දැනට විනය පරීක්ෂණයකට ලක්ව සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මීට කලකට ඉහත තරග කළ එල්පීඑල් තරගාවලියේදී වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අතර එම තරගාවලිට පසුව ඔහු ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකත් මේ සමග පළවේ.
මොකද උනේ ෆයිනල් එක?
ෆයිනල් එක මම හිතන්නේ ඇත්තටම කණගාටුදායකයි. අපි හිතුවා අපි මම හිතන්නේ කොහෙවත් හිටියේ නෑ පලවෙනි තරඟ හතර පහ පරාද වෙලා මම හිතන්නේ කට්ටියත් අපිට support කරන කට්ටියත් හිතුවේ මම හිතන්නේ අපේ ටීම් එක tournament එකෙන් එළියට යයි කියලා. ඉතින් හැබැයි මම එකක් යන්න ඕන මොකද අපේ කණ්ඩායම ගහපු ඔක්කොම ක්රීඩකයෝගේ බලාපොරොත්තුව තිබ්බ විශ්වාසයක් තිබ්බා මේක අපිට යන්න පුළුවන් කියලා.. ඇත්තටම players ලා හොඳ හතරක් පහක් හිටියෙ නැහැ. ඒගොල්ලොන්ට ඒන්න බැරි වුණා. ඒත් අපිට තිබ්බා අපේ ඉන්නවා හොඳ හතර පස්දෙනෙක් මැච් එකක් දිනවන්න පුළුවන්.. ඉතිං ඒ විශ්වාසෙන් අපි ගියා. හිතපු නැති විදියට අනිත් මැච් එක දිනලා final එකටත් ආවා. ඉතින් මම හිතන්නේ අපි හිතාගත්තා ෆයිනල් එකට ආවට පස්සේ අපි තමා underdogs හිටියෙ. jaffna ඒකේ ඔක්කොම players ලා හිටියා.. ඉතිං අපිට මේක දින්නත් එකයි පැරදුනත් එකයි එකයි හැබැයි අපි හිතුව ඊට වඩා හොඳ තරගයක් ලබා දෙන්න පුළුවන් කියලා. ඉතිං අපිට ඇත්තටම pressure එකක් තිබ්බෙ නෑ ෆයිනල් එකට ගියාම. මොකද අපි දන්නවා අපිට නෙමේ pressure ඒගොල්ලොන්ට වැඩියි කියලා.
ඒ සීරිස් එකේ ධනුෂ්ක ඔයා වැඩිම ලකුණු ලාභියා ඉතාමත් හොඳින්. ටිකක් පසුබෑමකට ලක් වෙලා හිටිය tournament එකට කලින් කියලා හිතුනා. නමුත් එකපාරටම tournament එකේ ධනුෂ්ක ගුණතිලක කැපී පෙන්න ගත්තා මොකක්ද ඒ රහස?
මම අමුතු දෙයක් මුකුත් කලේ නෑ. ඒ කියන්නේ මම හිතන්නේ අපිqurantine කාලෙත් අපි පුහුණුවීම් කටයුතු කළා. ඒ කියන්නේ කැම්ප්ස් දෙක තුනක් තිබ්බා. මම හිතන්න අපිට අවස්ථාව තිබ්බා. අනිත් players ල ට වැඩිය අපිට අවස්ථාව තිබ්බ ටිකක්. හැබැයි වෙනසක් කියලා මම bating වලින් මොකුත් කලේ නැහැ. මම හිතන්නේ confidence තමයි. මම හිතන්නේ ඕනම ක්‍රීඩකයෙක් කොච්චර ප්‍රැක්ටිස් කලත් වැඩක් නෑ crowd එක මැදට ගියාම pressure එක හැන්ඩ්ල් කරන්න බැරිනම්. මම හැම දෙයක්ම ඕනවට වැඩිය හිතන්නෙ නෑ. ඊලඟ තරගය ගැන හිතන්නේ නෑ. මොනව වෙනවද කියල හිතන්නෙ නෑ. මම එදා දවසේ එදා තරගය ගැන හිතනවා. බැට් කරන්න බින්දුවට අවුට් වුණත් එකයි සියක් ගැහුවත් එකයි.ඒ හින්ද ප්‍රෙෂර් එක කියන දේ මං පුළුවන් තරම් බලන්නේ මගේ ඔලුවෙන් අයින් කරන්න.
ධනුෂ්ක දැන් එල් පී එල් තරගමාලාවේ පාකිස්තාන් පුහුණුකරුවන් තමයි හිටියෙ. moin khan. ඒ වගේම pakistan ක්‍රීඩකයින් විශාල ප්‍රමාණයක් හිටියා. කොහොමද එයාලත් එක්ක තියෙන ගනුදෙනුව?
ඇත්තටම මම හිතන්නේ ලේසියි.. මම හිතන්නේ මොකද ගොඩක් මම දන්නෙ මම ගොඩක් සෙල්ලම් කරපු ක්‍රීඩකයෝ හිටියා ඒ කණ්ඩායමේ international match ගහද්දි. ඒ වගේම පහුගිය තරගාවලි දෙසැම්බර් - ජනවාරි මම හිතන්නේ ගිය අවුරුද්දේ පාකිස්තාන සංචාරය එකෙත් ගහපු ගොඩක් කට්ටිය හිටියා.
හැබැයි ධනුෂ්ක දැන් එහෙම පිටු එකක් ගියාම පකිස්ථාන players ලත් එක්ක අපි ගොඩක් close ගනුදෙනු කරන්න හම්බ වෙන්නේ නැහැනේ. නමුත් දැන් මෙතනදි එක dressing room එකක් ඇතුලේ ඉන්නවා කට්ටියම. එතකොට තමයි ඒගොල්ලොන්ගෙ attitude හොඳට බලාගන්න හම්බ වෙන්නේ?
මම හිතන්න ඇත්තටම හරිම හොඳ ක්‍රීඩකයෝ ටිකක් හිටියේ.. එතන ක්‍රීඩාවෙන් විතරක් නෙමෙයි මනුස්සකම අතිනුත් මම හිතන්නේ හිටපු players නෑ ටික හොඳයි. ඒ කියන්නේ moin khan උත් හරිම cool. අන්න ඒ වගේ .ඉතින් මැච් එක දින්නත් පැරදුනත් ප්‍රශ්නයක් නැහැ.. පුළුවන් තරම් බලන්නේ confidence දෙන්න. එය වගේම management එකක් complain කරන්න කිසිම හේතුවක් නැහැ. ඉතිං හිටපු players ලත් අර මම කිව්ව වගේ විශ්වාස තිබ්බා අපි තරඟ පැරදුනාට .ඉතින් අර කණ්ඩායමක් විදියට අපි සතුටින් හිටියා ඇත්තටම කියනවානම්.
Shahid Afridi මොකද කිව්වේ ඉන්න කාලේ?
ඔව් මම හිතන්නේ එයා සෙල්ලම් කරනකොට මම හිතන්නේ මම තාත්තත් එක්ක මැච් බලනවා ඉස්කෝලේ යන කාලේ. ඉතින් මම හිතුවේ නෑ ඇත්තටම මෙයත් එක්ක සෙල්ලම් කරන්න වැටේයි කියලා. අපේ වයස බැලුවොත් එහෙම ලොකු ගැප් එකක් තියෙනවා. මං මැච් බලනකොට එයා සෙල්ලම් කරනවා. ඉතින් එකම කණ්ඩායම සෙල්ලම් කරන්න කවදාවත් හම්බෙයි කියලා එහෙම හිතුවේ නැහැ. ඉතින් කොහොමෙන් හරි ඒක මට අවස්ථාව ලැබුණා සෙල්ලම් කරන්න ඒයත් එක්ක.. මම හිතන්නේ ගොඩක් එක්ස්පීරියන්ස් ක්‍රීඩකයෙක් .මොකද ටීටුවෙන්ටි තරග වල මම හිතන්නේ ලෝකෙ වටේම සැරිසරපු කෙනෙක්. ඉතින් මම හිතන්නේ පළවෙනි තරග තුනේ එයා කිව්වේ කිසිම pressure එකක් දාගන්න එපා කියලා. ගොඩක් අය කතා කළේ පන්දු යවන්නන්ට. එයා කිව්වා බෝල් කරද්දි කිසිම pressure එකක් දාගන්න එපා. හොඳ තැනට බෝල් කළ ලකුණු ගැහුවට කමක් නැහැ. pressure ඒක නැතුව සෙල්ලම් කරන්න බලන්න. කිව්ව වගේ තරගයේ දිනන එක පරිදින ඒක නෙමෙයි වැඩේ.. ඕගොල්ලො pressure නැතුව සෙල්ලම් කරල ඔයාගේ සියට සීයක් දෙනවද කියන එක තමයි එයා බලාපොරොත්තු වුනේ. මම හිතන්නේ ඒක තමයි හැම ක්‍රීඩකයෙක්ටම තියෙන්නෙ. මොකද දවස් ඉවරවෙලා මැච් එක ඉවරවෙලා ඔයා දන්නව නම් ඔයා සියට සියක් දුන්නා කියලා ඒ තරගයේ මම හිතන්නේ මැච් එක පැරදුනත් ඔයාට නිදා ගන්න පුළුවන් හිතට එකඟව.
දැන් LPL final එකේ පහුගිය කාලේ ධනුෂ්ක මේ සෝෂල් මීඩියා වල අතිශය කතාබහට ලක්වුණු කාරණාවක් තමයි ධනුෂ්කගේ runout එක. ධනුෂ්ක runout උනේ කොහොමද, ඒක out නෑ නේද ඇයි තිසරට තිබ්බ නේද ධනුෂ්ක out කරන්න නැතුව ඉන්න, ඉසුරු උදාන එහෙම කලානේ. ප්‍රශ්න ගොඩක් තියෙනවා.. පලවෙනි පාරට තමයි අපි මේ අනුව ධනුෂ්කගෙන් අහන්නේ ඇත්තටම මොකද එතන උනේ?
මම හිතන්නේ එයා බෝල් කළේ අනෙක් පැත්තෙනෙ ඒ කියන්නේ over the wicket ball කලේ. ඉතින් මම left-hand එතකොට එයා over the wicket බෝල් කරනකොට එයා මෙහෙට ඉඳන් මම එයාගේ ලයින් එකේ එතකොට මේ පැත්තට එන්නේ'' මම දිව්වෙ අනිත් පැත්තෙන් . කකුල ඇදිල ගියා.. මම හිතුවා easy single එකක් කියලා. මම දැක්කෙත් නෑ. ඒයා cross වුනා. cross වුන ගමන් මම බෝලෙ දිහා බලන් හිමිට දිවුවෙ. එකපාරට වැදුන ගමන් අර හිතන්නැතුව වැදුන ගමන් හිතාගන්න බෑ කොයි පැත්තටද යන්නේ කියලා. මම එතන පොඩ්ඩක් පරක්කු වුනා. අනිත් පැත්තට හැරුනා. ඒ බලනකොට ඉතින් කොහොමෙන් හරි out. .ඉතින් මම දන්නෑ ඉතින් ඒක එක් එක්කෙනාගේ ඉමෝෂනල් ඒ වෙලාවට එන මේක තමයි. මම හිතන්නේ අවසාන තරඟයක් හින්දා ඒයාලයත් මාව out කරගන්න වුවමනාවක් තියෙන ඇති. ඉතිං සාමාන්‍යයෙන් මම මට තේරෙන්නෑ ඉතින් එක උත්තර දෙන්නෙ කොහොමද කියල.
තිසරට out කරන්නෙ නැතුව ඉන්න තිබුණ කියලා හිතන්නේ නැද්ද?
සාමාන්‍යයෙන් මම දන්නෙ නෑ ඉතින් මට කියන්න තේරෙන්නෑ .මොකද එයාට out කරන්න තිබ්බා. ඕනම කෙනෙක් මම හිතන්නේ ඒ වෙලාවේ out කරනව.
ඒකේ අනෙක් පැත්ත වුනානම් තිසර බැට් කරනවා. ධනුෂ්කට ඒ වගේ අවස්ථාවක් හම්බ වෙනවා ධනුෂ්ක මොකද කරන්නේ?
මමත් විකට් එක කඩයි.. හැබැයි ඊට පස්සේ හිතයි incident එක බලල ඇත්තටම මොකද් උනේ බලලා එහෙම කැප්ටන් එක්ක කතා කරලා ඒක ඒ decide කරන විදිහ තමා.. හැබැයි මමත් පන්දුව dead ball ඒක මම හිතන්නේ umpire ලගේ අතේ තමයි ගොඩක් තියෙන්නේ. මම හිතුවා dead ball කරයි කියලා. මම හිතන්නේ මම හිටියනම් මමත් එක්ක ගිහිල්ලා විකට් කඩයි.. ඕනම ක්‍රීඩකයෙක් කරන දෙයක්. මම ඒකයි කතා කරේ නැත්තෙ මොකද මම හිතුවා
umpire ඒක dead ball කරයි කියලා.
මැච් එකෙන් පස්සෙත් තිසර සහ සුරංග ලක්මාල් ඇවිල්ල කතා කරේ නැද්ද ඒ ගැන?
මට සුරංග අයියා ඇත්තටම කතා කරල සොරි කිව්වා.. ඉතිං කරන්න දෙයක් නෑ ඉතින් තරගය ඉවරයි.
තිසර කතා කරේ නැද්ද?
ඒ සම්බන්ධව ඒයා කතා කළේ නෑ. මම හිතන්නේ මම dressing room එකට අවට පස්සේ coach ඇහුවා මොකද umpire ලා dead ball කරන්න ඕනේ ඒක. එහෙම කරන්න බෑ ඉතින් එතන එයාලා පොඩ්ඩක් තරහෙන් හිටියේ. මමත් පොඩ්ඩක් අප්සට් එක හිටියේ ඒ වෙලාවේ.බානුකත් ඒකත් එක්කම බැට් කරන්න අවා. ඉතිං හැමෝටම පේන්නේ unfire කියලා ඉතින්.. මම හිතන්නේ ඒක umpire dead ball කරන්න ඕනේ.
හැබැයි ධනුෂ්කට තිබ්බ නේද ඒ ගැන විමසීමක් කරන්න. සමහරක් විට හැමෝම කියනවා එල්පීඒල් කුසලානයේ අහිමි වෙච්ච අවුට් එක කියලා?
මම හිතන්නේ හැමෝටම එහෙම හිතන් ඇති.. මම ලකුණු දිගටම ගගහ හිටියෙ නිසා. එකත් එක්ක අවසාන මහා තරගයේ හැමෝම බලාපොරොත්තු තියාගන්න ඉන්න ඇති මම ගැන සහ අපේ ක්‍රීඩකයෝ ගැන. මම හිතන්නේ ගෝල්ඩ් ටීම් එකට ලොකු සපෝට් එකක් තිබ්බා. ඉතින් ඒ වගේ අවසාන මහා තරඟයක විශේෂෙන්ම ඒ වගේ දෙයක් උනහම පොඩ්ඩක් කතා බහට ලක් වෙන දෙයක් ඉතිං.මටත් හිතට අප්සට් මං මොකක් හරි ගහලා කැච් එකක් හරි ගිහිල්ලා අවුට් වුණා නම් ප්‍රශ්නයක් නැහැ කියලා හිතුනා හරි අපරාධයක් ඉතින්. මම අර කිව්ව වගේ මම හිතන්නේ මම ඇහුවෙත් නැත්තෙ මම හිතුවේ එකපාරටම umpire dead ball කරයි කියලා. ඉතින් මට හිතාගන්න බැරිවුණා මොකක්ද උනේ කියලා. ඉතිං අවාසනාවට dead ball වුණේ නැහැ හිතපු විදියට. ඉතිං අවුට් එක දුන්නහම ඕනම ක්‍රීඩකයෙක් කියන්න ඕනේ.
ධනුෂ්ක ඔයා 2015 තමයි මුලින්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වෙන්නේ. ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් වගේ කණ්ඩායම එක්ක තමයි ධනුෂ්කගේ ක්‍රිකට් ජීවිතය ආරම්භය.. විශේෂයෙන්ම ඉන්දියාව වගේ කණ්ඩායමක් එක්ක. ඉතිං ඉන්දියාවත් එක්ක හා හා පුරා කියලා ගහන්න හම්බ වෙද්දි මොනවද හිතුණේ එක පාරට?
මම හිතන්නේ මම පළවෙනි ටෙස්ට් තරගය ක්‍රීඩා කළේ ඉන්දියාවත් එක්ක. ඉතින් මම හිතන්නේ ඒගොල්ලොන්ගෙ ෆුල් ටීම් එකම හිටියා ඒ වෙලාවේ. දවස් දෙකක් filled එකේ හිටියා. ඒගොල්ලො මුලින්ම බැට් කළේ. ලකුණු මම හිතන්නේ හයසියක් ද කොහෙද ලබා ගත්තා.. එතකොට තමයි තේරුනේ ටෙස්ට් ක්‍රිකට් ගහන එක අමාරුව කියලා. මොකද session හයක් filled කරා. ඉතින් ඊට පස්සේ මට open කරන්නත් වුනා ඒගොල්ලො කොහොම හරි session පහයි පැය එකහමාරක් විතර bat කලා. අපිට කොහොමහරි හයක් විතර බැට් කරන්න තිබ්බා. දැන් කකුල් දෙක වැඩ කරන්නෙත් නෑ. හොඳ පන්දු යවන්නන් ටිකක් හිටියා.. ලකුණු මම කුණු 18 ක් වගේ ප්‍රමාණයක් ලබා ගත්තා මම මං හිතන්නේ.
ඒ මැච් එකේ බැට් කරන්න යද්දි dress room එකේදි මොනවද කිව්වේ?
මොකද කිව්වේ නෑ එහෙම ලොකු දෙයක් මොකුත් කිව්වෙ නෑ. මොකද මම ඉට කලින් one day තරඟ වල ක්‍රීඩා කරලා තිබ්බා. මම හිතන්නේ 2016 අන්තිම තමයි මම ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළේ. මුලින්ම මම ක්‍රීඩා කළේ 2015 one day තරඟ. ඉතිං එතකොට මම කාලයක් දැනගෙන හිටියා කණ්ඩායමේ ක්‍රීඩකයන් ඇත්තටම මම ක්‍රීඩා කරද්දී ඔක්කොම හිටියේ ලොකු කට්ටිය senior players ලා හිටියේ. angelo ඔක්කොම කලින් ගගහා හිටපු කට්ටිය හිටියේ. සංඟල ,මහේලා ඔක්කොමත් එක්ක හිටිය කට්ටිය. ඉතිං ඇත්තටම පොඩි ක්‍රීඩකයෙක්ට මමයි තව දික්වැල්ල තව කවුරුහරි එක්කෙනෙක් හිටියේ එච්චරයි හිටියේ ඒ දවස් වල. මටbat කරන්න යද්දි pressureඑකක් තිබ්බා. මොකද ඉන්දියා වගේ කණ්ඩායමක් එක්ක සෙල්ලම් කරද්දි ඕන වෙලාවක pressure එකක් තියෙනවා. ඉතින් ඒ කිව්වා මගේ සපෝට් එක තිබ්බ ටීම් එකෙන්. මම 2015 ගහන්න ගත්ත දවසේ ඉඳන් angelo mathews කැප්ටන් කළේ. හැමවෙලේම සපෝට් එකක් ලොකු ලැබුණා.
ධනුෂ්ක ඔයා test match අටයි සෙල්ලම් කලේ. test ගහන්න එපා වෙලා වගේ නේද?
එපා වෙලා නෑ. මට අවස්ථාව හම්බවුණේ නැහැ කියන්නත් බෑ .අවස්ථාව හම්බවුණා.
එක්දින, ටීටුවෙන්ටි සහ ටෙස්ට් මේ තුනේම සෙල්ලම් කරන්න ඕනි ද ප්ලේයර් කෙනෙක්, එහෙම නැත්නම් මේ test players ලා කියලා වර්ගීකරණය කරන්න ඕනද?
වර්ගීකරණය කරන්න එහෙම අර ලේබල් එකක් ගහන්න අවශ්‍යතාවයක් නැහැ. මම හිතන්නේ ටෙස්ට් ක්‍රිකට්, එක්දින එහෙම කියලා මම හිතන්නේ ලොකු වෙනසක් කියලා .මම හිතන්නේ one day cricket හොඳට ගහන කෙනෙක්ට මම හිතනවා ටෙස්ට් තරග ක්‍රීඩා කරන්න පුළුවන් කියලා. දැන් ඉස්සර වගේ මීට අවුරුදු දහයකට කලින් වගේ නෙමෙයි මම හිතන්නේ දැන් තරඟ බැලුවොත් එහෙම ටෙස්ට් තරග තුනයි ,one day තරග තුනයි, ටීටුවෙන්ටි තරඟ තුනයි ඒ වගේ ටුවර් එකක් ගියත් format තුනෙන්ම මැච් තියෙනවා. ඊට පස්සේ domestic තියනවා. මම හිතන්නේ අවුරුද්දට තරග වැඩියි.මම හිතන්නේ එක management එකෙනුත් බලනවා.. කවුද ගහන්න ඕනේ ටෙස්ට් කවුද නොගහන්න ඕනේ එහෙම කියලා වෙන් කරන එක නෙමෙයි අර කොහොමද ක්‍රීඩකයන්ව rotate කර කර ගස්සන්නේ කියන එක තමයි බලන්න ඕනේ.
දැන් ධනුෂ්ක එක්දින තරග තිස් අටක් ටීටුවෙන්ටි තරඟ 24 ක්‍රීඩා කරල තියනවා ශ්‍රී ලංකාවෙන්. මේ එක්දින තරග 38න් ධනුෂ්කට අමතක වෙන්නේ නැති ම එක් දින මැච් එක මොකක්ද?
මම හිතන්නේ ඉන්දියාවත් එක්ක Champion Shroff එකේ ගහපු එක. මම හිතන්නේ ඒගොල්ලො 330 ක් ලබාගත්තා. අයිසීසී ඉවෙන්ට් එක Champion Shroff එකේ chases කරල නෑ ටීම් එක්ක ඊට කලින්. ඉතින් මම හිතන්නේ ඒගොල්ලො හොඳම කණ්ඩායම හිටියා. ඒක මම ලබා ගත්තේ ලකුණු 80 යි. හැබැයි ඒ ජයග්‍රහණය මම හිතන්නේ ලොකු ජයග්‍රහණයක්.
හැබැයි මම හිතුවේ ඒක නෙමේ.. මං හිතුවෙzimbabwe ත් එක්ක world record එකක් තියෙනවා දික්වැල්ලත් එක්ක ඒ ගැන පොඩ්ඩක් කියමුකො?
ඔව් එකත් අමතක නොවන තරගාවලියක්.. මොකද මම හිතන්නේ ලෝකෙ කවුරුත් achieve කරල නැති එකක් එක. ආරම්භක පිතිකරුවන් දෙදෙනෙක් ලකුණු දෙසීයකට වැඩි සම්බන්ධතාවයක් පිට පිට තරඟ දෙකකදී.. ඉතින් මම හිතන්නේ මොන කණ්ඩායමක් එක්ක වුනත් ලේසි නෑ එහෙම මේවා කරන්න. ගොඩක් අපි ඉස්සර ආස කරපු කට්ටිය තමයි sanath jayasuriya ඒ වගේ opening partnership දාපු කට්ටිය ඉන්නවා ගොඩක්. ඉතින් මටයි ,දික්කටයි කරන්න හම්බ උන එක ලොකු සතුටක්. ඉතිං කවුරුත් කරපු නැති දෙයක් එක මම හිතන්නේ හැම වෙලේම ඒක history ඒකට යනවා කවුරුත් නොකරපු දෙයක් කළාම.
ඔබ ශතක දෙකෙන් වඩා ප්‍රිය කරන ශතකය මොකක්ද?
පාකිස්තානයත් එක්ක...
ටීටුවෙන්ටි ගත්තහම මම හිතන්නේ ලකුණු පනස් ගණන් තමා වැඩිම?
ඔව් පනස් ගණන්.. ඒකත් මම හිතන්නේ පකිස්ථානයත් එක්ක. ටීටුවෙන්ටි තරඟාවලිත් මම හිතන්නේ ලකුණු තිහක් හතළිහක් ඉක්මට ලබා ගන්න එක තමයි අවශ්‍ය ටීම් එකට ඉතින්.
දැන් ධනුෂ්ක වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායම දිහා බැලුවම ආරම්භක පිතිකරුවන් පෝලිමක් ඉන්නවා.. දැන් ධනුෂ්කට හිතෙන්නේ නැද්ද ලොකු තරගයක් තියෙනවා කියලා තමන්ගේ ස්ථානය ආරක්ෂා කරගන්න?
තරගයක් තියෙන එක හොඳයි මම හිතන්නේ. මොකද කණ්ඩායමට හොඳයි. නැත්තං permanent පිතිකරුවන් දෙදෙනෙක් හිටියොත් එහෙම මම හිතන්නේ එතකොට ඒගොල්ලොන්ට pressure එකක් නෑ. මම හිතන්නේ හැම ප්ලේස් එහෙකටම හැම සලට් එකටම ඉන්නවා ක්‍රීඩකයන් තුන්දෙනෙක්, හතරදෙනෙක්. ඉතින් මම හිතන්නේ ඒක හොඳයි ඇත්තටම එතකොට ක්‍රීඩකයෝ දැනගන්න ඕන ඒගොල්ලොන්ගෙ proformance කොහොමද continue කරන්නේ කියලා.
එතකොට ඔහොම තරගයක් තිබ්බහම ධනුෂ්ක ක්‍රීඩාපිටිය ඒළියදී තරගයක් තියෙන players ලත් එක්ක ප්‍රශ්න ඇති කර ගන්නේ නැද්ද?
එහෙම ප්‍රශ්න තාම වෙලා නැහැ.. මම එහෙම දැන් ටීම් එකේ පහක් අවුරුදු ඉදලා තියනවා. මම tour කරල තියන එක tour එකකවත් එහෙම ප්‍රශ්න ඇවිල්ල නැහැ. හැමෝම හොඳින් ඉන්නවා.
එතකොට දැන් මේ අපි අහන්න ලැබෙන්නේ ටීම් එක ඇතුලේ වලි තියනවා ප්‍රශ්න තියෙනවා. players ලා අතර සුහදතාවයක් නෑ කියලා?
එහෙම නම් මම දැනුවත් එහෙම නැහැ. මම දන්නෙ නැහැ ඒ ගොල්ලන්ගෙ පර්සනල් මොනාහරි එහෙම ප්‍රශ්ණ තියෙනවද කියලා. මම දැනුවත්ව නම් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ ටීම් එක ඇතුලේ.
ගෙදර දොර වැඩ කොහොමද අම්මා තාත්තා?
මට ඉන්නේ අම්මයි තාත්තයි නංගියි. නිකං ඉන්න වෙලාවට මම හිතන්නේ ගොඩක්ම මම යාලුවෝ හම්බෙන එක තමයි කරන්නේ ඇවිදින්න යනවා. මං පොඩි කාලේ ඉඳන් බීච් එකට ආසයි.
පානදුර බීච් එකට යනවා නේද ඒ කියන්නෙ නිතරම?
ඔව් ඒකට යනවා.. ඊට පස්සේ මම මගේ කියලා ගෙයක් ගන්නකොට මම එක ගත්තෙත් බීච් එක අයිනෙන් mount lavinia වල.මම හැමතිස්සෙම හරි ආසයි බීච් එකට පොඩි කාලේ ඉඳන්.. ඉතින් මම පොඩි කාලෙ ඉඳන් දැකපු දෙයක් තමයි ඇත්තට මූවී එකක් බැලුවත් බලන්නේ සර්ෆ් කරන එකක්. ඉතිං හරි ආසයි ඉගෙන ගන්න. ඉතින් බලමු තව අවුරුදු 4කින් පහකින්.
ධනුෂ්ක නිකමට හරි ක්‍රිකට කෙනෙක් වුනේ නැත්නම් අද කොතන ඉඳීද?
ක්‍රිකට කෙනෙක් වුනේ නැත්නම් මටත් හිතා ගන්න බෑ මම කොහේදීද කියලා.
මට හිතෙනවා ධනුෂ්කට හොඳ බිස්නස් කිරීමේ හැකියාවක් තියෙනවා කියලා?
ඔව් සමහරක් විට businessman කෙනෙක් වෙන්න තිබ්බා.
සාමාන්‍යයෙන් ධනුෂ්ක free තියෙන වෙලාවට එහෙ මෙහෙ ඇවිදින්න යනවද කොහෙද වැඩිපුර යන්නේ?
ලංකාවෙ නම් ගොඩක් වෙලාවට down south තමයි යැවෙන්නේ.. මම හිතන්නේ කොළඹ ඉඳන් ඒන්න හරි ලේසියි දැන් highway එකත් තියන හින්දා .මම හිතන්නෙ ලංකාවෙ ඇතුලෙ යන්න තැනක් තිබ්බොත් ඉතින් කොයි හරි down south ගිහිල්ලා බීච් ගිහිල්ලා සර්ෆ් කරන්න පුළුවන් නම් ඒච්චරයි කියලා.
දැන් tours ගියාම ඕගොල්ලො නිතරම එළියට යනවද වීම් එකත් එක්ක ?
ඔව් යනවා එළියට යනවා.. මම කොහොමත් ගේ ඇතුල ඉන්න ආස නැහැ. මට tours ගියත් මම කාමරෙන් නෙමෙයි ඉන්නේ. මම එහේම කාමරේ ඉන්නෙ නිදාගන්න වෙලාවට විතරයි.
එහෙම එළියට යන එක rules එක්ක ද යන්නේ?
rules මුකුත් නෑ.. තිබ්බ කාලයක් තිබ්බ මාස තුන හතරක්. දැන් ඒ කාලේ නම් නෑ .ඉස්කෝලෙ ළමයින්ට වගේ සලකන්නෙ නැහැ. ඉස්කෝලවල ළමයින්ට වගේ සලකන කාලයක් තිබ්බා.
දැන් ටුවර් එකක් ගියාම ඕන වෙලාවක එලියට යන්න පුළුවන්?
ඕන වෙලාවක එලියට යන්න පුළුවන්.. හැබැයි මම හිතන්නේ හැමෝම professional players ලා විදියට මම හිතන්නේ මැච් එකට කලින් කොහොමද සූදානම් වෙන්න ඕනේ, එතකොට නින්ද අවශ්‍යයි හැමෝම දන්නවා ඒවා. එළියට යන්නේ නැතුව ක්‍රිකට් ගහන්නත් බෑනේ මනස රිලැක්ස් වෙන්න ඕන.
ඒ කියන්නේ නයිට් ක්ලබ් යන්න පුළුවන්, රෑ වෙනකන් ඉන්න පුළුවන්, රෑ දහයට කලින් රූම් එකට එන්න ඕන එහෙම ප්‍රශ්නයක් නැද්ද?
මම හිතන්න නෑ කවුරුත් නයිට් ක්ලබ් යනවා කියලා තරඟ සෙල්ලම් කරද්දි. හැබැයි චාන්ස් එකක් තිබ්බොත් අපි කියමු දවස් තුන හතරක බ්රේක් එකක් තියෙනවා කියලා එහෙම තිබ්බොත් එහෙම කොහෙට හරි පොඩි බාර් එකකට ගියයි කියලා සමහර මිනිස්සු අර ළමය අර බාර් එකේ දැක්කා අර බාර් එකේ දැක්කා ඒ ළමයට ක්‍රිකට් ගහන්න බැහැයි කියල හිතනවා. මෙතන මේ ළමයා පාන්දර තුන හතර වෙනකම් පාටි කරනවා.. අර ලංකාවෙ තියෙන මානසිකත්වය තමයි ඉතිං .කාවහරි එක්කෙනෙක්වත් බාර් එකේ දැක්කොත් හිතන්නේ මෙයා හරි අද පාන්දර 3 වෙනකම් හොඳට ගහයි කියලා තමයි හිතන්නේ එච්චර මෝඩ නෑ මම හිතන්නේ.
පහුවදා ඇවිල්ල fail උනොත් එහෙම අනිවාර්යෙන් මිනිස්සු කියනවා ඒ කතාව නේද?
අනිවාර්යෙන් සීයක් ගැහුවොත් හොඳයි.. නැත්නම් කියයි මෙයා පාටි කරනවා මොනාහරි තියෙනවා කියන්න.. ඉතිං ඉතින් ඒ වගේ කට්ටියකුත් ඉන්නවා.. මම කියන්නේ සපෝට් කරන අය වෙනම ඉන්නවා. මඩ ගහන කට්ටිය වෙනම ඉන්නවා. මම නම් ගණන් ගන්නේ නෑ. මම බලන්නෙත් නෑ. මම දකිනවා සමහර වෙලාවට බැනලා දැම්මත් මම ඉතින් හිනා වෙලා ඉන්නවා. මට මේ ලඟදි insragram එකෙන් එක්කෙනෙක් බැට් කරන හැටි උගන්නලා තිබ්බා.. ඉතින් මම කමෙන්ට් එකක් දැම්මා තෑන්ක්ස් course කියලා. ඉතින් ඒවගේ ඒ කට්ටියට මමත් හරි ආසයි.
සාමාන්‍යයෙන් දැන් ධනුෂ්ක විනය සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවල ඔයාට චෝදනා ආවා?
ඔව් මම ඔය කාමරේට පරක්කු වෙලා ඇවිල්ල තමයි.නැත්නම් වෙන මුකුත් කරලා නෙමෙයි.. මම අර කිව්ව වගේ නිදහසේ ඉන්න කැමති.. මට කවුරුහරි ප්‍රෙෂර් එක දැම්මොත් ඔයා දහය වෙනකන් ඉන්න ඉන්න ඕනේ ඔයාට අට වෙනකොට ඉන්න ඕනේ, ඔයා මේ කරන්න ඕන අරක කරන්න කිව්වොත් මට අමාරුයි. මම දන්නවා මම මොනවද කරන්න ඕනේ කියලා.. අර කිව්ව වගේ වෘත්තීමය වශයෙන් ක්‍රීඩකයෙක් මම හිතන්නේ නැ ඕනම කෙනෙක් මම හිතන්නේ මැච් එක ඉස්සෙල්ලා පුහුණුවීම් නරතුව කොයි හරි යනවා කියලා.. හැමෝම පළවෙනි තැන දෙන්නේ ඒකට තමයි.. ඉතින් කොච්චර අමාරුවෙන් පුහුණුවීම් කරනවා ද මැච් ගහනවද ඒ වගේම හැම ක්‍රීඩකයෙක්ට මම හිතන්නේ සමහරක් ක්‍රීඩකයෝ ආසයි ෆැමිලි එකත් එක්ක ඉන්න. බැඳපු නැති අයට වෙන කොහේ හරි ආසයි.. එක එක්කෙනාගෙ මනස relax කරගන්න විදි තියෙනවා. ඉතින් එක් එක්කෙනා වෙනස්. ඉතින් අපි ඒ ඒ දේවල් appreciate කරන්න ඕනේ.
cricketers ලත් මිනිස්සු කියල හිතන්න වෙනවා නේද ඒ කියන්නේ?
ඔව් අනිවාර්යෙන්ම. අපි රහත් වෙච්ච කට්ටිය නෙමෙයි.
පහුගිය කාලේ තව චෝදනාවක් තිබ්බා තරග පාවා දීම් වලට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සම්බන්ධයිද කියලා කාලෙන් කාලෙට කතා හැදෙනවා.. විශේෂයෙන්ම ඔබ ක්‍රීඩා කරපු තරග සම්බන්ධයෙනුත් ඒ කතාවක් තිබ්බා. විශේෂයෙන්ම zimbabwe ටුවර් එකේ. ඇත්තටම මොකක්ද ඔයාට ඒ ගැන කියන්න තියෙන්නේ?
කියන්න තාම evidence නෑ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ.. හැමෝම කතා කරන match fixing .ඕක ලොකුවට ගියා අරාබි සිම්බාබ්බේ තරඟ තිබ්බා 2017 - 2018 තරගවලදී . දැන් මේ ඒල්පීඒල් තරගාවලියත් ඒව මේව කියනවා.. මම හිතන්නේ ඒවා කටකථා එක එක්කෙනා මම ඔයාට කිව්වොත් ඔයා තව කෙනෙක්ට කියනවා.. ලංකාවෙ ගොසිප් වලට මාර තැනක් තියෙනවානේ.. ඉතින් මම හිතන්නේ එහෙම තමයි ඉතින් මම හිතන්නේ එහෙම දන්නෙ නැතිව කාටවත් ඇඟිල්ල දික් කරන එක හරි වැරදි වැඩක්. මම කියන්නේ මේකේ විතරක් නෙමෙයි සාමාන්‍ය ජීවිතෙත් කාට හරි මොනාහරි වැරැද්ද බයිනවා නම් මම හිතන්නේ හරියට දැනගෙන බන් ඉන්න ඕනේ.
ධනුෂ්කගේ ක්‍රිකට් ජීවිතේ අවුරුදු පහක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ. මේ අවුරුදු පහට අමතක නොවෙනම සිදුවීම මොකක්ද?
අමතක නොවන සිදුවීම් ඇවිල්ලා අපේ chamion shroff එකේ ගැහුවා pakistan එක්ක semi final match එකක්. අපි හිතපු නැති තරගය ඉන්දියාවත් එක්ක ජයග්‍රහණය කළා. හැමෝම හිතුවා අපි ඉන්දියාවට පැරදිලා ගෙදර යයි. අපිට පෝස්ට් එහෙමත් හදලා තිබ්බා. ඉතින් අපි ගෙදර එනකන් ගොඩක් කට්ටිය බලාගෙන හිටියා. ඉට පස්සේ කොහොමහරි අපි දින්නා. දිනලා ඉවරවෙලා අවසාන පූර්ව තරගයට ගියා.. පකිස්ථාන එක්ක තිබ්බේ.. කොහොමෙන් හරි වික්ට් අපි ලබාගත්තේ 225ක් හරි 227 හරි. ඔය වගේ ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තේ.. ඊට පස්සේ අපි හිතුවා මේක පොඩ්ඩක් මදි කියලා. මොකද හොඳ කණ්ඩායමක් හිටියා. හැබැයි පකිස්ථානෙ එකසිය දහයක් ගහද්දිත් විකට් එකයි. එකපාරට 150 වෙද්දි විකට් හතක් ගියා. ඊට පස්සේ මට මතකයි දික්වැල්ල කිව්වා පිටිපස්සෙ ඉඳන් අපි දැන් දිනලා දවස් පහක් විතර තියෙද්දි අපිට සතුටුයි දැන් final අපි හිතුව දැන් final කියලා .එහෙම හිතන්න හොඳ නෑ මම හිතන්නේ තරගය ඉවර වෙනකන්. හැබැයි මට ළඟටත් ඇවිල්ල කිව්වා අපි දිනලා ඉවරයි අද නම් පාටියක් දාන්න ඕනේ කියලා. ඉතින් අපේ ටීම් එක කට්ටිය හිතුවා අද නම් අපිට ෆුල් හැපී. කොහොමහරි අපි අන්තිමට තරගය පරාද වුණා.. ඉතිං අපි දෙන්නා කතා වුණා මදැයි පාටි දාන්න හිටිය කියල.
ග්‍රවුන්ඩ් එක ඇතුළදි ධනුෂ්ක ඔබ තරමක් ආවේගශීලී ක්‍රීඩකයෙක්නේ.. වලි දාගන්න නැද්ද players ලත් එක්ක?
රණ්ඩු වෙච්ච අවස්ථා නම් තියෙනවා. බැනගත්තා අවස්ථා ගොඩක් තියෙනවා .හැබැයි පුළුවන් තරම් බලන්නේ කොහොම හරි දැන් හරි අමාරුයි හැම එකක්ම අෙහනවා. ඉතින් පොඩ්ඩක් මොනාහරි වුණත් 10% කියයි 20% කියයි අපරාදේ නිකන්.. ඊට පස්සේ අපේ පොයින්ට් සිස්ටම් එකක් තියෙනවා. ඒත් පොයින්ට්ස් උත් කැපෙනවා. ඒවා කැපිලා කැපිල මේ උනාම suspend වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ පුළුවන් තරම් බලන්නේ ඇහෙන්නේ නැතිවෙන්න කොහොමෙන් හරි රණ්ඩුවක් දා ගන්නවා නම් දාගන්න.
ඒ වගේ රණ්ඩු වෙච්ච අවස්ථා නැද්ද ධනුෂ්කගේ international cricket වල?
international cricket වල ඒ වගේ සිදුවීම් ගොඩක් තියෙනවා.. අර මතක සාමාන්‍යයෙන් හැම තරගයක වගේ බැනගන්නවා.
ඒ බැනගෙන ධනුෂ්ක මැච් එකෙන් පස්සේ එතනින් ඒ ගනුදෙනු ඉවරද කතාබහ කරනවා ද?
ගොඩක් වෙලාවට සියයට අනූ නමයක්ම මම හිතන්නේ මැච් එකෙන් පස්සේ කතා කරනවා.. ඒ ගැන ලොකු ෆයිට් එකක් ගියත් මැච් එකෙන් පස්සේ මම හිතන්නේ කතා කරනවා.
ඔබ සහ angelo අතරත් කතාබහ ගියානේ එල් පී එල් එකේ . angelo බනිනවා. මොකක්ද වුණේ ඒ රණ්ඩුවක් ද වුණේ?
එයයි ,දික්වැල්ලයි හිටියේ හොඳම යාළුවෝ දෙන්නෙක්.. ඉතිං මට club මැච් එක හම්බුනොත් අපි බැන ගෙන තමයි මැච් එක ගහන්නේ. ඉතින් මම හිතන්නේ කොහොමෙන් හරි angelo ඇවිල්ලා මම දැක්කෙ නෑ විකට් එකක් ගියාට පස්සේ review එකක් දාලා තිබ්බා එකෙන් පස්සෙ අවුට් වෙලා ගියාට පස්සෙ මගේ බැට් ඉල්ලුවා ඇවිල්ලා . මම බැට් එක දුන්නේ නෑ. ඊට පස්සේ මට පිටිපස්සෙන් පයින් එකක් ගහලා මම දැක්කේ නෑ ඒ වෙලේ. පස්සෙ දවසෙ කැමරාවෙන් තමයි දැක්කෙ හැමතැනම දාලා තියෙනවා. ඉතින් මං දැක්කා angelo ට හැමෝම ඒ වෙලාවේ මට කැමති මම ලකුණු ගගහ හිටිය නිසා.. ඊට පස්සේ angelo ට දාලා තිබ්බා බැන බැන දාලා තිබ්බා. ඊට පස්සේ මමයි එයයි එකතුවෙලා වීඩියෝ එකක් දැම්මා.
දැන් ධනුෂ්කගේ ක්‍රිකට් වලට කොහොමද ජාතික කණ්ඩායමට එන්නේ. under 19සෙල්ලම් කරනවද ටීම් එකේ?
ඔව් මම under 17 ඉඳන් ජාතික කණ්ඩායමේ ඉන්නේ. අපි 2010 ලෝක කුසලාන තරගාවලියේ සෙල්ලම් කරා නවසීලන්තේ under 19..
කවුද captain?
අපිට කැප්ටන් කළේ චතුර පීරිස්. එතකොට මම හිතන්නේ භානුක,චිත්රුන් ගොඩක් හොඳට සෙල්ලම් කරපු ක්‍රීඩකයා අපේ හිටියා. ගොඩක් කට්ටිය මම හිතන්නේ රටවල් වලට මුව් උනා.
ගොඩක් අය කියනවා ධනුෂ්ක ඔයාට one day team එකේ ඉන්න අවස්ථාවක් හම්බ වෙලා තියෙන්නෙ ඔබ part time බෝල කෙනෙක් සහ ඇදහිය නොහැකි පන්දු රකින්නෙක් හින්දා කියලා. කොහොමද මේ දෙක develop කරගත්තේ?
මම හිතන්නේ පන්දු රැකිම ගත්තොත් එහෙම මම හිතන්නේ මට පොඩි කාලේ ඉඳන්ම පන්දු රැකීම අංශයෙන් මට ලොකු හැකියාවක් තිබ්බා. මම හිතන්නේ අනික් ක්‍රීඩකයින් වගේම practice කරන්නේ මමත්.. එහෙම කියලා extra එකක් දාන්නේ නැහැ. මම ආසයි field වලට. මම හිතන්නේ ඒක තමයි අර මම කිව්ව වගේ හැම දෙයක්ම field විතරක් නෙමෙයි අර බය තියෙන තැන බය ආවොත් එහෙම මට අමාරුයි.. ඇත්තටම නයිට් මැච් ගහද්දි ගොඩක් අමාරුයි field කරන්න. එහෙම හරිම අමාරුයි. එක බලාගෙන ඉන්න කට්ටියට තේරෙන්නෑ .එක හරි අමාරු ඉතින්. මම හිතන්නේ කිව්ව වගේම මට පොඩි කාලේ ඉඳන් ඉස්කෝලේ යන කාලේ ඉඳන් මට ආසාවක් තිබ්බා field වලට. ඉතින් ඒක හින්ද තමයි මගේ fielding හොඳ වුණේ.
ඔබ බෝල් කරන්නෙ නැද්ද වැඩිය එල් පී එල් එකේ බෝල් කරෙත් නෑනේ?
මම පන්දු යවන්න කොන්දේ ආබාධයක් තිබ්බා ගිය අවුරුද්දේ ඉඳන්. ඒක තාම සියට සියක් හොඳ කර ගන්න තැන තමයි මම ඉන්නේ පන්දු යැවීම ආයිත් පටන් ගන්න.
දැන් කවදහරි දවසක ධනුෂ්කගෙ දරුවො එහෙම ක්‍රිකට් ගහන්න ආස හිතුනොත් ධනුෂ්ක කැමතිද ක්‍රිකට් ගහනවාට?
දන්නෙ නෑ ඒගොල්ලො මොනවට ආස වෙයිද දන්නෙ නෑනෙ. මගේ කැමැත්ත මම තාම හිතලා නෑ දරුවො හදන්න තියා බදින එක ගැනවත්.
ඒ කියන්නේ එච්චරට කැමතියි රිලැක්ස් එකේ ඉන්න?
ඔව්. බැන්දත් බඳින්න ඕන නිදහසක් තියෙන කෙනෙක්ව. මට හිර වෙන්න බෑ. ඉතින් මම අර කිව්ව වගේ බඳින එකත් හිතලා නෑ. ඉතිං දන්නෑ කවද මොනවා වෙයිද බඳි ද අර කිව්වා වගේ වැඩිය ගොඩක් දුර හිතලා නෑ.
ධනුෂ්කගේ මොකක්ද ඉස්සරහ පෑලැන් එක ක්‍රිකට් සම්බන්ධව?
ඉස්සරහ ප්ලෑන් එක ඇවිල්ලා මම හිතන්නේ මේ අවුරුද්දේ ගොඩක් තරග තියෙයි අපිට.. ඉතින් කිව්ව වගේ හැමතිස්සෙම කියනවා වගේ මම දැන් මේ අවුරුද්ද ගැන මම හිතන්නේ නැහැ. මම දන්නෑ මට එහෙම හිතුවොත් මට අමාරුයි. මම හිතුවොත් මේ ටුවර් එක තියෙනවා, ආයෙත් වර්ල්ඩ් කප් එක තියෙනවා, ඒෂියා කප් එක තියනවා. අපිට තියනවා ඊළඟටwest indies tour එක. ඉතින් මං මේකට හොඳට ප්‍රැක්ටිස් කරලා ඒ west indies tour ඒක කොහොමද හොඳටම කරන්නේ කියලා බලන්නේ.. ඊට අමතරව මම ගොඩක් දුර හිතන කෙනෙක් නෙමෙයි.
ධනුෂ්කට මේ cricket ලයිෆ් එකේ තැන්කියු කියන්න පිරිසක් ඉන්නවනම් කියන්න පුළුවන්?
ඇත්තටම තැන්කියු කියන්න ලොකු පිරිසක් ඉන්නවා.. මට පොඩි කාලේ ඉඳන්ම ලොකුවටම මම හිතන්නේ තෑන්ක්ස් කරන්නත් බෑ මගේ අම්මයි තාත්තයි තමයි. එයාලා හින්ද තමයි මං හිතන්නේ ක්‍රිකට් ගහන්නේ. තාත්තා සෙල්ලම් කළා. ඒයා ඉස්කෝලෙ යන කාලේ සෙල්ලම් කරා. හැබැයි එයා ලොකු ක්‍රිකට් එකක් ගැහුවෙ නැහැ. එයා ගොඩක් මැච් බලනවා. මම හිතන්නේ මැච් බලලම දැන් මම අවුට් උනහමත් කියනවා කෝල් කරල මෙහෙම ගහන්න එපා කියලා. මං හිතන්නේ මම දන්න කාලෙ ඉඳන් එයා මට තේරෙන කාලේ ඉඳන් එයා මැච් බලනවා. මම හිතන්නේ ක්‍රිකට් වලට විතරක් නෙමේ මගේ තාත්තා හැම sport එකකටම ටීවී එකේ ෆුට්බෝල් මැච් එකක් ගියත් එයා බලනවා. පැය දෙකක් ද යන්නේ පැය දෙකම වාඩිවෙලා බලනවා ඕන sport එකක් බලනවා.
මම හිතන්නේ ක්‍රිකට් වලට ලංකාවෙත් කවුරුහරි ගත්තොත් ක්‍රිකට් වලට තමයි හැමෝම වැඩියෙන් කැමැති. මම හිතන්නේ සනත් අයියලා ගහන කාලේ අරවින්ද අයියලා ගහන කාලේ එක මැච් එකක් වත් මිස් කරල නැහැ. ඉතින් එයත් එක්ක එකතු වෙලා ඉඳගෙන මැච් බලන එක තමයි කරේ පොඩි කාලේ ඉඳන්. ඊට පස්සේ මම පානදුරේ ලීඩ්ස් කියලා ක්ලබ් එකක් තිබ්බා. ඒ ක්ලබ් එකට මාව දාලා ඒකෙ නිකම් ප්‍රැක්ටිස් කරලා කරලා මට ඇත්තටම මම වොලිබෝල් ගගහ හිටියෙ. මමත් හැම sport එකක් වගේම කලා. ඊට පස්සේ මට හිතුනා ක්‍රිකට්වලින් මොනාහරි දෙයක් කරගන්න පුලුවන් වෙයි කියලා.. ඉතින් මං ඒක දිගටම කළා. ගොඩක් coaches ලා ඉන්නවා .මට නම් වශයෙන් සඳහන් කළොත් එහෙම ලොකු ලිස්ට් එකක් ඉන්නවා. ඒ coaches ලා ඒ වගේ මට උදව් කරපු මගේ අම්මයි තාත්තයි විතරක් නෙමෙයි මගේ වටේ ඉන්නවා හය හත් දෙනෙක් ඉන්නවා මගේ ලඟින්ම මට උදව් කරපු කට්ටිය. ඉතින් ඔක්කොටම මම කියන්නේ මට මොනාහරි වචනෙන් හරි උදව් කරපු කට්ටියට ගොඩක් ස්තුතියි.
සාකච්ඡාව - Sports Club
0 Comments