දෙකක් මත මෙම තීරණය විවාද සම්පන්න බවයි.
එකක් නම් මහමැතිවරණයේ ජාතික ලැයිස්තු සකස් කරන අවස්තාව වනවිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකව පැවතියේ 19 වන සංශෝධනයට අදාළ නීති බැවින් ද්විත්ව පුරවැසියෙකුට ජාතික ලැයිස්තුව හරහා හෝ මන්ත්‍රී ධූරයක් ලබාගත නොහැකි බවයි.
දෙවැන්න නම් පවතින ව්‍යවස්ථාව අනුව ජාතික ලැයිස්තුවේ නොසිටි කෙනෙකුට හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබාගන්නට නොහැකි බවයි.
මැතිවරණ කොමිසම, හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය, වත්මන් මැතිවරණ කොමිසමේ වත්මන් සභාපති නිමල් ඩී. පුංචිහේවා, මැතිවරණයට තරග කළ සියලුම දේශපාලන පක්ෂවල මහලේකම්වරු, නීතිපති ඇතුළු 45 දෙනෙකු මෙහි වගඋත්තකරුවන් ලෙස නම් කර ඇත.
0 Comments