kate-joined-her-father-wimbledon

මේ වසරේ විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලියේ පිරිමි තරගයේ අවසන් දිනයවූ අද 11 එම තරගය නැරඹීමට පැමිණි සම්භාවනීය අමුත්තන් අතර කේට් කුමරිය එනම් කේම්බ්‍රිජ් ආදිපාදවරිය ඇගේ පියා සමඟ පැමිණියාය.




නොවාක් ජොකොවිච් සහ මැටියෝ බෙරෙටිනි අතර ගැටුමට පෙර කේට් සිය පියා මයිකල් මිඩ්ල්ටන් සමඟ වාඩි විය.
මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට තරුව ටොම් කෘෘස් ද අද පැමිණි තිබුණි.
සෙනසුරාදා, කාන්තා අවසන් තරගය සඳහා කේට් සිය සැමියා වන විළියම් සමග පැමිණියත් ඔහු මෙවර තරගයට ඒමට උනන්දුවී නැති නමුත් ටෙනිස් ලෝලියකවූ කේට් පියා සමග එය බලන්නටත් පැමිණ ඇත.
වාර්තාවන ආකාරයට විළියම් කේට් නැතිව අද පාපන්දු තරගයක් බලන්නට ගොස් තිබේ. යුරෝ 2020 අවසන් තරඟය එංගලන්තය ඉතාලිය සමඟ ඓතිහාසික ගැටුම බැලීමට විලියම් ඉරිදා රාත්‍රියේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ සිටින බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා සහන් කරයි.
එංගලන්ත ලෝන් ටෙනිස් සමාජයේ දැඩි ටෙනිස් රසිකාවියක වන කේට් එම කත්‍රීඩාවට තද සේ ඇලුම් කරන අතරම විලියම් පාපන්දු සංගමයක සභාපති ලෙසද කටයුතු කරන්නෙකි.