කොළඹ පදිංචි සුප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ උපන්දින රාත්‍රී සාදයක් පසුගියදා පැවති අතර ඒ සඳහා ආරාධනා ලැබූවන් අතර හිටපු අගමැති රනිල් හා වත්මන් අගමැති මහින්දද සිටි බවත් ඔවුන් එහිදී පැය ගණනාවක විශේෂ සාකච්ඡාවක නිරතවූ බවත් වාර්තාවේ.


මෙම ව්‍යාපාරිකයා රනිල් වික්‍රමසිංහ මහතාගේ අසල්වාසියෙකුද වූ අතර මෙම උපන්දින සාදය සඳහා රනිල් පැමිණ ඇත්තේ එම සමීපස්ථභාවයද සමගිනි.
මෙම රාත්‍රී සාදය සඳහා මහින්ද,ශිරන්ති හා ශිරන්ති සොයුරු නිශාන්තද පැමිණ තිබේ. ඔවුන් සියල්ල එක්ව අසුන්ගෙන සිටි බවද වාර්තාවේ.
කලකට පසුව පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ එහිදී මහින්ද සමග සිදු කළ සාකච්ඡාව ගැන දේශපාලන ලෝකයේ විශේෂ සැලකිල්ලක් ලැබී ඇත.