china-space-mission

පෘථිවියත් සමග ගැටීමක් ඇතිවනු ඇති බවට නිරන්තරයෙන්ම අවදානමක් ඇති පෘථිවි ආසන්න කක්ෂයෙහි (Near Earth orbit) පිහිටි ග්‍රාහකවල ගමන් මාර්ගය පෘථිවියෙන් ඈතට රැගෙන යාම සඳහා ගතහැකි විසඳුම් යෝජනාවක් ඉදිරිපත් කරන්නට චීන පර්යේෂකයන් පිරිසක් කටයුතු යොදා ඇතැයි පවසයි.

 

ඔවුන් සදහන් කරන ආකාරයට පෘථිවීයේ සිට අභ්‍යවකාශය වෙත යවන රොකට්ටු 24ක්මගින් මෙම ග්‍රාහකවල ගමන් මාර්ගය වෙනස්කළ හැකි බව අදහස වී තිබේ. චීනයේ ජාතික අභ්‍යවකාශවේද මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් පිරිසක් මේ පිළිබද කරුණු සඳහන් කර ඇත.ඒ අනුව මෙහිදී චීනයේ නිෂ්පාදිත ලෝන්ග් මාර්ච් 5 මාදිලියේ රොකට්ටු 24ක් මේ සඳහා ප්‍රමාණවත්වන බවත්, එහිදී එම රොකට්ටු මෙම ග්‍රාහක මත වැදීමට සලස්වා, එම ග්‍රාහක සහ පාථිවියත් අතර පවතින පරතරය තවත් වැඩිකළ හැකි බව ඔවුන්ගේ යෝජනාව වී තිබේ.

 

මේ අතරින් විද්‍යාඥයන්ගේ වැඩිම අවධානයට ලක් වූ ග්‍රාහකය වන්නේ Bennu නම් ග්‍රාහකයයි. කිලෝග්‍රෑම් බිලියන 78ක පමණ බරකින් යුක්ත බව පැවසෙවන මෙම ග්‍රාහකය පළලින් එක්සත් ජනපදයේ එම්පයර් ගොඩනැගිල්ලේ උසට සමාන වෙයි. එසේම ඉදිරි වසර 150ක කාලයේදී මෙම ග්‍රාහකය පෘථිවියේ කක්ෂයට කිලෝමීටර් මිලියන 7.5ක් තරම් සමීපයට පැමිණන බවත් ගණන් බලා තිබේ.


එය පෘථිවිය වෙත ඉතාමත් දරුණු අවස්ථාවක් විය හැකි බවක් සදහන් වෙයි. ඇතැම් විට මහාද්වීපික හානියක් ඉන් සිඳුවන බවටත් අනතුරු ඇගවී ඇත.දැනට සිදුකර ඇති ගණන් බැලීම් අනුව මෙම Bennu ග්‍රාහකය පෘථිවිය හා ගැටීමේ ඇති සම්භාවිතාව අවස්ථා 2,700කින් 1කි. ඇතැම් විදයාඥයන්ට අනුව මෙම Bennu ඇතුඵ ග්‍රාහකවලින් එල්ල වන තර්ජනය අවම කරගැනීම සදභා එම ග්‍රාහක වෙත න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීම සුදුසු බවටත් යෝජනා වී ඇත, 

 

එහෙත් එය ඊට වඩා වැඩි අවදානමක් ඇති කරවන්නක් බවත්, කුඩා කොටස්වලට කැඩෙන ග්‍රාහක කැබලිවලින් පාවිච්චිය වෙත ඊට වඩා වැඩි හානියක් සිදුවනු ඇතැයිද සදහන් කෙරි ඇත. ඒ අනුව චීනය විසින් ඉදිරිපත් කර ඇති ලෝන්ග් මාර්ච් 5වැනි රොකට්ටු විශාල ප්‍රමාණයක් මෙම ග්‍රාහක වෙත යවා ඒවායේ ගමන් මාර්ගය වෙනස් කිරීමට උත්සාහ කිරීම වඩාත් ප්‍රායෝගික විසදුමක් බවටද පිළිගැනෙනු ඇති බව පැවසෙයි.මේ අතර එක්සත් ජනපදයේ නාසා ආයතනයත් මෙම වසර අගදී සිය රොබෝ අභ්‍යවකාශ යානා දෙකක් යොදා ගනිමින් පාථිවිය හා සම්ප්‍රදායට පැමිණි ග්‍රාහක දෙකක් මෙලෙස එම ගමන් මාර්ගවලින් ඉවත් කිරීම් අත්හදාබැලීමක් සිදුකිරිමට සූදානමින් සිටියි.