change-5-china

චීනය විසින් පසුගිය වසරේදී සඳ වෙත සාර්ථක ලෙස කක්ෂගත කරන ලද Change-5 යානයෙන් රැගෙන ආ සදෙහි පස් සාම්පලවල විද්‍යාත්මක පරික්ෂා කිරීම් නිල වශයෙන් ආරම්භ කිරීම ඊයේ (12දා) දිනයේදී සිදුවුණු බව චීන මාධ්‍ය පවසයි. 

ඒ අනුව බීජිං නුවර පිහිටි පර්යේෂණ ආයතනයක් තුළදී මෙම පරික්ෂණ සිදුකෙරෙන බවත්, මෙම සාම්පල තොගයෙන් පළමු වැනි කොටස මෙලස එම ආයතනය වෙත සංකේතාත්මකව භාරදීමක් ඊයේ දිනයේදී සිදුව තිබේ.පසුගිය වසරේ දෙසැම්බර් 17දා යළිත් පෘථිවිය වෙත සාර්ථක ලෙස පතිත වූ මෙම Chang e-5 යානයන් චන්ද්‍රයාගෙන් රැස්කර ගත් ග්‍රෑම් 1,731ක් පමණ වන සාමිල ප්‍රමාණයක් රැගෙන ඒම සිදුවිය.

වසර 40කට පසුව චන්ද්‍රයාගේ සාම්පල රැගෙන ඒම සඳහා කක්ෂගත කළ පළමුවැනි මෙහෙයුම වන්නේද මෙයයි. ඒ අනුව චන්ද්‍රයාගේ වඩාත් නැවුම්පාෂාණ සාම්පල රැස් කරගත්තට චීනය මේ වනවිට සමත්ව සිටියි. මෙම චන්ද්‍රයාගේ සාල අතරින් කොටසක් පසුගිය ජූනි 27දා සිට ජූලි 09දා දක්වා හොකොහිදී ප්‍රදර්ශනය කිව්වක්ද සිදුවිය. ඉතාමත් දැඩි ආරක්ෂිත කුටීරයක තැන්පත් කර තිබූ මෙම සාම්පල රැගෙන චීනයේ ඉහළ පෙළේ අභ්‍යවකාශ ඉංජිනේරුවරුන් ඇතුළු හයදෙනෙකුගේ කණ්ඩායමක්ද හොංකො වෙත පැමිණ ඇත. එසේම මෙම සාම්පල නැරඹීම සඳහා විශාල පිරිසක් පැමිණි බවත් සදහන් වෙයි.