diyatha-uyana-vaccine

කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය අංශ විසින් සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්‍යක්ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භට පිරිස් අද අද (ජූලි 11) දිනයේදී එන්නත්කරණ  වැඩසටහන් සඳහා තම දායකත්වය ලබා දුන්හ.




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදු කළ ඉල්ලීමකට අනූව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මගපෙන්වීම යටතේ,
ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය සහ අනෙකුත් යුද්ධ හමුදා භට පිරිස් විසින් මේ සදහා දායකත්වය ලබා දුණි.