10.10 am update
මුදල් ඇමති ලෙස උදෑසන දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ මීට ටික වේලාවකට පෙර දිවුරුම් දුන්නේය.

9.55 am
වත්මන් රජයේ නව මුදල් කැබිනට් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙයි. බැසිල් රාජපක්ෂ මහතා මේ වන තුරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම්දී නොතිබියදී මෙම ඇමති ධූරය ලැබී තිබීම විශේෂත්වයකි.මුදල් ඇමති ලෙස පාර්ලිමේන්තුවට ගියාට පසු ඔහුට හිමිවන
 මන්ත්‍රී ධූරයේ අද ඔහු දිවුරුම් දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.




මෙතෙක් මුදල් අමාත්‍ය ධූරයේ කටයුතු කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට නව අමාත්‍යාංශය ලෙස ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය ධූරය ලබාදී ඇති අතර නැවත දිවුරුම්දීමක්ද සිදුකර තිබේ.මේ අතර ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය ලෙස නව අමාත්‍යංශයක් ගැසට් කර තිබෙයි.