පාසල් ගුරුවරුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන ලබන සඳුදා (12) සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.  මෙරට පාසල් 10155 සිටින මෙතෙක් එන්නත් ලබාගෙන නොමැති සියලුම ගුරුවරුන්ට එන්නත් ලබා දෙන බවද අමාත්‍යාංශය පවසයි. 

ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට අමතරව අනධ්‍යයන සේවකයන්ටද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
සතියක් ඇතුළත දිවයිනේ සියලුම ගුරුවරුන්ට එන්නත් ලබාදී අවසන් කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.ළමයින් 100 ට අඩු පාසල්  මේ මස ඇතුළත විවෘත කිරීමට අපේක්ෂිත බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ සම්බන්ධ අදහස් පළකරමින් ඊයේ ප්‍රකාශ කර සිටියේ මෙම එන්නත් ලබාදීමේදී සියලුම ගුරුවරුන්ගේ වයස් කාන්ඩ නොසලකා එන්නත ලැබෙනු ඇති බවයි. එසේම මෙම එන්නත්කරණ වැඩසටහන පුද්ගලික පාසල් හා උපකාරක පන්ති ගුරුවරුනටද ඉදිරියේදී විවෘත කිරීමට කටයුතු සූදානම් කර ඇත.
මෙලෙස ලබාදීමට සැලසුම් කර ඇත්තේ ෆයිසර් එන්නත බවද වාර්තා විය.