වෙනත් ඒවා ගෙන්වීම නතර කර චීන සිනොවැක් එන්නත තායිලන්තය සඳහා මූලික එන්නත බවට පත්කිරීමට තායි රජය ගත් තීරණය ගැන එරටින් විරෝධයක් එල්ලවී පවතියි.
සිනොවැක් එන්නත වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමට යොමුවෙමින් තායි රජය කොරෝනා එන්නත සඳහා ප්‍රමාණවත් විකල්ප ලබා නොදෙන බව විද්වතුන් ප්‍රකාශ කර තිබේ. තායිලන්තයේ එන්නත් සඳහා ප්‍රධාන තේරීම ලෙස සිනොවැක් පිළිගැනීම සඳහා චීන සමාගම් තායි රජයට මුදල් ගෙවා ඇතැයිද සැකයක් මතුව ඇතැයි තායි මාධ්‍ය වාර්තා කර තිබේ.
තායිලන්තයේ චූලාලොන්කෝන් විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය වරියක වන වසනා වොංසුරාවට් ඒ ගැන මෙසේ පවසා තිබේ.
“සිනෝවාක් ප්‍රධාන එන්නත වනු ඇතැයි තායි රජය ගත් තීරණය ගැන මුල සිටම අපි වෙනසක් දැක්කා. වෙනත් විකල්ප නැතිවීම එතරම් හොඳ කාරණයක් නෙමෙයි. මේ පසුපස ගනුදෙනුවක් ඇති බවට කරුනු මතුවෙමින් පවතිනවා. ව්‍යවස්ථාව සතුව දූෂණ විරෝධී නීති තිබෙනවා.රටක සමාගමක් විදේශීය රජයකට අල්ලස් ලබා දෙන්නේ නම් ඔවුන්ගේ රටවල නඩු විභාග කළ හැකියි. එක්සත් ජනපදයට මේ ආකාරයේ නීතියක් ඇති බව මම දන්නවා. ජපානයට මේ ආකාරයේ නීතියක් තිබෙනවා. චීන සමාගම්වලට තරගාරීත්වයකින් තොරව ව්‍යාපාර කරගෙන යාමට ඉඩ සලසා තිබෙන්නේ යහපතකට නෙමෙයි. මෙය මහජනතාවට කෙසේ බලපානු ඇතිදැයි ප්‍රමාදවී විභාග කිරීම අන්තරාවක්.
අල්ලස් දීමට ඇති මෙම හැකියාව ඕනෑම කාලයක ඕනෑම දෙයක් ගැන තිබෙන්න පුළුවන් සියලුම චීන සමාගම් අල්ලස් ලබා දෙන බව මම කියන්නෙ නැහැ, නමුත් කටකතා බහුලයි. අපිට සැකයක් ඉතිරිවෙලා තියෙනවා‘
මේ සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කළ පර්යේෂක චයිසිරි ජිරරන්ග්සන් අදහස් දක්වා ඇත්තේ මෙසේය.
"මගේ පරීක්ෂණාගාර පරීක්ෂණ දෙකකින්ම ලබාගත් සංඛ්‍යා අනුව සිනොවැක් ගැන ගැටලු තිබෙනවා.අඩු ප්‍රතිශක්තිකරණ වර්ධනයක් පෙන්නුම් කරනවා.. එයින් පෙන්නුම් කරන්නේ එන්නත ඵලදායී නොවන බවයි. රජය මිනිසුන්ට ප්‍රමාණවත් එන්නත් විකල්ප ලබා නොදීම ගනුදෙනුවක උවමනාවකට සිදුවෙනවා නම් කණගාටුවට කාරනාවක්. සෞඛ්‍ය වැනි විෂයකදී එය විද්‍යාත්මකව කරගන්නා හානියක්"
Source - A24 News
0 Comments