ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, පේරු හි COVID-19 රෝගීන්ගෙන් 81% ක් තුළ ලැම්ඩා (Lambda)ප්‍රභේදය වැළඳී ඇති බවට අනාවරණය වී තිබේ. එය තවමත් සැලකිලිමත් වන නිල ප්‍රභේදයක් ලෙස ප්‍රකාශයට පත් කර නොතිබුණද, ලැම්ඩා නමින් එය වෙනස් ලෙස හඳුනාගෙන විද්‍යාඥයින් සහ සෞඛ්‍ය විශේෂඥයින් ඒ ගැන සිදුවන වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටී.


ලැම්ඩා ප්‍රභේදය එන්නත් විශේෂඥයන් කනස්සල්ලට හේතු වී ඇත්තේ එක් අධ්‍යයනයක්වත් එන්නත් වලට ප්‍රතිරෝධී විය හැකි බව නොපෙනී යාමෙනි. මෙම ප්‍රභේදය ප්‍රථම වරට පේරු නුවරදී අනාවරණය වූ අතර එතැන් සිට රටවල් 29 කදී අනාවරණය වී ඇත.
 ක්වාසුලු-නටාල් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ හා නවෝත්පාදන පිළිබඳ වැඩබලන උපකුලපති මෝසා මොෂබෙලා පවසා ඇත්තේ


“මතුවෙමින් පවතින සමහර තොරතුරු එය වැදගත් බව පෙන්වයි, එය පැතිරීමට ඉඩ දිය හැකි විකෘති කිහිපයක් සහ ප්‍රතිශක්තියෙන් මිදීමට  ඉඩ සලසන සමහර විකෘති තිබිය හැකිය,” යනුවෙනි.
C.37 ලෙසද හැඳින්වෙන ලැම්ඩා ප්‍රභේදය B.1.1.1 පරම්පරාව තුළ පිහිටා ඇත. එය ප්‍රථම වරට 2020 අගෝස්තු මාසයේදී පේරු නුවරදී අනාවරණය වී ඇත. 2021 අප්‍රේල් මාසයේ සිට එරට අනාවරණය වූ රෝගීන්ගෙන් සියයට 81 කට වඩා ඊට අයත්ය.
අහම්බෙන්, මැයි අග වන විට ලෝකයේ ඉහළම මරණ අනුපාතය ඇති රට බවට පේරු පත්වූ බවද සැලකිය යුතුය.
එය බොහෝ දුරට දැනට දකුණු ඇමරිකානු මහද්වීපයේ පමණක් අනාවරණය වී ඇති අතර, ප්‍රභේදය දැන් රටවල් 25 කට අධික සංඛ්‍යාවක සුළු වශයෙන් දක්නට ලැබේ. චිලී, ආර්ජන්ටිනාව සහ ඉක්වදෝරය යන රටවල එය සැලකිය යුතු මට්ටමක පවතී.
එය මෑතකදී එක්සත් රාජධානියේ හයක් සහ ඕස්ට්‍රේලියාවේදී එක් අයෙකුද අනාවරණය විය. සියලුම රෝගීන් ජාත්‍යන්තර සංචාරකයින් විය.
චිලියේ පර්යේෂකයන් විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ බ්‍රිතාන්‍ය ඇල්ෆා සහ බ්‍රසීල ගැමා ප්‍රභේදවලට වඩා මෙම ප්‍රභේදයට වැඩි ආසාදනයක් ඇති බවයි
ලැම්ඩා ප්‍රභේදයට එරෙහිව චීන සිනොවැක් එන්නතෙහි ඵලදායීතාවය අඩුබව මුල් අධ්‍යයනයකින් පෙන්වා දී ඇති අතර ඊට හේතුවූයේ පේරුහි සිනොවැක් එන්නත්කරණය ව්‍යාප්තිය වැඩියෙන් තිබීමය. කෙසේ වෙතත් පසුකාලීන පරීක්ෂණ වලදී කිසිදු එන්නතකින් මෙම ප්‍රභේදය මර්දනය අපහසු බවට අදහස් පළව ඇත.