කොරෝනා වෛරස් ව්‍යාප්තිය සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශ යොදා ගනිමින් සාමකාමි උද්ඝෝෂණ මැඩපැවැත්වීම සහ අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමට පොලිසිය ගන්නා ක්‍රියාමාර්ගවලට එරෙහිව සමඟි ජන බලවේගය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදි.
සමඟි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, හර්ෂණ රාජකරුණා සහ මයන්ත දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිනුයි මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ.එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ නීතිපතිවරයා නම් කරමිනි.
පෙත්සම්කරුවන් කියා සිටියේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් නිරෝධායන පනත යටතේ කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා මාර්ගෝපදේශ මාලාව විරෝධතා තහනම් කිරීමට යොදාගෙන ඇති බවයි.
මෙම නිරෝධායන මාර්ගෝපදේශ උපයෝගි කරගනිමින් පොලිසිය විසින් සාමකාමි උද්ඝෝෂණ දිගින් දිගටම මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටින බවට චෝදනා කරන පෙත්සම්කරුවන් ඊට සහභාගි වන පුද්ගලයින් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීමට හා අත්තනෝමතික ලෙස නිරෝධායනය පිනිස යයි කියමින් ඈත පලාත්වලට පිටත්කර යවන බවට සඳහන් කර ඇත.
මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් සහතික කර තිබෙන ජනතාවගේ භාෂණයේ හා ප්රකාශනයේ නිදහස නමැති මූලික අයිතිය උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කාර සමඟි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙයි.
0 Comments