dayasiri-resign

තමන් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා එම පක්ෂයට දැනුම් දී ඇතැයි වාර්තාවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇතිවූ සංවාදයක් අතරතුර මෙම දැනුම් දිම ඒ මහතා විසින් කර තිබේ.
පසුගියදා තමන්ට බතික් ඇමතිකම වැනි විහිළුසහගත නම් සහිත ඇමතිකං ලබාදුන්නේ බැසිල් රාජපක්ෂ බවට දයාසිරි රාජ්‍ය ඇමතිවරයා කියා සිටියේය.



ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් විසින් දයාසිරි ජයසේකර මහතාට එම හමුවේදි චෝදනා කර ඇත්තේ ඔහු විසින් කරන ඇතැම් ප්‍රකාශයන් හේතු කරගෙන ආණ්ඩුව අපහසුතාවයට පත්වන බවත් එනිසා එවන් ප්‍රකාශ සිදු නොකළ යුතු බවය.
කෙසේ නමුත් ජයසේකර මහතා එහිදී සඳහන් කර ඇත්තේ තමන් පළ කරන්නේ තමන් බිම් මට්ටමේ පාක්ෂිකයන්ගේ මතය බවත් කිසිවකු භාර ගන්නේ නම් තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට සුදානමි බවයි.

එසේ කළ විට තමන්ට පක්ෂයේ වැඩ සාර්ථක ව ඉදිරියට කරගෙන යාමට හැකි බවද මහ ලේකම්වරයා ප්‍රකාශ කර ඇත.