කෝවිඩ් 19 වෙරසය ආසාදිතවීමෙන් දෙල්ගොඩ උඩුපිල කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසක පදිවීව සිටි බෑණා සහ මාමා එක් දිනකදී මියගොස් ඇතැයි මීගහවත්ත පොලීසිය පවසයි. 

මෙසේ මියගොස් ඇත්තේ පිටදෙණිය ගමගේ නිහාල් කිත්සිරි (56)වන තිදරු පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිදගේ පියා වන පන්නලවත්තලාගේ ජෝන් සිංඤෝ (76) නමැති එම නිවසේ බෑනා සහ මාමා බව පොලීසිය කියයි. ඉකුත් 04 දා මියගිය බව උණ රෝගයට උඩුපිල පුද්ගලික රෝහලකින් බෙහෙත් ලබා ගෙන ඇති අතර පසුව කෝවිඩ් රෝගයට වෛරස ලක්ෂණ පහළ වීම නිසා රාගම රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරව එදිනම සවස අසනීප තත්වයෙන් සිටි වයස අවුරූදු 76ක් වූ මෙම පුද්ගලයාගේ මාමා රාගම රෝහලට ඇතුළත් කර තිබේ.මොවුන් දෙදෙනාම ඉකුත් 06දා කෝවිඩ් 19 වෛරසය ආසාදිතවීමෙන් රාගම රෝහලේදී ජීවිතයට පත්ව ඇති බවද පොලීසිය පවසයි.මෙම පුද්ගලයන්ගේ අවසන් කටයුතු ඊයේ (08දා) මහර පොල්හේන ආදාහනගරයේදී සිදු කිරීමට නියමිතව තිබුණි.


(දෙල්ගොඩ - සුදත් පුබුදු කීර්ති)