ශ්‍රී ලංකාවේ ඇස්ට්‍රාසෙනිකා එන්නත් පළමු වරට ලැබීමෙන් පසු අවිධිමත් ලෙස ඒවා බෙදාහැරි අතර මේ නිසා දෙවැනි මාත්‍රාවක් ගැන නොසිතා කළ බෙදාහැරීමේ විපාකය වූයේ ඉන්දියාවේ සිට එහි ඉතිරි තොග නොලැබීයාමෙන් දෙවැනි මාත්‍රාව ලැබිය යුතු ලක්ෂ පහමාරක් පමණ පිරිසක් අසරණවීමය.
මෙයට විසඳුම් ලෙස රජයට වැඩ පිලිවෙලක් නොතිබූ අතර තොග ලැබෙන බවට වරින්වර මාස ගණන් දීර්ඝ කරමින් බලාපොරාත්තු දීමට රජය කටයුතු කරන ලදි.
ඒ අනුව පළමු හා දෙවැනි මාත්‍රා අතර කාලය සති 12 දක්වා දීර්ඝ කරන්නට හැකිබව මුලින් කී අතර පසුව සති 16 දක්වා දීර්ඝ කළ හැකි බව කීය. අනතුරුව මාස 06ක කතාවක්ද කියා තිබේ. මේ අතරවාරයේ ජපාන රජය ඉතිරි ඇස්ට්‍රෙසනිකා තොගය ලංකාවට දෙන බවට ජපන් තානාපති පොරොන්දුවූයේ යයි නිවේදනයක්ද නිකුත්වූ නමුත් ජපන් තානාපති කාර්යාලය එය ප්‍රතික්ෂේප කරන ලදි. (ඉන් පසු සතියේ ජපානය බංග්ලාදේශයට එවැනි ආධාරයක් කර තිබුණි)
අනතුරුව ඇස්ට්‍රාෙසනිකා ලංකාවට නොලැබෙන තත්වයක් පෙන්නුම් කළ පසුව දැනට බටහිර පර්යේෂණ මට්ටමේ පවතින අදහසක් ලෙස පළමුවැන්න ඇස්ටාසෙනිකා සහ දෙවැන්න ෆයිසර් ලබාදීමේ තීරණයක් ගැන රජය කතාකරන්නට පටන්ගෙන තිබේ.
මෙලෙස මිශ්‍ර එන්නත් ලබාදීම ලෝකයේ සිදුව ඇති බවත් පර්යේෂණ තහවුරුවීම් සිදුව ඇති බවත් ඇමති චන්න ජයසුමන පසුගිය සතියේ ප්‍රකාශ කර තිබුණි.
ඇස්ට්‍රාසෙනෙකා කෝවිඩ් එන්නතෙහි දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා ගැනීමට කිසිවෙකුට බල නොකරන බවත්,
අවශ්‍ය පුද්ගලයෙකුට තවත් සති කිහිපයකින් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ ෆයිසර් එන්නත දෙවැනි මාත්‍රාව ලෙස ලබා ගත හැකි බවත් රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊයේ පැවසීය.ලැබී ඇති ෆයිසර් එන්නත් මාත්‍රා මෙරට ධනවත් හා ප්‍රභූ පවුලට ලබා දෙනු ඇතැයි යන චෝදනාවෙන් මිදීම සඳහා එම එන්නත්කරණ කටයුතු ත්‍රිවිධ හමුදාවට භාරදී ඇති බවද පවසා සිටියේය
හෙතෙම සඳහන් කර සිටියේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා තොගයක් තවත් සති කිහිපයක් ඇතුළත ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත වුවද මේවාද ලබාගතහැකි බවයි.
ෆයිසර් එන්නත් මාත්‍රා26,000ක් මේ වනවිට ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර, ඒවා ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව අපේක්ෂාවෙන් සිටින කොළඹ ප්‍රදේශයේ පුද්ගලයන්ට ලබාදීමට තීරණය කර ඇත.මේ අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 264,000ක් මෙම මස තුළ දී කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ලිඛිතව දැනුම්දී ඇතැයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පසුගියදා සඳහන් කරන ලදී.
කෙසේ වෙතත් ලක්ෂ පහමාරකින් ලක්ෂ දෙකහමාරකට පමණක් එය ප්‍රමාණවත් වනු ඇති අතර ඉතිරි ලක්ෂ 3 ෆයිසර් පිහිට හෝ වෙනත් පිහිටක් පැතිය යුතුව තිබේ.
0 Comments