පානඳුර අලුබෝමුල්ල බොල්ගොඩ ගගේ පාවෙමින් තිබූ මත දේහයක් ඊයේ (14දා) හමු වූ බව පානදුර දකුණු පොලීසිය පවසයි.මොහු භාවිත කළ බවට සැකකරන රෝද තුනේ පාපැදියක් හා අත්වාරුවක් බොල්ගොඩ පාලම අසල තිබී හමු වූ බව පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයා මීට දින දෙකකට පමණ ඉහතදී බොල්ගොඩ පාලම අසල තිබෙන විහාරස්ථානය ඉදිරිපිට සිට එහි පැමිණෙන බැතිමතුන්ගෙන් උදව් උපකාර ඉල්ලමින් සිගමන් යදිමින් සිටි බව අනාවරණය වූ බව පොලීසිය පවසයි.
එම පුද්ගලයා බොල්ගොඩ පාලම මතින් ගඟට පැන්නාද? වැටුණාද? යන්න වශයෙන් කිව නොහැකි බව පොලිස් තිලධාරියක් පැවැසීය. මෘත ශරීරය වැඩිදුර විමර්ශන සදහා පානදුර මූලික රෝහලේ මත ශරීරාගාරයේ තැන්පත් කළ බව පොලීසිය කියයි. පානඳුර දකුණ පොලීසිය සිද්ධිය පිළිබද වැඩිදුර පරික්ෂණ පවත්වයි.
(බන්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ)
0 Comments