ඉකුත් වසර හා සසඳන විට මෙම වසරේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ විශාල වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.මෙම වසරේ ගත වූ කාලයේ දී ඩෙංගු රෝගීන් 16,497 දෙනකු වාර්තා වී ඇති අතර පසුගිය මාසයේ දී රෝගීන් 2,997 දෙනකුද, මෙම මාසයේ ගත වූ දින 29 තුළ රෝගීන් 3,029 දෙනකු ද වාර්තා වී ඇත.
මෙම මෙම වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් සියයට 70ක් පමණ බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර දිස්ත්‍රික්ක කිහිපයක් ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇතැයි ද ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. මෙම කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, මහනුවර, මාතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත් දැනට පවතින නිරිත දිග මෝසම් වැසි තත්වය සමඟ ඩෙංගු රෝගීන් තවදුරටත් ඉහළයාමේ අවදානමක් ඇති බවත් එම ඒකකය පවසයි.
මෙම ජාතික ඩෙංගු මර්දන ඒකකය, වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතනය වයිරස් කාණ්ඩ හතරක් හඳුනාගෙන ඇති අතර වයිරස් කාණ්ඩවල වෙනසක් සිදුවන අවස්ථාවල ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් සිදුවන බවද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රකාශකයෙක් පැවසීය. රට තුළ කොවිඩ් -19 වසංගත තත්වයක් පවතින අවස්ථාවක, ඩෙංගු රෝගයේ වර්ධනයක් ඇතිවුවහොත් එය සමස්ත සෞඛ්‍ය ක්ෂේත්රයේ ක්‍රියාකාරිත්වයට මෙන්ම මහජන සෞඛ්‍ය කෙරෙහි ද දැඩි බලපෑමක් ඇතිකිරීමට ඉඩ ඇති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීම, මදුරු දෂ්ඨනයන් ආරක්ෂාවීම, රෝග ලක්ෂණ ඇතිවුවහොත් වෛද්‍ය උපදෙස් පැතීම ආදී ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
(ඩයනා උදයංගනී)
0 Comments