basil-rumores

බැසිල් රාජපක්‍ෂ මහතා ලබන 8 වැනිදා පාර්ලිමේන්තු පැමිණ මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇතැයි වාර්තා පළවන අතර අනතුරුව එදින හෝ ඊට පසුදින ආර්ථික සංවර්ධන හා මුදල් අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙනු ඇති බවට තොරතුරු අනාවරණයවී ඇත.
බැසිල්ගේ වැඩ  සඳහා අරලියගහ මන්දිරයේ වෙනම ඒකකයක් සූදානම් කර ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධායකයන් සුබ නැකතක් පවා සකස් කර ඇති බව වාර්තා
විය.
බැසිල් පැමිණෙන්නේ පක්ෂයේ බලවත් ඉල්ලීමට බවට හා පවතින ගැටලු නිරාකරණය කළ හැක්කේ ඔහුට පමණි යන්න තැන් තැන් වල පළවීම බැසිල් ආගමනයට පූර්වයෙන් මතු කළ ප්‍රවර්ධන වැඩසටහන් ලෙස හඳුනාගන්නට ලැබෙන අතර බැසිල් රාජප්පක්‍ෂ මහතා 8 වනදා පාර්ලිමේන්තු පැමිණීම අවිනිශ්චිත බවටද මෙම කුතුහලය තීව්ර කිරීම පිණිස කතා ගොතා ඇත.අනාගත රටේ නායකත්වයක් අරමුණු කරගෙන බැසිල් මෙලෙස පැමිණෙන නිසා මුල මැද අග සහිතව උපායශීලී ලෙස සැකසූ ප්‍රචාරණ සැලැස්මක් මේ වෙනුවෙන් සකස් කර ඇති අතර සිය ගෝලබාලයින් ඒ වෙනුවෙන් මාධ්‍ය සමග හවුල්වී මෙම ප්‍රචාරයන් සිදුකරන බවට දැනගන්නට ලැබේ.



රාජප්කෂවරුන් පසුගිය සතියේ සාකච්ඡාවක් පවත්වා බැසිල්ට සිය සොයුරු අගමැති මහින්දගේ ඇමති ධූර වලින් කොටස් පවරා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවූ බවද වාර්තා විය.
බැසිල්ට මැතිසබයට පැමිණීමට හැකිවන ලෙස ඉවත් වීමට ෆලීල් මජාන්, ජයන්ත කැටගොඩ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී ඇති අතර එලෙස ඉවත්වන තැනැත්තාට වරදානයක් ලෙස දැනට  පුරප්පාඩුවී පවතින ඕස්ට්‍රෙලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් පදවිය පිරිනැමීමට ද තීන්දු කර ඇති බවටද ආරංචි පැතිර තිබේ.


මේ අතර බැසිල් පැමිණෙන ආසන්නයේ ඔහුගේ ගුණ ගායනා කරන කණ්ඩායමක් මෙන්ම ඔහුට එරෙහි මතවාද පතුරන කන්ඩායමක්ද ආණ්ඩු පක්ෂය තුළින් මතුව තිබේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බාහිරින් සම්බන්ධවූ පක්ෂ විධායකයින් වන විමල් ගම්මංපිල දයාසිරි බැසිල්ට එරෙහි මතවාදය ගොනු කරන අය අතර කැපී පෙනෙති.
2015 මහින්දගේ රජය වැටීමට හේතුවූයේ බැසිල්ගේ ක්‍රියාකාරකම් බවට විරුද්ධ මත දරන්නන් පවසන අතර පක්ෂපාතී අය පවසන්නේ චීනයට දෙවැනිවූ ආර්ථික වර්ධනයක් ශ්‍රී ලංකාව පෙන්නුම් කළේ බැසිල් ආර්ථික සංවර්ධන ඇමති කාලයේ බවයි.