
පසුගිය දින කිහිපය සැලකීමේදී ඇතැම් දිනවල කොරෝනා ආසාදිතයින් වාර්තාවීමේ අඩු සංඛ්‍යා පෙන්නුම් කර ඇති නමුත් සෞඛ්‍ය සේවක වැඩ වර්ජන හේතුවෙන් හා වෙනත් හේතු මත මේ දිනවල පීසීආර් හා ඇන්ටිජන් පරීක්ෂණ අඩුවෙන් සිදුවෙන නිසා ආසාදිතයින් වාර්තාවීමේ ප්‍රතිශතය සැලකියයුතු ඉහළයාමක් පෙන්නුම් කර තිබේ.
ඒ අනුව ඊයේ (6) ආසාදිතයින් 934 වාර්තා වන්නේ පීසීආර් පරීක්ෂණ 5631 කිනි. ප්‍රතිශතය සියයට 16.5 කි.
පෙරේදා (5) ආසාදිතයින් 869 වාර්තා වන්නේ පීසීආර් පරීක්ෂණ 15780 කිනි. ප්‍රතිශතය සියයට 5.5 කි.
ඊට පෙරදා (4) ආසාදිතයින් 1573 වාර්තා වන්නේ පීසීආර් පරීක්ෂණ 9279 කිනි. ප්‍රතිශතය සියයට 16.9 කි.
ඊට පෙරදා (3) ආසාදිතයින් 1262 වාර්තා වන්නේ පීසීආර් පරීක්ෂණ18177 කිනි. ප්‍රතිශතය සියයට 6.9 කි.
Comments
Post a Comment
Your comment will be visible after approval