ඉන්දීය දෙවන පෙළ කණ්ඩායමක් ශ්‍රී ලංකා සංචාරය සදහා යොමු කර ඇති බව ඉකුත්දා මාධ්‍ය හමුවක් කැදවමින් හිටපු නායක අර්ජුන රණතුංගද ප්‍රකාශ කර තිබූ අතර එයට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් අද නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ තරග සංචාරයක් සදහා දිවයිනට පැමිණ ඇත්තේ ඉන්දීය දෙවන පෙළ කණ්ඩායමක් නොවන බවයි. පැමිණ ඇති ඉන්දීය කණ්ඩායම ඉතා ශක්තිමත් කණ්ඩායමක් බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ඉන්දීය සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් 20 දෙනාගෙන් 14 දෙනෙකුම ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් බවයි.
ඉන්දීය සීමිත පන්දුවාර සංචිතය මෙරටට පැමිණ ඇත්තේ ඉන්දීය ටෙස්ට් කණ්ඩායම තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා එංගලන්ත සංචාරයක නිරතව සිටින අතරවාරයේ දී බැවින් ඇතැම් අය පමණක් මගහැරී ඇති බව එහි දැක්වේ.
ඉදිරි දිනවල ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබෙන අතර ශිකර් දවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සංචිතයට ක්‍රිඩකයින් 20 දෙනෙකු ඇතුළත්ය.
එක්දින තරග තුන ජූලි 13, 16 සහ 18 යන දිනවලදී පැවැත්වෙන අතර, 20යි 20 තරග තුන ජූලි 21, 23 සහ 25 යන දිනවල පැවැත්වේ. සියලූ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.
0 Comments