chandana-wicremasinghe

අපේ ජිවිත කාලේ අපිට බොහෝම හදවතට දැනෙන සහෘදයින් හම්බ වෙනවා.මේ හමුවෙන සහෘදයින් අතරේ හිතේ රැඳෙන චරිත තියනවා. මේ චරිතය නිකන්ම නිකන් චරිතයක් නෙමෙයි.. ඔහු ප්‍රතිභාපුර්ණ කලාකරුවෙක්.. තමනුගේ නර්තය හැකියාවෙන් අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලොකයේම අවධානය ඉතාමත් තදින් දිනාගත් නර්තනවේදීයෙක්. ආදරයෙන් ඔබව පිළිගන්නවා චන්දන වික්‍රමසිංහ..


මම චන්දන වික්‍රමසිංහ කියලා කිව්වම හරිද තවත් නම් තියෙනවද?

 නැ.. චන්දන වික්‍රමසිංහ පමණයි..


අපිට ඔබේ ළමා කාලය ගැන කියන්න

මට අවුරුදු 5දී විතර තමයි අම්මලා දැනගත්තේ මට නටනන් පුළුළුන් කියලා.. එ කියන්නේ මම අහමුතු චලන දාන පිරිමි ළමයෙක් කියලා.. සමාන්‍ය දරුවෙක්ට වඩා වෙනස් විදියකට එ දරුවා වැඩ කරනවා කිව්වාම ඒ අම්මාට තාත්ත්ට ප්‍රශ්න වුනාලු.. හැබැයි අවුරුදු 5 වෙද්දී අම්මාත් තීරණය කලා මෙයාට වෙනස් විධියේ හැඩතලයක් තියෙන පිරිමි ළමයෙක්. ඒ නිසා අපි මේ චලන වලට ඉඩ දෙන්න ඕන කියලා. ඒ චලන වලට තමයි අම්මායි තාත්තයි ඉඩ දුන්නේ.. චිත්‍රෙස්න කලාඅයතනයට යනකොට මම මෙන්න මෙචච්රක් විතර ඇති පොඩි දරුවෙක්.. මම අවුරුද්දක් විතර කාලේදීත් මෙහෙම ගහනවා මේසේට.අම්මා ඒ්වා හඳුනාගත්තා.. මට අද වගේ මතකයි මම හරිම පොඩියි. තැඹිලි පාට පොඩි කොට කලිසමකුත් ගහගෙන ටීෂර්ට් එකත් ඇඳගෙන බෝතලයකුත් දාගෙන මට මතකයි මාව කොල්ලුපිටියේ තියෙන චිත්‍රෙස්න කලාඅයතනයට අරගෙන යනවා අම්මයි තාත්තායි.. පුංචි කාලේ එහේ නැටුවා.


ගම කොහෙද?

මොරටුව.. මහ ගෙදර එහා පැත්තේ.. ඉතිං පොඩි කාලේ මට හැඩේ ලැබුණා අන්න එක තමයි වැගත් වෙන්නේ.. නැට්ටුවෙක්ට හැදෙන්න ඔන හොඳම හැඩේ මට හැදුනා..


ඒ කියන්නේ ඔබේ මුල් ගුරුතුමා චිත්‍ර සේන ?

චිත්‍ර සේන කලාඅයතනයෙන් තමයි ඉගෙන ගත්තේ. වජිරා මිස් තමයි මට ඇතත්ටම තෙයි පැගුවේ.. හැබැයි අවුරුදු 5ක් විතර ගියාට පස්සේ යම්කිසි සිද්ධියක් නිසා මට සිද්ධ වුනා එතනින් නවතින්න. අම්මයි තාත්තයි තීරණය කලා මාව බුදවත්ත සර්ට බාර දෙන්න.. ඉතිං මාව ගිහල්ලා බුදවත්ත සර් ගාවට බාර දුන්නා.. බුදවත්ත සර් ගාවට  ගිහින් බාර දුන්නහම ඔහුගෙන් මම නැටුම් ඉගෙන ගත්තා.. කුලසිරි බුදවත්ත රංගායතනයේ වෙස් බැඳපු පළමු ශිල්පීයා වුණේ මම. ඉතිං එ ළමා කිලයෙන් තරුණ්‍යට එනකොට බුදවත්ත සර් ළඟ තමයි හිටියේ.. එක්තරා දිනයකදී මට සිද්ද වුනා එතනිනුත් යන්න. මම තීරණය කරා සාමා බැලේ එකට යන්න ඔනේ කියලා.මේක වෘත්තියක් කරගන්න. එ වෙද්දී මම උසස් පෙළ හදාරලා හිටියේ.



අධ්‍යාපනය ලැබුවේ?

කොළඹ මහානාම විද්‍යාලයේ.


පාසලේ ඉන්නකොටත් දැන් ඔබ නර්තනයට දක්ෂයි. නර්තන කටයුතු වලට ස්මබන්ධ වුනාද?

වැඩිය නැ. මොකද අපේ පාසල තුළ හරියට කොන් කරා නටන පිරිමි ළමයින්ව. මට එක හරි ලැජ්ජාවක් වුනා සමහර වේලාවට.දැන් නම් එහෙම නැ.. ආදි ශිෂ්‍යෙයා ටික මාව උඩින් තියාගෙන ඉන්නේ මහානාමේ. නමුත් මට මතකයි ඒ කාලේ පාසලේ මොනටහරි නැටුවාම හරි විහිළුකට ලක්වෙනවා අපි. නමුත් එ ආසාව ඉෂ්ඨ සිද්ද කරගන්න ඕන නිසා මම 1987 දී A/L වලින් පස්සේ මම කලේ Bio Science. අර කාටත් හම්බ වෙනවා වගේ විශ්වවිද්‍යාෙල් යන්න වරම අහිමි වෙනවා. එ නිසා තව course එකක් කරලා රට තුළ අනාත වෙනවට වඩා මම හිතුවා මගේ උපතින් ඇඟෙන් ආපු හැඩයක්..මට හොඳම තැන තමයි සාම මුද්‍රා නාට්‍ය කාණ්ඩායම.. සාම මුද්‍රා නාට්‍ය කාණ්ඩායමට බැඳුණා මම වෘත්තීය  නර්තන ශිල්පියෙක් විදියට 1987. අවුරුදු 21 ඉඳලා 28 වෙනකන් මහාචාර්ය මුදියාන්සේ දිසානායක, රවි බන්දු විද්‍යාපති මහත්මයා යටතේ එකේ තිබුණ සාම මුද්‍රා නාට්‍ය රොමියන් ජුලියට් රවි සර්  කරපු හැම නිර්මාණයකටම මම සම්බන්ධ වුනා. දැන්  මේ අවුරුදු 21 ඉඳලා 28 වෙනකන් කියන්නේ කොල්ලෙක්ගේ නිකන් සුකිත මුදිත වයසනේ.. එ කාලේ හිටියේ කෙහෙද ප්‍රංශයේ, ඉතාලියේ ගම්මාන වල, බෙල්ජින් වල ගම්මාන වල ලොකේ නොගිය රටක් නැ. මම හිතන්නේ වයස 28 වෙද්දී රටවල් 17කට විතර ගියා රවි සර් එක්කයි මුදියන්සේ එක්කයි සාම බැලේ  එකේ.. මගේ ජිවිතේ ගෙවුණේ ප්‍රංශයේ , ඉතාලියේ එ වගේ ලස්සන රටවල් වල.summer කාලේ පටන් ගන්නවා මාස දෙක තුන යුරෝපයෙ  තිබිච්ච විවිධ festival වල සාම බැලේ එකත් එකක් ගෙවුනා..

දැන් එතකොට මට දකින්න හම්බවෙනවා virgin island කෙල්ලෝ ටික එනවා, african කොල්ලෝ ඉන්නවා. ඔන්න මගේ ඔළුවට වැටෙන හැඩතල.. ඒ තුළ මම මාර විදියට විචිත්‍ර වෙනවා.. විවිධ නැටුම් මම දකිනවා.හැබැයි පුංචි කාලේ ඉඳලා මගේ අදහසක් තිබුනා choreographer කෙනෙක් වෙන්න. මම choreographer කෙනෙක් වෙන්න උසස් අධ්‍යාපනය හදාරන්න කලින් මගේ යෞවනයේ මම ඒ සියලු අත්දැකීම් ලැබුවා.. ඉතාලියේ මිදි හදන ගම්මාන වල මිදි festival වලත් නටලා තියෙනවා. කවුරුත් විශ්වාස කරන්නේ නැ.. එ නිසා නොදැකපු දෙයක් නැ ලොකේ.. දැකලා තමයි තීරණය කලේ අවුරුදු 28දී සාම එකට සමුදීලා උසස් අධ්‍යාපනයට ඉන්දියාවට  ගියා.

අවුරුදු 20 ත් අවුරුදු 28ත් කාලය තුළදී මුළු ලොකේ වටිනාම රටවල් ගණනකට ගිහිල්ලා ඒ අත්දැකීම් තරුණයෙක්ට ලබා ගන්න හැකිවෙනවා කියන්නේ ලෙහෙසි දෙයක් නෙමෙයි.?

 මගේ ජිවිතේට මම ලබපු ලොකුම භාග්‍ය තමයි ඒ අවුරුදු 7 දී සාම මුද්‍ර නාට්‍ය කාණ්ඩායමේදී මුදියන්සේ එක්ක traditional dancing  සහ ජන නැටුම් හරහා ඔවුන්ගෙන් දෙයක් ඉගෙන ගන්න ගමන් රවි සර් හරහා fusion dance ඉගෙන ගන්න ගමන් ඒවා ලෝක වේදිකාවේ නැටුවා.ඇත්තටම මට ආස හිතුනා රවි සර් වගේ නිර්මාණාත්මක නර්තනය කරන්න මුදියන්සේ වගේ හොඳට දඟලලා නටන්න සහ චන්න සර්ව දකිනවා television එකේ. එහෙම අසාවක් මගේ හිතේ තිබුනා. මම හරි හොරෙක්. මම හැම රටකටම යද්දී දකින හැම නර්තනයන්ගේම මම වර්ණ හොරකම් කරගත්තා. හැබැයි මම මුලික තියාගෙත්තා බටහිරකරණය ලක්වෙන්නේ නැහැ එවායේ කලර්ස් විඳින්න ඉගෙන ගත්තා. එහෙම තමයි මම ලංකාවට ආවේ ඇවිල්ලා හිතුවා ඒ අවුරුදු 8දී මට එක රටකවක් ඉන්න හිතුනේ නැහැ. වැඩේ කරලා ඉක්මනට ගෙදර එන්න ඕනකම තිබුනේ. ඒ අවුරුදු 8 මම ගෙවාගත්තේ මම කොහොමද මෙකෙන් ඉක්මනට ගැලවෙන්නේ කියලා.

රවි සර් අපිට උගන්නවනවා ශොකාන්ත නාට්‍ය මේ නැටුම් කරපු අපිට පෙරහැර කරපු අපට රවි සර් උගන්වනවා  ශෝකාන්ත.. ඕවා දකින විචිත්‍රවත් වෙන මම අවුරුදු 28දී මගේ මමා තමයි මහාචාර්ය හේම විජේවර්ධන.එ කියන්නේ management faculty එක හැදුවේ ජපුර විශ්විද්‍යාලයට. එතුමා තීරණය කරනවා මාව දැන් නට නට හිටියා ඇති ගිහිල්ලා ඕක ඉගෙන ගෙන නටන්න. මාව ඉතිං ඉන්දියාවට යවනවා..

අද මෙතන ඉන්න චන්දන වික්‍රමසිංහ ඉන්දියාවෙන් නර්තන අභාෂය ලැබුණු විදිය දැන් අපි අහමු.

විශ්ව භාරති විශ්වවිද්‍යාලයට තමයි මම ගියේ.

දැන් බොහෝ විට තරුණයින් දිහා බලනකොට ගෙවල් වලින් කැමති වෙන්නේ නැනේ මේ නර්තනයම ජිවිතය කරගන්න රැකියාවක් වශයෙන් ඉදිරියට ගෙනියන්න ඔබේ දෙමාව්පියන්ගෙන් ප්‍රශ්නයක් ආවද?

තාත්තා මුලින් අකමැති වුනා.. මොකද පවුලේ වැඩිහරියක් ඉන්නේ වෛද්‍යවරු සහ විවිධ අධ්‍යාපන ක්ෂ්‍රේතවල ඉන්න අය.. හැබැයි උසස් අධ්‍යාපනයට යොමු කරන්න මට හොඳ මාමලා ටිකක් ඉන්නවා. එයාලා තමයි ඉතිං මාව ඉන්දුනීසියාවට යැව්වේ. ශාන්ති නිකේතනයට මාව අරගෙන  ගියේ කවුද කියලා කවුරුත්  විශ්වාස කරන්නේ නැ අපේ රටේ ජිවත් වෙන ප්‍රදීප් රත්නායක. ඔහු තමයි මාව එක්කන් ගිහිල්ලා ඇඩ්මිෂන් අරන් දීලා ඒ සියලු දේ කරේ ප්‍රදීප් රත්නායක කියන සිතාර් වදනයෙන් නිපුන් . ඔන්න මම විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා ඉගෙන ගත්තා. කත කලි කියන්නේ කතාන්දර කෙලිනවා. මට කතාවක් කියන්න පුළුවන් කැමරාවට..සිංදුවකට වචන හොයලා නටන්න පුළුවන්. එක ඉගෙනගත්තා නිකන්ම.. ඒ නිර්මාණශිලි දේ හම්බ වුනේ ශාන්ති නිකේතනයෙන් හැබැයි ජිවිතේ වෙනස් වුන තමයි  ශාන්ති නිකේතනය. මේ පැත්තේ  තියනවා කලා භාවන්‍ය.කලා භාවන්‍යට කියන්නේ චිත්‍ර අඳින පැත්ත.

ශාන්ති නිකේතනය තියෙන්නෙ කොතැනද?

කල්කටාවට ගිහිල්ලා කල්කටාවෙන් යන්න ඕනේ පැය දෙකහමාරක් බොල්පුර් වලට .බොල්පුර් වලින් බැස්සහම තාගෝරතුමා හදපු අක්කර සිය ගානක විශ්වවිද්‍යාලය තියෙනවා. ඒවයි ගස් යට ළමයි නටනවා, චිත්‍ර අඳිනවා. පාසල් ළමයින් සින්දු කියනවා .විශ්වවිද්‍යාල ළමයි චිත්‍ර අඳිනවාට අමතර අඹන අය වෙනම කලා පුරයක්.. ඉතින් එතනට ගියාම තමයි ජීවිතය කියවන්න දැන ගත්තෙ.. සාම බැලේ එකේ ඉන්න ගමන් මම හොරකම් කරගත්තානේ කරගත්තා colours  එහෙම.. දැන් colours විඳින්න පටන් ගත්තෙ එහෙදි .ඒ කියන්නේ මට විශ්ව විද්‍යාල වැඩේ ඉවරයි උදේ 8.00 ඉඳලා 12.00 වෙද්දි වැඩ ඉවරයි. විශ්ව විද්‍යාල වහනවා .හැබැයි දොළහෙන් පස්සේ අදටත් එහෙම ශාන්ත නිකේතනය.  දොළහෙන් පස්සෙ මම ඉන්නේ කාමරේ නෙමෙයි. මම ඉන්නේ මා විසින් තෝරා ගන්නා ලද චිත්‍ර ශිල්පීන්ගේ කුට්ටිවල.





එක පිරිමි ළමයෙක්‍ට එක කුටියක් තියෙනවා. එක ගෑනු ගෑනු ළමයෙක්ට එක කුටියක් තියෙනවා. ඔහොම ඔහොම කුටි ගොඩක් තියෙනවා. එ කුටි වලට වෙලා  එයාලා චිත්‍ර අඳිනවා .මම ඉතින් විදේශීය ශිෂ්‍යයෙක් මම  චිත්‍ර අඳිනවා..මට චිත්‍ර හොඳට අඳින්න පුළුවන්. ඒ ඉන්න ගමන් කෙල්ලො කියනවා චන්දන ඕවාට දාන්න පාට කියලා.ඉතිං චිත්‍ර වලට පාට ගහනවා.. තවත් වර්ණවත් වෙනවා  කලාමැදිරියෝ පිරිලා කලා නිකේතනයේ.. ශෙහාන් ම‍ෙවල බොහොම ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක්. එතකොට පිංකි කුමාරි මේ දවස්වල  ලංකාවේ ඉන්නවා ශෙහාන්ගෙ wife. එතකොට ජයවන්ති පණීභාරත. අපි දෙන්නා එකට ඉගෙන ගත්තේ. අපේ චන්න සර්ගෙ නෑනා. .අපි කට්ටියට එකට තමයි ඉන්නේ. අපි තමයි සහෘදයෝ. අපිට විවිධ  ශිෂ්‍යයොත් ඉන්නවා .එතකොට රාත්‍රී කාලේ හරිම චමත්කාරයි. ඕවා තමයි වින්ඳේ.  අපේ අවුරුදු මම අවුරුදු හතරකට කිට්ටුවෙන්න විශ්ව විශ්වවිද්‍යාලයෙහි හිටියා.  ය ඒ විශ්ව විද්‍යාලයේ හිටපු අවුරුදු හතර තුළ මම වෘත්තිමය වශයෙනුත් වැඩ කරන්න ඉගෙන ගත්තා.මම සංගීත් නාටක ඇකඩමියට වැඩ කළා .එතනදිත් පොඩ්ඩක් හම්බකරන වැඩ කළා. මම Kandyan dancing කල්කටාවේ සමහර තැන්වල ඉගැන්නුවා සමහර නර්තන ආයතන වලට.මොකද තාර් ගුරුතුමා හරහා  ලංකාවේ උඩරට නැටුම ප්‍රචලිත වෙලා තියෙනවා අදටත් කල්කටා වල. චිත්‍රසේන මහත්තයාලා පණීභාරත මහත්මයාලා ඉගෙන ගත්තේ එ විශ්වවිද්‍යාලයෙන්. එ ලෙජන්ඩ්ස්ලා හදපු විශ්වවිද්‍යාලය.

 චිත්‍රසේන  මහත්තයා, පණීභාරත් මහත්මයා, මකුලෝලුව මහත්මයා අන්තිමට සේනාරත්න පතිරණ මහත්මයා ඒ වගේම වසන්ත කුමාර මහත්මයා ,සෝමා උඩබාගේ බතික් කලාව ලංකාවට ගෙනාපු. එතැන සිට දැන් ඉන්න  pradeep rathnayake ලෙජන්ඩ් අපි ඉන්න දක්වා විශ්ව විද්‍යාලෙ තමයි අම්මයි තාත්තයි මට ඉගැන්නුවේ. ඒ ගිහිල්ලා තමයි ඒ විචිත්‍ර වුණා.ඔයා දකිනවා මගේ නර්තන කණ්ඩායම තුළ හොඳ තාන්ඩව නටන පිරිමි ළමයි ඉන්නවා. ඒ වගේම දකිනවා සුකුමාර ගෑනු ළමයි ටිකක්. දැන් තමයි best ම කෙල්ලො ටිකක් ඉන්නේ. දැන් තමයි ලස්සනම කෙල්ලො ටිකක් ඉන්නේ .ඒක මම ඉගෙන ගත්තෙ ශාන්ත නිකේතනය ඉද්දි මම යනවා lifestyle වැඩ වලට .



දැන් අපි චිත්‍ර ශිල්පීයන්ට අඳින්න ගැහැනු ළමයි ඉන්නවා සමහර වෙලාවට models ලා විදිහට. ඒ models ලා අඳිනකොට අපි හිතමු දැන් ගැහැණු model කෙනෙක් වඳිනකොට ඒ හැඩතලනේ අපි අඳින්නේ. මං එ හැඩතල දාගත්තේ ඔළුවට. කට්ටිය වාඩි වුනා වර්ක්ෂොප් එකේ. පිට අයට එන්න දෙන්නෙ නැහැ. මම අවසර අරගෙන යනවා. ගියාම මම ඒ හැඩය බලනවා ගැහැනු  ලමයින්ගෙ හැඩ. ඒවගෙම පිරිමිත් ඉන්නවා අඳින්න. එතකොට එ පිරිමින්ගේ තියෙන හැඩෙත් ඕක තමයි චන්දන වික්‍රමසිංහගේ තාන්ඩව සහ ලස්‍ය  දෙකම තියෙන්නේ.ඔබ දකිනවා ඇති සමහර නර්තන ශිල්පීන්ගේ choreographer ගැහැණු විතරයි ලාස්‍ය.එකට හේතුව මා තුළ ගැහැණියෙක් සහ මිනිහෙක් දෙදෙනෙක් ජිවත් වෙනවා.තාන්ඩව කියන්නේ හරියට තාණ්ඩව නටනවා. ලාස්‍ය කියන්නේ බොහොම සුකුමාල ඔය දෙකම මම ඉගෙන ගත්තේ කතකාලි නැටුම් වල තියෙන්නේ ගොඩක් තාණ්ඩව ස්ටායිල්. ඔය දෙකම මම මැනවින් අධ්‍යනය කලා.. මට හොඳට පිරිමියෙක් වගේ නටන්න පුළුවන්. මට හොඳට ගැණියෙක් වගේ නටන්නත් පුළුවන්. එ කියන්නේ මගේ ලිංගිකත්වය කියන එක නෙමෙයි. මට හොඳට අනුකරණය කරන්න පුළුවන්.. මට තිබුනා හැඩතලයක් ,අසාවක් ඒක සම්පුරණ වාර්ණවත් කරගත්තා ඉන්දියාවේදී.මට හිටා හොඳ මිතුරන් සහ මිතුරියන්..ඔවුන් හරි ඔපන් මයින්ඩ්. එයාලා මාත් එක්ක මගේ හැඟීම් උපරිමය බෙදා ගත්තා. එ නිසා සිත දියුණු කරගත්තා මම එ පැත්තෙන්. හැබැයි ලංකාවට ආවට පස්සේ තමයි මගේ ජිවිතේ තුන්වන කොටස පයන් ගන්නේ.


අවුරුදු 32 වනකොට ඔබ නැවත ලංකාවට එනවා. එතනින් තමයි ලංකාවේ වෘත්තීමය චන්දන වික්‍රමසිංහයන්ගේ ආරම්භය ඇරඹෙන්නේ්‍?

ඔව් ඔබ නිවරදියි.


එතැන් සිට ඔබ කියන්න?

එතැන් සිට  මම හිතන්නේ මම යන්න ඕන අමාරුම කාලේ ගත කලේ ඒ ටිකේ. ලංකාවට ආවට පස්සේ ලේසි වුනෙ නැහැ. මම එනකොට චන්න සර් ෆැන්ටසි එක හදලා ඉවරයි ලංකාවේ. රවි සර් තමන්ගේ බෙර වලින් නිර්මාණශිලි නර්තනයෙන් මේක අල්ලලා ඉවරයි.. රැජින මිස් වෙනම culture එකක් හදලා ඉවරයි.බුදවත්ත සර් අරලියලන්දයට කෙල්ලෝ ටික මතකද එ කාලේ..එතකොට මම කොහාමද යන්නේ.. එ නිසා ලේසි වුනේ නැ. මේ පස්දෙනාගෙන් චන්න සර් අරෙන්න අනිත් ඔක්කොම ගුරුවරු. නමුත් චන්න සර් තමයි  මේ නැටුම change කරපු තැන හිටපු මනුස්සයා. එ කියන්නේ චිත්‍ර සේන මහත්මයාගෙන් ඊළඟ යුගය කියලා මම පිළිගන්නේ චන්න යුගය.. ඊටපස්සේ පරපම්රාවනේ අපි..හැබයි ලේසි වුනේ නැ මේ අස්සෙන් රිංගලා යන්න. කලාත්මක පැත්තෙන් අපේ හැඩේ හරියයිද , අපේ මාර්කටින් පැත්ත , මට සමහර වේලාවට events වලට ගියාම ගොඩක් කතා අහගෙන ඉන්නවා.. මම ඉස්සෙල්ලාම බැලුවේ මට තියෙන අඩුපාඩු මොනවාද කියලා. මම හොයන්න ගියේ නැ අර කිව්ව කාණ්ඩායම් වල ආඩුපඩු මට වැඩක් වුනේ නැ. එයාලාගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා මම බැලුවා..


පිරිමි සිත ගැහැණු සිත අවදි කරන වැඩක් තමයි මම කරේ. මම ඇත්තටම ගැහැණු සිත  තමයි අවදි කරගත්තේ.. ගැහැණු සිත වසඟ වෙන විදියේ පිරිමි ටිකක් හැදුවා. මට වැඩ ගොඩක් ආවේ එහෙමයි.. හොඳට කකුල් තියෙන,හොඳට ඇඟ සික්ස් පැක් තියෙන මගේ කොල්ලෝ ටික ඔහොම කරලා නැටුවට පස්සේ ඊළඟ සැරෙත් මහත්තයාට කියනවා ඒ කාණ්ඩායම ගන්න කියලා..එහෙම දේවල් තියනවා.අපි දිව්‍ය ලොකෙන් කෙල්ලෝ ගෙනත් බැස්සුවත් වැඩක් නැ චන්න සර් එක හදලා ඉවරයි.. එ ළමයි ටික දැන් නැති වුනාට මට මතකයි වින්ද්‍යා නංගිලා නටන කාලේ චන්න සර්ට එ ඔටුන්න ලැබිලා ඉවරයිනේ.එ නිසා හැදුවා එකේ ඔපසිට් එක.. එ වෙද්දී මම විශ්ව විද්‍යාලයේ ගිහිල්ලා පිරිමි අඟපසඟ ගැන ගැහැණු අඟපසඟ ගැන සජීවි සරුර දැකපු කෙනෙක් මම. ඇයි චිත්‍ර අඳිනකොට. ඉතිං ගැමැණු සිත අවදි කරා මම..ඒ ඔස්සේ ලංකාවේ පමණක් නෙමෙයි මට පුළුවන් වුණා ලොකේ අතිශය ධනවත් ගැහැණු සිත් අවදි කරන්න.


විශේෂයෙන්ම ජොහැන්නස් නර්තනය ඉදිරිපත් කරපු අකාරය.. මොණරා ට නටපු නැටිල්ල අදටත් ජොහැන්නස්ව අඳුන්වන්නේ මොණරා කියලා.



එ කියන්නේ දැන් මම ජොහැන්නස්ට කියනවා නම් එක තමයි නැට්ටුවෙක්ගේ තියන වැදගත්කම. ජොහැන්නස්ට මට යන්න ඔන ඔහොම ඔහොම ඔහොම කිව්වාම ජොහැන්නස්ට යන්නේ ඔහොම.. එ කියන්නේ ඔහු තුළ තියන කුසලතාවය ඔහුට දුන්න චරිතයට මම දාපු එකට ඔහු එකතු කරනවා..එක ලංකාවේ මෑත නර්තන ක්ෂ්‍රෙත්‍රෙයේ හැරවුම් ලක්ෂය කියලා ගොඩෙක් අය ලියලා තිබ්බා. හැමදාම පෙරහැරේ නටපු අපි හැමදාම තාණ්ඩ වල නටපු අපි එක පාරට පිරිමියෙක්ව සතෙක් කරනවානේ... එක ලේසි වැඩක් නෙමෙයි.. පිරිමිකමත් තියා ගන්න ඕන උකුසු ඇස් තියාගන්න ඕන මොනරා බලන හැටි එ සේරම තියනවා..රටවල් 48 විතර එ නැටුම පෙන්නලා තියෙනවා.. අපි විශාල විදේශ විනිමයක් ගෙනත් දීලා තියෙනවා මේ මොණරා හින්දා. මම  මේ වෙද්දී රටවල් 76ක විතර නටලා තියෙනවා. 76ම මොණරා නටලා තියෙනවා කීපසැරේ..



ඔබට අවස්ථාව ලැබෙනවා මුළු ඉන්දියාවේම ඉන්න ධනවත් ව්‍යාපාරිකයා මුකේෂ් අම්බානි මැතිතුමාගේ දියණියගේ විවාහ මංගල උත්සවයේ ප්‍රධානතම නර්තන කාණ්ඩායම විදියට නැටුම් ඉදිරිපත් කරන්න?

එක චන්දනට වඩා වටින්නේ ලංකාවට ලැබිච්ච අවස්ථාවක්.එ හිටපු පිරිස ඉදිරියේ නටන්නේ ලංකීක නැටුම්. එක මම හිතන්නේ tourism promotion වලටත් හොඳ වැඩක් වුනා.. මම මේ ලංකාවේ ප්‍රතික්ෂේප වුනා යම් යම් වැඩසටහන් වලදී. ඉතාම කණගාටුදායක හිතතෙන විදියට නැටුම් කාණ්ඩායම් ප්‍රතික්ෂේප කරන අවස්ථාන් තිබ්බා..එකේ එක ප්‍රතිළුලයක් තමයි මම අකබාර් අල්බේකාව අඳුර ගන්නේ.qatar airways එකේ. මට ඉන්දියාවට යන්න තිබුනා flight එකක්. මම යන්න හිටියේ භාතිය සන්තුෂ එක්ක නමුත් මොකක් හෝ හේතුවක් නිසා සිකුරදා යන්න හිටිය මාව බදාදා වෙද්දී නවත්වනවා.. ටිකට් ගෙනත් බාරදෙන්න කියලා මගේ event manager කියනවා.



මම දුකට පත්වීම event manager ටත් දුකයි. නමුත් එකට වෙන කාණ්ඩායමක් යනවා. එ ප්‍රතික්ෂේප වීම තුළ එක්තරා දවසක හිල්ටන්  හෝටලයේ තියනවා qatar airways එකේ award ceremony එක. මම ඕකට යනවා එදා. මට එදා කියනවා චන්න මම ඔයාට මේක දෙනවා ඔයා මේක හොඳට කරන්න දවස් දෙකක් තියනවා. ඔයා award ceremony එක කරන්න. අන්න දැන් මට මොළේ පැදෙනවා. qatar airways එකේ CO fisrt time ලංකාවට එනවා.මම කල්පනා කරනවා මම මහද්වීප පහට නැටුම් පහක් හදනවා.. මම ගෙනවා cleopatra.කාපට් එකේ ඔතලා cleopatra ගෙනවා. මම බොලිවුඩ් එකක් පෙන්වනවා. african dance ඔය වගේ මම විවිධ දේවල් එක්ක ලස්සන ward ceremony එකක් කරා.





මම පිටිපස්සේ එනකොට පොඩි මහත්තයෙක් පිටරටක අරාබී මහත්තයෙක් ඇවිත් තට්ටු කරනවා. කාගෙද මේ dance එක? මම කිව්වා සර් මගේ. මම ඊයෙත් dance group එකක් දැක්කා හරි ලස්සනයි ලස්සනට නැටුවා කියලා කිව්වා.. හැබැයි ඔගොල්ලොගේ තියනවා හරි ජවයක් ඔගොල්ලෝ නටනවා cleopatra කාපට් වල ගෙනවා මේක මාර ග්ලෝබල්නේ...හෙට උදේට කෑමට මහත්තයාට එන්න පුළුවන්ද? මම කිව්වා පුළුවන් සර් ඊළඟට මට card එකක් දෙනවා. මම ගෙදර එනවා මට කාර් එකක්වත් තිබුනේ නැහැ එ කාලේ. මම උදේ දිල්හානිට කියනවා කවුදස මන්දන්නේ නැ ආරබී මනුස්සයෙක් මට එන්න කිව්වා දිල්හානි කිව්වා බලන්න කියලා.. akbar al bakers  chief executive officer qatar airways. මම ත්‍රීවිල් එකේ ගලදාරී එකට ගියේ.. ගිහිල්ලා උදේ එතුමාත් එක්ක breakfast එක ගන්නවා.. එ ගමනේ ප්‍රතිඵලයක් විදියට මම දෝහා, මැන්චේස්ටර් ,ඉස්ලාමාබාද් මට මතකත් නැ ගිය තැන් එතුමත් එක්ක එතුමගේ පෞද්ගලික කාණ්ඩායම විදියට මුළු ලොකයේම සැරිසරනවා.. බලන්න ප්‍රතික්ෂේප වීම තුළ මට ලැබුණ දේවල්.. මම මයුර සංදේශයේ ගිහිල්ලා සංදේශ කාව්‍ය එංගලන්තයේ tv theater එකේ පෙන්වන්නේ..එතුමා කියනවා ඔබගේ මේ මුද්‍ර නාට්‍ය ගිහිල්ලා පෙන්වන්න. මේ රාජ්‍ය ආරක්ෂ කරන්න බුදු දහම ආරක්ෂා කරන්න කියන මයුර සංදේශය ගිහිල්ලා එංගලන්තයේ පෙන්වන්නේ qatar airways එකෙන් ටිකට් 35ක් දෙනවා.. යන්න ගිහිල්ලා මේක එංගලන්තයේ පෙන්වන්න.. ඔය ඉහා සමානයි මේ සිද්ධිය. එක්තරා දවසක ටාජ් එකේ තියෙනවා පෙරමාර් ග්ලාස් company එකේ show එකක්..මම award ceremony එකේ නටනවා... Dr  Swathi  මට කතා කරනවා චන්දන ඔයාගේ නැටුම් දැක්කා ඊයේ. හරිම ලස්සනයි.. ඔයාගේ කාණ්ඩායම තුළ හොඳ ජවයක් තියෙනවා.. ඔය එක එක ජාතියේ එක එකට වඩා වෙනස්.ඔබගේ පළමු act එකට වඩා දෙවැනි act එක වෙනස්.. මාව පොඩ්ඩක් ඇවිත් හම්බ වෙන්න.

මම යනවා ගිහිල්ලා මම ඔවුන් එක්ක කරන පළමු නිර්මාණය තමයි Empress  of the monsoon. මේක පෙන්වන්න ඉන්දියාවේ බොම්බායේ නුවර ඉන්දියා ගේට් එක ප්‍රොක් එකක් විදියට අරගෙන ඒකේ ඉස්සරහා නැවක් නවත්තලා ඒ නැව ඉස්සරහ ව්‍යාපාරිකයෝ ඉන්නවා මම Empress  of the monsoon කරනවා ටොම් අල්ට කියන විදේශ නළුවත් එක්ක. ටොම් අල්ටයි මමයි තමයි මේක නිර්මාණය කරන්නේ. අපේ ළමයි නටනවා. භාතිය යනවා මාත් එක්ක Sing කරන්න. උමාරියා යනවා ,රන්යදීර් යනවා Sing කරන්න. මම තමයි එක්කං ගියේ මගේ වැඩක් ඒක. ගිහිල්ලා ඒගොල්ලො ඉංග්‍රීසියෙන් Sing  කරනවා. ඒ මුද්‍රානාට්‍ය පෙන්නලා අපි එනවා ලංකාවට. ඊට පස්සේ එතුමියගෙන් මට ආපහු වෙනවා මොකද එයා හොඳ කවියෙක්. Swathi perumal. ලැක්ටොකැලමයින් වගේ ව්‍යාපාර රැසක් හිමි. එතුමිය ඊළඟට කියනවා චන්දන මම කරනවා river dance opera එකක්. river dance opera කියන්නේ ශේම්ඩර් එක කොහොමද develop වුණේ කියන එක ඉන්දියාවේ ගංගා නම් නදිය දී ආශ්‍රයෙන්. ඔයා study කරන්න ඕනේ .ඒක ඔයා නැටුමට ගේන්න ඕනේ. ඔන්න මම යනවා parliament marg එකේ. තනිකර river dance opera එක කරනවා. ඊට පස්සෙ මට තව දවසක් කතා කරලා කියනවා චන්දන ඔයා under the stars concert එක කරන්න ඕනේ. මම අහනවා කොහොමද කොහෙද මැඩම් කරන්නේ.. දැන් මාත් එක්ක හරි හිතවත්නේ.


 මේක කරන්නේ jagrat fort එකේ රාජස්තාන් වල. ඔයත් එක්ක ශකීර් හුසේන් ප්ලේ කරනවා මං විතරක් මේක පණ්ඩිත් ජසරත් ප්ලේ කරනවා. ඔයා තමයි dancing පුලුවන්ද. yes. ගිහිල්ලා එකත් කරනවා. මම දැන් අපි අතරේ ගොඩක් හොඳ සම්බන්ධකම් ගොඩක් ඇතිවෙනවා. Swathi perumal  මට පුතෙක්ට වගේ සලකනවා. හරිම strong lady.ඔහොම ඉතින් දවසක් මට කතා කරලා කියනවා චන්දන මගේ පුතා බඳින්නේ ඉන්නේ. ඔයාගේ නැටුම් ඔක්කොම ඊෂ‍ා දැකලා තියනවා. අම්බානි  මහත්මයා දැකලා තියනවා.. මොකද හැම ප්‍රසංගයකටම ලෝකේ ධනවතුන් වගේම මං කිව්ව ප්‍රසංග වල එතුමන්ලත් ඉඳලා තියෙනවා. ඒ ගොල්ලො select කරලා තියනවා ඒ ගොල්ලන්ගෙ වෙඩින් එකට ඔයා එන්න ඕනේ කියලා. මට හරි සතුටුයි. ඉතින් එක ව්‍යාපාර කටයුත්තක්නේ ගණන් හිලව් කතා කළා.


ඊට පස්සේ මට කිව්වා චන්දන සිංදු ටිකක් එවන්න කියලා.. අර මම කිව්ව වගේ ලස්සන සින්දු දහයක් තරිඳු එක්ක එකතුවෙලා තෝරලා යැව්වා. සමහර සින්දු උදාහරණයක් විදියට කියන්නම් මුනිම් බද නම දිරෙ.. අන්න එහෙම සිංදුවක් කියන්න තියෙනවනේ.. මම ඕකත් යැව්වා. මට කෝල් එකක් එනවා දෙකට විතර ඔය සිංදුව හරියන්නේ නෑ. ඔයා හෙට උදේම ෆ්ලයිට් එක එන්න ඕන මාව හම්බ වෙන්න. දැන් මම යනවා ඊළඟ දවසේ උදේ ඉන්දියාවට. ඊට පස්සේ මාව එක්කගෙන ගියා. අපි එදාම සින්දු ටික select කරා. සිලෙක්ට් කරාට පස්සේ මාව එක්කගෙන ගියා ocean villa කියලා අලුත් ගෙදරට. ocean villa කියලා කියන්නේ isha ambani ට perumal පවුලෙන් ලැබිච්ච අලුත් නිවස. මාර ලස්සන ගෙයක්.  ඒකෙ ස්විමින් පූල් එක වහන්න කිව්වා මට නටන්න. චන්දනට ඕන විදියට හදලා දෙන්න කියලා කිව්වා. 2018 දෙසැම්බර් 12 තමයි විවාහ මංගල්‍යය තිබුණේ. ඒගොල්ලොන්ගෙ තිම් එක මුහුද. පටන් ගත්තේ ලංකාවේ ප්‍රශස්තියෙන්.. ලංකාවේ ප්‍රශස්තියෙන් තමයි ඊෂයි , පෙරාමලුයි ඇවිල්ල වාඩි උනාට පස්සේ ලංකාවේ සිංහල ප්රශස්තියකින් පටන් ගත්තෙ. මම හිතන්නේ items 12ක් දාහතරක් විතර කළා.


නළු නිළියොත් ගොඩක් සම්බන්ධ වෙන්න ඇති නේද?

ගොඩක් හිටියා. ඒක ඇවිල්ල සාමාන්‍ය මගුල් ගෙයක් නෙමෙයි. ඒ ගෙදර පොළොව යට තමයි quarters තියෙන්නේ. අලුත හදපු ගේයක්නේ.. මිනිස්සු තාම පදිංචි වෙලා නෑ. ඒවයි තමයි අපිව දාල තිබුන ෂෝ එක දවසේ. පල්ලෙහයින් අපි woki toki දාගත්ත මිනිස්සු උඩට ගේනවා ,නටවනවා ,බස්සනවා. ඕඩියන්ස් එක පැත්තකටවත් යන්න දෙන්නේ නැහැ. ඒකෙ මේ ලෝකෙ තිබිච්ච ලොකුම විවාහ මංගල්‍යයට ලෝකෙ අධිරාජයේ හිටපු ධනවත් ආර්යාවන් ධනවතුන් වියතුන් හිටපු තැනක්. මගෙන් අහනවා sharukhan එක ෆොටෝ එකක් ගත්තෙ නැද්ද කියලා. මහ පුදුම මානසිකත්වයක් තියෙන මිනිස්සු ඉන්නෙ.. ඇයි ඕගොල්ලෝ ඔච්චර ගියා aishwarya rai එක්ක පින්තූරයක් ගත්තෙ නැද්ද. මොන aishwarya  ද සෙනග කට කපලා. අපිව මෙතනින් ගේනවා ස්ටෙජ් දානවා ,නටනවා announce කරනවා  අයිටම් එක දානවා එහෙම පල්ලෙහාට ගෙනියනවා.


එතන රාජ්‍ය නායකයෝ කීදෙනෙක් ඉන්න ඇතිද එතන, මූනක්වත්  බලන්න හම්බ වෙන්නේ නැහැ.. අපි එනවා නටනවා යනවා ඒක තමයි ඇත්ත . මෙහේ පත්තර වල articles ගියා සමහර අය ෆේස්බුක්වල දාලා තියෙනවා අපි දැක්කේ නෑනේ ඓශ්චර්ය රායී එක්කවත් පින්තූරයක් අරගෙන තියෙනවා කියලා. ඓශ්චර්ය රායී එයිද  මාත් එක්ක පින්තූර ගන්න. අපි ගියේ එතන කටයුත්තකට. මේක ලංකාවට හම්බවෙච්ච ලොකු අවස්ථාවක්. ඒ අවස්ථාවේ උපරිමය ප්‍රයෝජනය ගන්නවා මිසක අපි ඕඩියන්ස් එකට ගිහිල්ලා දඟලන්න ගියේ නැහැ. මම හිතන්නේ මම amban ලාට කරපු හතරවෙනි, පස්වෙනි ෂො එක. කවුරුත් ඕක දන්නෙ නෑ මම අවුරුදු දහයක් තිස්සේ ඒගොල්ලොන්ට වැඩ කළා.




ඒ වගේ බොහොම අපූරු අත්දැකීම් රැසක් ඔබට තියෙනවා. 2004දි ඔබ කිව්වා ඔබට වාහනයක් තිබුණෙ නැහැ කියලා.. 2020 වෙනකොට ඊටත් කලින් ඔබ ලංකාවේ සුපිරිතම මෝටර් රථයකට හිමිකම් කියනවා. මම හිතන්නේ එ ආපු ගමන් මග සාර්ථකත්වය ඔබ විසින්ම අපිට කියා දීලා තියෙනවා. ඔබේ පවුල් ජීවිතේ ගැන කියන්න?


මම නොගිය තැනක් නෑ නොනටපු තැනක් නෑ. අන්තිමට Bolshoi theatre එකෙත් නැටුවා. ලංකාවේ බෝහෝ රඟහලේ නටපු පළමු කණ්ඩායම අපි රුසියාවේ.  එතකොට අපි ලෝඩ්ස් ක්‍රීඩාංගනයෙ නැටුවා. ක්‍රිකට් ගහලා ලන්ච් වෙලාවෙදි kandyan dance වලින් මුළු ලෝඩ්ස් ක්‍රීඩාංගනය ම පිරෙව්වා. ඒව තමයි international වැඩ කියන්නේ. ශ්‍රී ලංකා audience නෙමෙයිනේ. අර ලස්සනට ලෝඩ්ස් වල clap කරන්නේ මෙහෙම ක්‍රිකට් ගහනකොට. ඉතින් ඒ වගේ වැඩ ගොඩක් හම්බ වෙද්දි මේ සියලු දේවල් කළමනාකරණය කර ගනිමින් නැත්නම් දරුවන්ගේ දේවල් කළමනාකරණය කර ගනිමින් සියලු දේවල් ඇත්තටම ඉෂ්ට සිද්ධ කළේ දිල්හානි.මට පුතාල දෙන්නෙක් ඉන්නවා twins ලා. ඒ වගේම දුවෙක් ඉන්නවා මට හරිම ලස්සන. ඇය මේ වෙද්දි යුනිවර්සිටි එකේ cyber security. cyber security කියන්නේ සයිබර් අවකාශය තුල ආරක්ෂාව පිළිබඳව උපාධිය හදාරන හමාරයි. දැන් ඇගේ පශ්චාත් උපාධිට ලෑස්ති වෙනවා. කලාවෙ නොයෙක් තැන්වලින් මේ වෙද්දි ආරාධනා ලැබිලා තියෙනවා සිනමාව වෙනුවෙන්. තාම මං ඒ ගැන හිතනවා. දිල්හානි ගෙන් ඉඩක් නෑ. පුතාලා දෙන්න තාම පොඩි. තාම 8 වසර ඉන්නේ.


ඉතින් අපේ පවුල බොහොම ලස්සනට ගෙනියන්න තියෙන ලොකුම සාධකය තමයි දිල්හානි. දිල්හානි විසින් මනාව මේක කළමනාකරණය කරනලා මට නටන්න ගයන්න වයන්න නැත්නම් interview වලට යන්න එහෙම කරා. ඒ විතරක් නෙමේ විශේෂයෙන් කියන්න ඕනේ මගේ නර්තන කණ්ඩායම. නර්තන කණ්ඩායමේ හිටපු සියලුම පිරිමි ළමයි ගෑණු ලමයි සහ තරිඳු එයා මාත් එක්ක අවුරුදු දාහතක්. එ කියන්නේ සාර්ථක මිනිස්සු පිටිපස්සේ ටීම් එකක් ඉන්නව. ඒ ටීම් එක අදටත් ඉන්නවා.  ඔබ දැක්කද දන්නේ නෑ සෝෂල් මීඩියා වල අපේ තිබුණා පැරණි ආදිශිෂ්‍ය හමුවක් පලවෙනි වතාවට. කිසිම ඩාන්ස් ගෲප්  එහෙක එහෙම එකක් තිබිලා නැහැ. dancing group එකේ ඔක්කොමල සම්බන්ධ 117 මෙතෙක් මාත් එක්ක ලෝකෙ වටේ ගියපු ඔක්කොම අය අවා.  ඒක තමයි මම එක පැත්තකින් ලබන සතුට.
හදිස්සියක් උනොත් ආදි ශිෂ්යයා ඉන්නා මාව බලාගන්න.

ඔබ නර්තන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්. ඔබ ගුරුහරුකම් දෙනවා ඔබේ නර්තන හදාරන විශාල පිරිසක් ඉන්නවා .ඔබෙන් පසුව ක්ෂේත්‍රයට පිවිස තව බොහෝ තරුණයින් පිරිසක් ඉන්නවා දැන් මේ අය යන දිශානතිය පිලිබදව ඔබට මොකද හිතෙන්නේ?

පළවෙනි කාරණාව තමයි මගෙන් පෙර පරපුර ඔක්කොම අධ්‍යාපනය හදාරලා නැටුම් පිළිබඳව හොඳ අධ්‍යාපන හදාරලා ආපු අය තමයි ගොඩක් ඉන්නේ. එතකොට ඒගොල්ලෝ  සුභාවිත නර්තනය කරනවා ඇති. හැබැයි අපිට කමර්ශල් අර්ට් එක ඕනේ. මමනෙ මැද ඉන්නේ ඕකේ.ආශා නටපු මමනේ. විශ්ව භාරතී විශ්ව විද්‍යාලට ගිහිල්ලා ඇවිල්ලා මම ආශා නැටුවා. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා කටකලි නටපු මම අපට  කමර්ශල් ආර්ට් ඕනනෙ. එතකොට ඒ නිසා මම ඉන්න මැද මාවතේ. මම ඔය දෙකම කරනවනෙ. බොලිවුඩ් නටනවා. හැබැයි මේ දෙක ගෙනියනකොට කල්පනාවෙන් ගෙනියන්න ඕනෙ.. එකේ එක්තරා විදිහකට රියලැටි කලාව හරහා city of dance ,little star වැනි වැඩසටහන් වල මම අදටත් වැඩ කරනවා. ඒ හරහා අලුත් පරපුරක් හඳුන්වලා දෙනවා. දැන් මේ ප්‍රශ්නේ තියෙන අපිට අපි නටවන්නේ නර්තන ශිල්පිනියන් ද ,නලගනන් ද කියලා ප්‍රශ්නේ තියෙන්නේ.


මම හොඳම උදාහරණය දෙන්නම් චන්න සර්ගෙ ළමයි ඉස්සර සීගිරි අප්සරාවන්ට නටනවා. තාමත් නටනවා.ලස්සන තනපටක් ඇදලා, ලස්සනට ජුවලරි අපි එකේ අවුලක් දකිනවද. ඒකෙ තියනවා ආර්ට් එක. මගේ පිරිමි ළමයි කොටට රෙදි ඇඳලා නටනවා. එකේ තියනව ආර්ට් එක. එතකොට මම දෙන හොඳම උදාහරණය තමයි චන්ද පැත්තකට දාන්නකෝ. අපි kevin yugra  සහ anushanගෙ ලතින් dance දකිනවා. අපි එවයි දකින්නේ ආර්ට් එකනේ සහ ඔවුන්ගේ පෞරුෂය තුළ නර්තන කණ්ඩායම් තුළ ළමයි ලැතින් නටන කොට ඔබ හැමෝම දන්නවා කොටට අදින්නේ. අපි දකිනවා ද අවුලක් නැ.කිසිවිටෙක කෙවින්ගේ dance group එකේ  මොන තරම් කොටට ඇන්දත් අපි කවදාක්වත් අපොයි කියන්නේ නෑ .ඇයි ඒ.ඒ තුළ මාර අර්ට් එකක් තියෙනවා. මාර හැදෑරීමකින් තමයි කෙවින් සහ anushan ඩාන්ස් කරන්නේ.


නමුත් මාධ්‍ය හරහා වෙන වැඩේ මේ අලූතෙන් බිහි වෙච්ච හැම කොල්ලම, කෙල්ලම දක්ෂයි. නමුත් ඉල්ලන තැනට සැපයුම දෙන්න ගිහිල්ලා දහම් පාසලට ගියපු ගැහැණු ළමයි තමන්ගේ සහෝදරිය වෙන්න පුළුවන්, දියණිය වෙන්න පුළුවන්, ඊට පස්සේ අවුරුදු 16 ,17 ,18 ,19 ඉඳන් තරුණියක් වෙලා විවාහ වෙලා මවක් වෙලා මිත්තණියක් වෙන චරිතනේ අපේ කාන්තාවන්ට තියෙන්නෙ. එතනදි ඔවුන්ගේ මේ සමහර නැටුම් ක්‍රමවේදයක් නිසා මේ රටේ තියෙන අලුත් අයගෙත් නැටුම් ක්‍රමවේදයන් නිසා ඇත්තටම ලංකාවෙ commercial ඩාන්ස් එක වැටිලා තියනවා පල්ලෙහාට කියන එක තමයි මට කියන්න තියෙන්නෙ. ඒකට හේතුව මම කියන්නේ නිරුවත් පෙන්නන එක නෙමෙයි.නිරුවතත් හැඩයක්නෙ. කොච්චර ලස්සනද. වම් කකුල පෙන්නනවා එක චැනල් එකක්.. බොහොම ප්‍රසිද්ධියේ කියන්නේ. චැනල් ඔක්කොගෙම මම වැඩ කරනවා. ඒ වැඩ කරන හැම programme එකම හොඳ ratings තියනවා. එක චැනල් එකක් වම් එක පෙන්නනවා, අනෙක් චැනල් එක දකුණු කකුල පෙන්නනව.එකද ලංකාවෙ commercial ආර්ට් එක කියන්නේ. ඔබ බලන්න ඉන්දියාවේ commercial ෆිල්ම් එකක් බැලුවා ලස්සනට ඇදලා කරලා ඉන්නවා. අපේ ජැකලින්. මම ජැකලින් එක වැඩ කරලා තියෙනවා කීප සැරයක්ම. බලන්නකෝ ලස්සන බලන්නකෝ ඒ නැටුම. සමහරවිට අදින්නේ පොඩි ස්කර්ට් එක වෙන්න පුළුවන් .නමුත් ඒවයි තියන rhythm ඒවයි තියන lines ඒවයි තියෙන හැඩ.


ලංකාවෙ නම් ගොඩාක් channels වල නම් බොලිවුඩ් නටන කට්ටිය ගොඩායි.ඇග පෙන්නගෙන නටනවා.. දැක්කා නේද වෙනස.. මම පෞද්ගලිකව හිතන්නේ තමන් කරන නිර්මාණය තුළ අර මම කියන මහා භාරතය එළිදක්වන්න ඕනෙ නැහැ. හැබැයි ඇසූ ප පිරූ තැන් තියෙන නම් පොත පත ඇසුර තියෙන්න ඕනේ. මේ රටේ ගොඩක් වෙලාවට මම මෑතකදී මිසිස් ශ්‍රී ලංකා එකේ නැටුවා. ඔබට මතක ඇති චන්දිමාල්ගේ මම රොසෑන් ඩයස්ගෙන්  පස්සේ නටලාම නෑ. හැබැයි මම ලංකාවෙන් එළියෙ මිස් යුනිවර්ස් වල නටනවා ගිහිල්ලා. මට හිතෙන විදිහට නිරුවතට මුල්තැන දෙනවා දැන් නැටුමෙන්. අඩ නීරුවත නෙමෙයි දැන් නිරුවත්. හරිම ඛේදනීය තත්ත්වයක්.අඩ නීරුවතයි නිරුවතින් කියන්නේ දෙකක්.අඩ නිරුවතින් නෑටිම තුළ ලස්සන ඩාන්සින් තියෙනවනේ නැත්තෙ නෑ. හැඩයනේ හිතන්නේ. දැන් බලන්න සමහර රියලිටි ෂෝස් වල final show එක බැලුවම බලන්න පුළුවන්ද කියලා. මිනිස්සු කතා කරනවා ඇත්ත. මේ රටේ කතා කරනවා. ඒවයි නටන හැටි දැක්කහම එවැනිම වැඩසටහන් ඉන්දියාවේ තියෙනවනේ. අපි ඒව ලස්සනට බලනවා නේද. අපි දකිනවා ද අකුලක්.


ඒක මම දන්නෑ කොහොමද නිවැරදි විය යුත්තේ කියලා.. මමත් හැම චැනල් එකේම වැඩ කරනවා. සමහර වෙලාවට දකිනවා හරිම අසික්කිතයි.අප්‍රසන්නයි. මේ බුද්ධාගම රජයපූ  නැත්තම් මේ නිතර බණදහම් ආහන රටක් තුළ open mind වෙන්න ඕනේ. හැබැයි පෞද්ගලික චර්යා පද්ධතිය නෙමෙයි හැබැයි ඒක තෙවැනි ඇසට එනකොට නිර්මාණශීලීව තමයි නිරුවතත් එන්න ඕනේ.


තව අවුරුදු දහයකින් ඔබ ඔබව දකින්න කැමති කොහොමද??
මම දකින්න ආස දෙවංගිගේ ඇසින්.

ඔබේ ප්‍රාර්ථනය ඒ අයුරින්ම ඉටු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

සාකච්ඡාව - කැලුම් විජේසූරිය
උපුටාගැනීම - https://www.youtube.com/watch?v=HDi6U5-L6ew