canada-victoria-statues


කැනඩාවේ ප‍්‍රදේශ කිහිපයක පිහිටුවා ඇති බ්‍රිතාන්‍යයේ රැජිනගේ ප්‍රතිමා ඇතුළුව බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන්ගේ ප්‍රතිමා කිහිපයක් බිම හෙළීමට එරට ස්වදේශික ජනතාව පසුගියදා පියවර ගත් බව වාර්තා වෙයි. 

මෙම පිළිම අතර බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ පිළිම වන බව පැවසෙයි. කැනඩාව යටත් කරගත් බ්‍රිතාන්‍ය පාලකයන් එරට විසු ස්වදේශික ජනතාව වෙත එල්ල කළ අඩත්තේටම්වලට එරෙහිව විරෝධතා දැක්වීමක් ලෙස මෙම පිළිම කඩා බිදදමා තිබේ. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය පාලකයන්ගේ අනුග්‍රහයෙන් එරට තුළ ක්‍රියාත්මක කෙරුණු මිෂනාරි අධ්‍යාපන ආයතන හරහා මෙම දේශික දරුවන් විශාල ප්‍රමාණයකට හිරිහැර සිදුවුණු බවත් ඉන් බොහෝ දේ පිරිසක් ඝාතනයට ලක් වූ බවටත් චෝදනා එල්ල වී තිබේ.

දැනටමත් මෙවැනි පාසල් පැවැති භූමි තුනක් තුළින් එම ස්වදේශික දරුවන්ගේ බව සැලකෙන සිරුරු විශාල ප්‍රමාණයක් හමුවී තිබේ. ඒ අනුව සෑම දරුවෙකුම වටිනවා යන විරෝධතා පුවරු සහිතව. මෙම පිරිස එරට පැවැති යටත්විජිත පාලනයට එරෙහි විරෝධතාවේ නිරතව සිටින බව පැවසෙයි.