china-panda

චීනයේ වෙසෙන යෝධ පැන්ඩාවුන් තවදුරටත් ලොව තර්ජනයට ලක්ව ඇති සතුන් විශේෂයක් නොවන බව චීන බලධාරීන් නිවේදනයකින් මගින් පවසයි. එරට සත්වවේදීන්ගේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කරන ලද මෙම යෝධ පැන්ඩාවුන් ස්වභාවික රක්ෂිතවල ආරක්ෂා කරගැනීමේ වැඩසටහන් සාර්ථකත්වය පිළිබදව අදහස් දක්වමින් මෙම කරුණු සඳහන් විය. 
ඒ අනුව අද වනවිට චීනයේ වනාන්තර ආශ්‍රිතව වෙසෙත මෙම යෝධ පැන්ඩාවුන්ගේ ගහණය 1,800ක් දක්වා ඉහළ නැග තිබේ.

කෙසේ වෙතත් මෙම යෝධ පැන්ඩාවුන් කෙරෙහි පවතින අනතුරට භාජනයවීමේ ඇති අවදානම එලෙසින්ම පවතින බව චීනයේ පරිසර විද්‍යාව සහ පරිසරය පිළිබඳ අමාත්‍යාංශයේ ස්වභාව සහ පරිසර සංරක්ෂණය පිළිබදව දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා පවසයි. ස්වභාව සංරක්ෂණය සඳහා වන ජාත්‍යන්තර එකමුතුව (IUCN) සංවිධානයේ රතු දත්ත පොතට අනුවද 2016 වසරේදී මෙම යෝධ පැන්ඩාවුන් තර්ජනයට ලක්ව ඇති සතුන් විශේෂයකට වඩා අනතුරට භාජනය විය හැකි විශේෂයක් ලෙස සටහන් කර තිබේ.

එහෙත් චීනය ගෙවුණු වසර පහක කාලය තුළදී පවා එරට තුළමෙම යෝධ පැන්ඩාවුන්ගේ ගහණය වර්ධනය කරගැනීමට දැඩි කැපවීමක් සිදුකළ බව සදහන් වෙයි. මෙලෙස චීනයේ යෝධ පැන්ඩාවුන් තර්ජනයට ලක්වූ සත්ව විශේෂයක සිට අනතුරට භාජනය විය හැකි සත්ව විශේෂයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා එය ඉතාමත් සතුටුදායක පුවතක් බව පවසා තිබේ. "මෙම පැන්ඩාවුන්ට ජීවත්වීමට තරම් හොද කදුකර ප්‍රදේශයක් පැවතීම වගේම ඔවුන්ට පානය සඳහා පිරිසිදු ජලය ලැබීම යන කාරණා ඔවුන්ගේ ගහනයේ මෙම කැපී පෙනෙන වර්ධනයට හේත්තුවක් වී තිබෙනවා” යනුවෙන් පවසා තිබේ.