ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය වාර්තා කර ඇති පරිදි හිමි නමකට පහරදීමේ සිදුවීක් පසුගියදා ඇල්පිටිය වල්අඹගල බෙරලියමගලාන සත්බොධි තපෝවන ආරණ්‍ය සේනාංසනයෙන් වාර්තාවේ.


 ශබ්ද විකාශන යන්ත්‍රයක් මගීන් පිරිත් දේශනා විසුරුවා හැරීම පිළිබඳව උරණ වූ පුද්ගලයෙකු පිරිත් දේශනා එසේ විකාශනය නොකරන ලෙස දන්වමින් බහින් බස්වීමක් සිදු කරකළ විහාරස්ථානයේ හිමි නමකට පොල්ලකින් සහ අතින් පයින් පහරදී ඇතැයි වාර්තා විය.

ආරණ්‍ය සේනාංසන වාසි හිමි නම ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇල්පිටිය රෝහලට ඇතුළත්ව ඇතැයි ද පොලිසිය කියයි.. රටේ පවතින වසංගත තත්ත්වය නිසා රටටත්, ජනතාවටත් සෙත්පතා මෙම ආරණ්‍ය සේනාසනය දිනපතා උදේ සවස ශබ්ද විකාශන යන්ත්‍රයක් මගින් පිරිත් දේශනා විසුරුවා හැරි අතර, අසල පදිංචි සැකකරු එය නතර කරන ලෙසට අවස්ථා කිහිපයකදීම තර්ජනය කර ඇති බවත්, පෙරේදා (03) දිනයේ උදෑසන පිරිත් විකාශනය කරමින් සිටියදී මෙම පහරදීම සිදු කළ බවත්, එම හිමියන් පොලිසියට පවසා ඇත.

තුවාල ලැබූ හිමියන්ගේ තත්වය බරපතළ නොවන බව ඇල්පිටිය රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය. මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඇල්පිටිය පොලිසිය පරික්ෂණ පවත්වාගෙන යයි.