දැන් අපි කියමුකෝ ගම් පළාත පුංචි කාලේ ගැන කතා කරමු..
පුංචි කලේ ගැන බැලුවොත් හරි සුන්දර ගම්මානයක් අපි ගම්මානය. ඒ කියන්නේ වැව් පහක් වට වෙලා තියෙනවා පස් පැත්තෙන්ම.. එතකොට ඒකට කියන්නේ වීරකැටිය කියලා ගමට.
දැන් පුංචි කාලෙට ගියොත් කවුරු කවුරු ද පවුලෙ කට්ටිය ගැන මතක් කරමු.
මගේ තාත්තා හරි හොඳ කෙනෙක්. ගමේම අය ආදරෙයි.. තාත්තට කියන්නේ ගොයිය කියලා. මම ඇහුවා මොකද ගොයියා කියන්නේ කියලා.. ඒ පැත්තෙ කුඹුරට වී ටිකක් ඉහිනවා නම් අපේ තාත්තා මුල්ම ඕනේ නැකතට වී ඉහින්න. ඒ වගේ තමයි තාත්තා ඔහෝම ඉන්නකොට තාත්තට ජොබ් එකක් හම්බවුණා. එයා ඇවිල්ලා මැලේරියා එකේ ෆෝමන් කෙනෙක්. ඊට පස්සේ පවුලේ ඉන්න අනිත් අයත් අපේ නංගිලා මල්ලිලා ඉන්නවා නම දෙනෙක් ඉන්නවා.. වැඩිමලා තමයි මම. ඊට පස්සේ ඔහොම ඉන්නකොට ඉන්නකොට තාත්තා හෙන හරි හොඳ එක්කෙනෙක් මගේ හරිම හොඳයි. ඒ කාලේ පාසලට ගියා. පාසල් ගිහිල්ලා අරෙහෙ මෙහෙ ඉද්දි මට හිතුනා කොළඹට පනින්න ඔන කලාව ඕනි කියලා හිතුනා . මගේ පවුලේ කවුරුවත් කලාවට සම්බන්ධ නෑ. එතකොට ඉස්කෝලෙත් කලාවක් කියන දෙයක් තිබුණෙ නැහැ ඒ කාලේ.
කොහෙද ඉස්කෝලේ?
ඉස්කෝලේ ඇවිල්ලා වීරකැටිය මහා විද්‍යාලය. එතකොට ඒ ඉස්කෝලේ සංගීතය පැත්තක් නැහැ. ආව ගුරුතුමියක්. ගහක් යට තියාගෙන අපිව සිංදුවක් පුරුදු කරා. එතකොට එහෙමම ඉන්නකොට තව දවසක් කිව්වා අපි නාට්‍යයක් කරන්න ඕනේ කියලා මාව දැම්මා ලෙඩෙකුට. මට තියෙන්නෙ අපොයි මට අමාරුයි අයියෝ මාව බේරගන්න... අනේ දොස්තර මහත්තයෝ මට බෙහෙත් ටිකක් දෙන්නකෝ මෙන්න මෙහෙම කියන්න.. ඔක්කොම එදා ඉස්කෝලේ නාට්‍ය නරඹපු අය හිනා උනා. හිනාවෙලා ඔහොම ඉන්නකොට මට හිතුනා නළුවෙක් වෙන්න තියෙනවා නම් හරි හොඳයි කියලා.
දැන් කොළඹට කොහොමද පැන්නෙ?
ඊට පස්සේ මට හිතුණා මෙහෙම හිටියොත් මේ ගම්වල කවදාක්වත් නළුවෙක් වෙන්න බෑ. මේම රංගන කලාවකුත් නෑ කියලා ඉවරවෙලා මට යාළුවෙක් හිටියා දික්වැල්ල පැත්තේ.. යාලුවට මම කිව්වා ඔයා කොළඹ යනවා එනවනේ.. යන්ද අපි කොළඹට කියලා. හා යමු කිව්වා.. අම්බෙ පැන්නා කොළඹට. කොලඹට පැනලා ඇවිද ඇවිද ඔහේ ඉන්නවා යාලුවත් එක්ක.. ඉන්නකොට දෙහිවල තමයි මම හරි තැන අහුවුනේ. දෙහිවල හිටිය ඉද්දි මම ඊට පස්සේ දෙහිවලදි මට හිතුනා චිත්‍රපටි සිලෝන් ස්ටුඩියෝ ළඟයි ඒ ස්ටුඩියෝ. එකට එතනට ගිහිල්ලා බලන් හිටිය ඈත අපිට යන්න බෑ නලු නිලියො අම්මෝ.. රජවරු වගේ.. බලන් ඉදලා එක දවසක් මම අපේ සෑම් පෙරේරා මහත්මයා මම එයාට ගිහිල්ලා කිව්වා මාත් හරි ආසයි වැඩ කරන්න ඔබතුමා යටතේ වැඩ කරන්නේ කියලා.හා එන්න කියලා ඔන්න දැන් මං පටන් ගත්තා. දෙන්නා එක්ක ගියා. ගිහිල්ලා film එකේ වැඩ කරනකොට මට නිකං හිතුනා කොන්ඩ දාලා වැඩක් වෙන්නේ නෑ මට හිතුනා මේකප් ආටිස්ට් කෙනෙක් වුණා නම් කියලා.. ඊට පස්සේ සෑම් පෙරේරා එක්ක මුලින් කිහිපයක් වැඩ කළා.
කොහොමහරි එස්.පී කොස්තා මහත්මයා තමයි මේකප් කරන්නේ.. බොක්ස් එකත් අරන් ගිහිල්ලා එයා මේකප් කරනවා දවසක් මම ඇහුවා සර් මං එන්නම්කෝ ඉගෙන ගන්න මම හරි ආසයි කියලා. හැබැයි ඒයා නැති වෙලාවට මම නළු නිළියන්ව පොඩ්ඩ පොඩ්ඩ හරි ගස්වනවා. හා එන්න කිව්වා.. ඒ පාර මම ඉතින් එක දවසක් මම ගියා විජය ස්ටුඩියෝ එකට. එදා ගාමිණී ෆොන්සේකා මහත්මයා ගියා ගිහිල්ලා makeup box එක තියල මම අනිත් බඩු ටික ලෑස්ති කරලා ලොක්කට තිබ්බා. ඊට පස්සේ ගාමිණී ෆොන්සේකා මහත්මයා එනකොට අම්මෝ ගේට්ටුව ගාව ඉඳලා ඔක්කොමල නැගිට්ටා. මම බය උනා. මම ඉතින් දැන් ඉන්න විජය ස්ටුඩියො ඒක ගාව ඉන්නවා.. අවා. ඇවිල්ලා ඇතුලට ගියා.. good morning කිව්වා. ගිහිල්ලා එයා වාඩි උනා makeup room එකේ. වාඩිවෙලා මම කණ්ණාඩියෙන් හොරෙන් බැලුවා. කොස්තා මේ කවුද? සර් මම ගොලෙයක් ගත්ත හදන්න.. දැන් මගේ දිහා තත්පර 10ක් විතර බලාගෙන හිටියා. බලන් ඉඳලා කියනවා හොඳට ඉගෙන ගන්නවා.. කවදහරි හරි යයි. ඊට පස්සේ සිනමාවෙ ෆිල්ම් 70 ක විතර වැඩ කළා.
මතක හිටින ඒව ටිකක් කියන්නකො?
මට හුඟාක්ම මතකයි අපේ මීදුම් සිහින. ඒකේ මම රඟපෑවා.. මේකප් එකත් කරා. මේකප් කරන ගමන් තමයි රඟපෑමත් කළේ. හැබැයි සහය වුනාට ලොක්කෝ නෙමේ වැඩ කරන්නේ අපි තමයි වැඩ කරන්න ගොඩක් වෙලාවට. makeup artist කිවුවහම චිත්‍රපටය ගණන් ගත්ත යුතු චරිතයක්.
දැන් ඔබතුමා එතකොට ස්වාධීන රූපවාහිනියට සම්බන්ධ වෙන්නේ කොහොමද?
දැන් ඔහොම ඉද්දි චිත්‍රපට 15ක විතර මම රඟපෑවා.. makeup කෙරුවා හැත්තෑවකට විතර. ඔහොමත් ඉද්දි දැන් හිතුනා ගෙදරට වෙලා මම ඊට පස්සේ කසාද බැන්දා.
එයාව කොහොමද හම්බ උනේ?
නෝනා දෙහිවල හිටියේ.. දෙහිවල එද්දී ඒහා පැත්තෙ ගෙදර ඉන්නවා සුදු කෙල්ලෙක් ඉන්නවා. මම ඇහුවා ඔයා මොකටද ආවෙ.. මම ආවේ මාමා රස්සාවක් කරන්න ඒන්න කිව්වා.. මගේ නිකන් හිත ගියා.. මං කිව්වා කමක් නෑ කැමතිනම් ගෙදර යන්න කියලා. බලපුහාම දික්වැල්ල ගෙවල්. ඔයා හිතන්න මම කිව්වේ එක වචනයයි කැමතිනම් ගෙදර යන්න. දවස් තුනක් හතරක් බලද්දි ගෙදර ගිහිල්ලා. මම මල්ලිට කතා කරලා ඇහුවා කෝ අර සුදු අක්කා කෙනෙක් හිටියා මොකද උනේ කියලා. බලන්නකෝ ගමේ ගියානේ. ඊට පස්සේ ලියුමක් ලියලා අරහෙන් මෙහෙන් යැව්වා.
ලියූමේ ආමන්ත්‍රණයට දැම්ම දයාබර ද ආදරණීය ද මොකක්ද?
සැප වේවා දන්නෙ ඔච්චරයිනේ. ඊට පස්සේ ලියුමක් ලියලා අපි දෙන්නා ඊට පස්සේ යාළු වුණා.. යාලුවෙලා මම පදිංචියට ආවා. ඒ පර ගෙදරට ගියා. මම හිතන්න අඩුම වියදමකින් කසාද බැන්දේ මම. සරල විදියට. ගෙදරට රෙජිස්ටර් ගෙනවා කසාද බැන්දා. මට ගිෙය් රුපියල් 600යි. හරිම හොඳයි මගේ නැන්දම්මයි මාමණ්ඩියි එහෙම. ඉතින් මෙහෙම ගෙව්වා..
ඊට පස්සේ බැඳලා ආයෙමත් කොළඹ ආවද?
මං විතරක් ආවා. නෝනව ගෙදර තියලා මම ආවා. එතකොට අපේ රොඩ්නි එයයි මායි එකට හිටියේ කළුබෝවිලට ඇවිල්ලා. දැන් දෙන්නා බඳින්න ඉස්සෙල්ල සතියකට ඉස්සෙල්ලා ආව කළුබෝවිල. ඊට පස්සේ ඇවිල්ලා අපි එකට කාමරේක හිටියා. ඇවිල්ලා මම ඊට පස්සේ හිතුවා මෙහෙම දැන් හරි යන්නෙ නෑ. අපි ගෙයක් ගන්න ඕනි කියලා අපි නාවින්නේ ගෙයක් ගත්තා.. ඒ කාලේ කචල් කාලේ. අසූ තුනේ දෙමළ කෝලාහාල. එතකොට ඔන්න අපිට දැන් වැඩක් නෑ අරවත් නෑ මෙව්වත් නෑ හරිම අමාරුවෙන් හිටියේ. කොරෝනා කාලේ වගේම තමා ඒකත්. මුලදී පාරට යනවා මෙහෙම එනවා අරහෙන් බෝම්බ ගැහුවා කියනවා මෙහෙන් ගැහුව කියනවා.. අනේ බෑ අනේ මොකද උනේ කියලා කියන්න බැහැ..
පස්සේ දවසක ඔහොම ඔහොම ගිහිල්ලා යාළුවෝ එහෙම මට උදව් කෙරුවා ගෙයක් අරන් දීලා කාමරයක් අරන් දීලා. එක දවසක් ගේ ඉස්සරහ නැවැත්තුව කාර් එකක් බැලුවා. පී එල් ඒ සෝමපාල. කතා කරල ළමයො මම පී එල් ඒ සෝමපාල. මම ඇහුව මොකද සර් කියලා.. එන්නකො අයිටීඑන් එක පැත්ත කිව්වා. අනේ මම ගියා. ගියාම ඒක වැඩිය හදලත් නෑ. studio තිබ්බා .මම ඇහුවෙ ඉටපස්සෙ පී එල් ඒ සෝමපාල මාස්ටර් ආවේ නැද්ද අද කියලා. නෑ ආවේ නෑ අද. එන ඒහෙකුත් නෑ කියලා කිව්වා. ඊට පස්සේ මම එනවා දමල ගහලා. දැන් මට picture ලොකුයිනෙ ඊට වඩා. ෆිල්ම් තමා ලොකු. ඊට පස්සේ ඔහොම ඉඳලා ඊට පස්සෙන්දා උදේ ආපහු කාර් එකක් ආවා.. හයියෝ අයියෝ ඔයා මොකද ගිහිල්ලා ආවෙ. මම එනකං පොඩ්ඩක් ඉන්න එපැයි කියලා කිව්වා පී එල් ඒ සෝමපාල මාස්ටර්. දැන් යන් දැන් යන් නගින්න කිව්වා.. මම ඊට පස්සේ නැග්ගා. මම ඇහුවා මාස්ට මොනවද ගේන්න ඕන තව කියලා..මේකප් වලට පොඩි box එකක් තියෙනවා එහෙම කියලා මම කිව්වා.. ඒපා එහේ තියෙනවා බඩු යමූ කිව්වා. අයිටීඑන් එකට ගිහිල්ලා කිව්වා දැන් ඔබතුමා මේකප් කරන්න.
දැන් මේ මේකප් කරන අතරවාරේ තමයි පොඩ්ඩ පොඩ්ඩ ඔන්න කෝපි කඩේ පටන් ගන්නේ?
ඊට පස්සේ කලක් ගිහිල්ලා 88 විතර වුණා.. කෝපි කඩේ පටන් ගත්තා ඔන්න එතකොට නාට්‍යයක් පටන් ගත්තා.. අනේ මං මා ඉතින් බැලුව නාට්‍ය කරල වැඩක් තියෙනවද කියලා. ඉන්නකොට මම මේකප් කරනවා.. මට නිකමට හිතුනා එතනට යන්න ඕනේ කියලා. ගිහිල්ලා ඉතින් මටත් හිතට පොඩ්ඩක් පොඩි චරිතයක් අපේ ඉන්නේ සිරිසේන මල්ලි.. සිරිසේන මල්ලියගෙ නාට්ටියේ කවුරුත් නෑ නළු නිළියො මම රඟපෑවා. . මට ඊයේ පෙරේදා පිටපත හම්බවුණා මගේ පළවෙනි පිටපත කටකථා කියලා පිටපතක් මම ලිව්වා. අජිත් ජයවර්ධන මහත්තයා තමයි එතකොට ලොක්කා. එතකොට චිත්‍රපට ගැන නාට්‍ය ගැන ඔක්කොම කෝස් එකක් කරලා අපු කෙනෙක්. එයාට පිටපත දුන්නාම එයා අරගෙන කිව්වා පොඩ්ඩක් ඉන්න කියලා පැය දෙකක් විතර ගියාට පස්සේ කිව්වා හොඳයි පිටපත මම කරනවා කියලා. ඒ පාර එක කෙරුවා.
දැන් අද මේ මුළු ලෝකෙම ඉන්න ලාංකිකයෝ කතා කරන කෝපි කඩේ කටකතාවලින් එදා පටන් ගත්ත විදිය.. ඔබ දාපු නම් ටිකත් එක්ක චරිත ටිකත් එක්ක මේ ගියපු දුර ?
ඇත්තමයි යන්නේ හරිම වටිනවා.
හැබැයි කෝපි කඩේ ඔබෙන් පන්නරේ ලැබුවා, ඔබෙන් ශක්තිය ලබා වගේම කෝපි කඩේ ඇතුලේ අදටත් ඔබව අමතක කරන්න බෑ?
ඒ චරිතය මම මගේ චරිත මම හදාගත්තේ මං කල්පනා කෙරුවා ගෙදර ඇවිල්ලා මම චරිතයක් හදන්න ඕනේ කියලා ඩිංගි කියලා නම දැම්මා.. මට නිකං ගම ගැන හිතුනා. කළුම කොල්ලාට සුදු මහත්තයා කියලා ආච්චිලා කියනවා. එතකොට එහෙම ඒහෙම සුදු මහත්තයෝ අර කළු මහත්තයෝ එහෙම හැම තමා කියන්නේ.. ඉතින් මටත් හිතුණා ඩිංගි කියලා දාලා ඊට පස්සේ කාලෙකින් ඩිංගි මහත්තයා කියලා අවා. ඔහොම තමයි ඔය කෝපි කඩේ ඇදගෙන ගියේ.. හරිම හොඳයි .ඒ චරිත හරි වැදගත්. මගේ කවදාක්වත් මම කිව්වේ නැහැ උඹ ,වරෙන්. පලයන් ,තෝ කියලා ඒ නාට්‍ය ඇතුළේ මම කාටවත් කියන්න දුන්නේ නැහැ.
දැන් කෝපි කඩේට පුදුමාකාර ඉල්ලීමක් එනවා.. පුදුම ඩිමාන්ඩ් එකක් හැදෙනවා?
අපිට සෙනග ගම්මුදාවල බුදු අම්මේ... මම හිතන්වා ලක්ෂ දෙක තුනක පිරුනා එක එක තැන්වල. සෙනග ලක්ෂ දෙක තුන ඇවිල්ලා ඊට පස්සේ ඉතිං අත්පුඩි ගහනවා, කෑගහනවා.. ඉතින් ඒ කාලේ හිටපු ජනාධිපතිවරු අවාහම කියනවා කොහොමද මෙච්චර මේ සෙනග එන්නේ කියලා. ඒ මිනිස්සු කැමතියි අපිට. ඒ කතා කරන භාෂාව. දෙයි හාමුදුරුවනේ අපේ වැදගත් භාෂාවක් තියෙන්නේ. තවමත් හැබැයි මම මේ වගේ ප්‍රසිද්ධ දේයකදී කිසිම තැනකදි කතා කරන්නේ නෑ වරෙන් පලයන් කියලා කතා කරන්නේ නෑ. එන්න යන්නේ කියලා තමයි කතා කරන්න.
කෝපි කඩේ ගැන අමතක කරන්න බෑනේ අපිට.. අර අපේ කොච්චර විශාල ගහක් විදිහට අහසට පැන නැග්ගත් අපේ මුල් තියෙන්නෙ පොළොවෙ. ඒ විදියට තමයි මේ කෝපි කඩේ කියන එක අපේ ජීවිතයත් එක්ක බද්ධ වෙලා තියෙන්නෙ.. කෝපි කඩේ මතකද වැඩිපුරම ඩිංගි මහත්තයට තරහ ගියපු දවසක තරහම ගිහිල්ලා බනින හැටි?
මේ මේ endhira අක්කේ එන්න එපා ඕනවට වැඩිය ඕව කියවාගෙන හොඳේ.. ඔහෙ දැනගන්න ඕනේ ඔහේ කවුද කියලා මම කවුද කියලා.. මං මේ ගමේ ඉන්න චණ්ඩියෙක් නෙමේ චන්ඩියා වගේ තමයි ඉන්නේ. හිතුනොත් එහෙම කුඩු කරනවා දේවලුත් එක්ක.
ස්වාධීන රූපවාහිනියේ වැඩ කරනකොට අයිටීඑන් කියන නමත් එක්ක බැඳිල ගියේ.. කෝපි කඩෙන් අයිටීඑන් බැබලෙනවා, අයිටීඑන් නිසා කෝපි කඩේ බැබලෙනවා වගේ බොහෝ වෙලාවට ගම්උදා වගේ වේදිකාවලට නැගපු මේ කෝපි කඩේ ටීම් එක කෝපි කඩේ කට්ටිය එකට වෙනම බස් එකක් තියෙනවා. ඒ කට්ටිය මට මතකයි කඩවීදි වලටත් ඇවිල්ලා එදාට මම හිතන්නේ ආදායම් වාර්තා මෙහෙම කටු කඩාගෙන යනවා. අමතකම නොවෙන සිද්ධි මොනවද තියෙන්නෙ ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩ කරන කාලේ?
අමතක නොවන සිද්ධි කියන්නේ ඔක්කොම අමතක වෙන්නේ නැහැ. හැබැයි එක දෙයක් අමතක නොවෙන දෙයක් තියෙනවා.. ඩග්ලස් දේවානන්ද ඇමතිතුමා මතකයි නේද.. දැන්නේ ඇමති උනේ.. ඉස්සර ප්‍රභාකරන් එක්ක එයාගෙ ගුරෙක් ඉන්නවනේ අරයා. දැන් මේ පැත්තට ආවානේ ඇවිල්ලා ආවා.. ඇවිල්ලා මට කිව්වා අද ඉන්නවා දෙමළ මහතෙක් කොටි මහතෙක් ද කියලා ඇවිල්ල කිව්වා. ඒ පර මම බලන්න ආසයි කියලා ගිහින් බැලුවා.. ඊට පස්සේ ඒයා බැලුවා oh coffee shop mr ඩිංගි know එහෙම කියලා මාව බදාගත්තා.. හරිම හොඳයි වැඩක් නෑ කතා කරලා.. මම ඇහුවා දැන් දන්න සිංහලෙන් කතා කරන්න එපෑ.. ඔබතුමා කෝපි කඩේ බලනවද අපේ ,කැලේ ඉද්දි ගොඩක් බැලුවා. දැන් ටික ටික බලනවා. හරිම හොඳයි. එලියට යද්දි ඒයගේ guard එකේ හිටියා ඔක්කොමල ටික මාව දැකලා මට පුදුම ආදරයක් තිබුණේ tamil ආයමයි ඔක්කොම වැන්දා මට.
එක කාලයක් තිබ්බා නේද පාරේ යන්න බැරි?
ඔව් අනේ.. ඒ චරිත මිනිස්සුන්ට හරි ස්වාභාවිකයි. ඒවා අපි ගානකට කෙරුවා කිසිම දෙයක් නෑ.. නාට්‍යයක් කියන පලියට මේ පිහියෙන් කොටලා, බෙලි කපලා ඒවා නෙමෙයි.. අපි තියෙන්න ඕනේ.. හැබැයි මම මේකප් ආටිස්ට් කෙනෙක් වශයෙන් අපේ ඒකෙත් පෙන්නුවා.. මම චිත්‍රපට වල කරලා තියනවා. ගිනි තියා ගන්නවා ,ගින්දර තියෙන ඒවා අරවා මේවා ඔක්කොම. කෝපි කඩේ පෙන්නුවා ගිනි අරගෙන හෝ ගාලා ඇස් උඩින් දුම දානවා. චිත්‍රපටවලත් එහෙම පෙන්නන්න පුළුවන්. මේකප් ආටිස්ට් කෙනෙක් වුණත් දැන් බෙල්ල කපල අතනින් තියන්න කඳ මෙතනින් තියාපන් කිව්වොත් මට කරන්න පුළුවන්.
මෙතන අපේ ඉස්සරහ තියෙන හරිම ලස්සන සම්මාන, පින්තූර බොහෝ මතක.. පොඩි මතකයක් අවදි කරන්න මේ සම්මාන ගැන?
මේක ඉතින් කොපි කඩේ පටන් අරන් ඉවර වෙනකොටම හැම අවුරුද්දෙම සම්මානයක් හම්බ උනා අපිට. මොනවා උනත් ස්වාධීන රූපවාහිනී සේවයෙන් අපිට සලකනවා. මහගෙදර වගේ. හැබැයි මෙහෙම එකක් කියන්න ඕනේ ටීඑන්එල් අයිති මහත්තයා තමයි ශාන් වික්‍රමසිංහ මහත්මයා තමයි මේක ගෙනල්ලා තියෙනනෙ ලංකාවට. එයා තමයි විද්‍යුත් මාධ්‍ය දන්නෙ. එතකොට television කියන එක ලංකාවට ගෙනාවා. ගෙනල්ලා එහෙම ඉන්නකොට තමයි අයිටීඑන් පත්වුණේ. නමුත් මම හිතනවා වැඩක් නෑ කතා කරලා අයි ටී එන් එකේ අපි කරන්න පුළුවන් හැමදේම කෙරුවා. හැබැයි මිනිසුන්ට බලන්න පුළුවන් කරන්න පුළුවන් කියන්න පුළුවන් කතා කරන්න පුළුවන් නිවේදකයෝ බිහිවුණා. එතකොට හැම නිවේදකයෙක්ම ලස්සනයි.
හැබැයි ඔයා දන්නවද සුභාෂිණිට එහෙම මේකප් එකක් කලාම පුදුම ලස්සනක් තියෙන්නේ ඒක බලලා ඊට පස්සේ එයාට තව program එනවා ඇවිල්ල කරනවා. මට chairman මහත්තයත් කියන හොඳයි ලස්සනයි. එහෙමයි අපේ ගුරුගේ මහත්තයා කියන්නේ. ඒ වගේ මගේ පැත්ත රූපවාහිනියක් කියන්නේ ලස්සනක් තියෙන්න එපැයි'' කැත නම් කැතක් තියෙන්න ඕනේ. නමුත් ගොඩක් නිවේදක නිවේදිකාවෝ ලස්සනටම කෙරුවා අපි.
මේ සියලු මතකයන් ආවර්ජනය කරද්දි ලොකු සතුටක් ඒනවා.. අනිත් එක තමයි කවදාක්වත් කිසිම කෙනෙක්ට වචනෙකින් හෝ කිසිම අංගචලනයකින් හෝ කිසිම කෙනෙක් හිත රිද්දපු නැති කෙනෙක්. ස්වාධීන රූපවාහිනිය වසර කීයක් ද සිරිපාල අයියේ?
බුදු අම්මේ දැන් වසර හතළිහක්නේ. හරිම හොඳ තැනක්.. ඒ වගේ තැනක ඇරෙන්න වෙන තැනක් නෑ මට බලපුහාම.
ඔබේ අද පවුලේ තොරතුරු ටිකක් කියමු...
බිරිඳ ඉන්නවා.. ඒ වගේම දුවෙක් ඉන්නවා.. දුව නිවුස් ලිව්වා.. පුතා වැඩ කෙරුවා වෙන තැනක. මම අයිටීඑන් දැම්මේ නැහැ . ඊට පස්සේ දැන් එයා වෙනම තනියම එකක් කරනවා.. එයා ගොඩක් වෙලාවට මන්ත්‍රීවරු ඇමැතිවරු එක්ක එකතු වෙනවා.. ඒක නිසා පැලවත්තට ගියා පදිංචියට. දැන් ඉතින් ෆැමිලි එක හොඳයි. නිදහස ජොලියේ ජීවත්වෙනවා.
අපේ ලෙ වලට එකතු වෙච්ච අපි පුංචි කාලේ ඉඳලා මේ දක්වා අපේ ජීවිතය විවිධ හැලහැප්පීම් වලට ලක්වෙමින් අපි ගඟක් වගේ ගලාගෙන ආපු ජීවිතේ අමතක නොවෙන මතකයක් එකතු කරපු කෝපි කඩේ ශිල්පීන් කියන්නේ බොහොම සුවිශේෂයි.. ඩිංගි මහත්තයා එහෙම නැත්නම් කේ ඩී සිරිපාල කියන නම හැම වැඩසටහනකම අවසානයේදී මෙහෙම යන නාමාවලියේ අංග රචනය කේ ඩී සිරිපාල කෝපි කඩෙන් නළු නිළි කැලේ මේ නම තියෙනවා.. ඒ නිසා අපි හුස්ම ගන්න තාක් කල් අපේ හදවතේ අපේ මතකයේ තියෙනවා.. ඔබට බොහොමත්ම ස්තුතියි.
සාකච්ඡාව - අසංග Live
0 Comments