sri lanka covid19 deaths

 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ covid19 මරණ 63 ක් වාර්තාකර තිබේ. තහවුරු කරන ලද මෙම මරණ අතුරින් 35 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 28 දෙනා කාන්තාවන් වේ.





මියගිය පුද්ගලයින් අතරින් එක් අයෙකු වයස අවුරුදු 30ට අඩු වයස් සීමාවේ පසු වූ මරණකරුවෙකි.

මියගිය පුද්ගලයින් අතර වයස අවුරුදු 30 – 59 අතර වයස්වල පසු වූ මරණකරුවන් 11 දෙනෙකු සිටින අතර ඉතිරි 51 දෙනාම වයස අවුරුදු 60 සහ ඊට වඩා වැඩි වයස්වල පසුවූවන් ය.