basil-named-mp

 බැසිල් රාජපක්ෂ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගැසට් කර තිබේ.





ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (06) පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා වෙත භාරදෙනු ලැබුවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහාය.

අද (07) උදෑසන රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට ගැටලුවක් නොමැති බවට නිගමනය කිරීමෙන් අනතුරුව ඔහුගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රකාශයට පත්කිරීම සදහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කෙරිණි.

ඒ අනුව 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (5) වන වගන්තිය ප්‍රකාරව බැසිල් රෝහණ රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කර ගත් බව මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කරනු ලැබීය.