gamini-lokuge-speaks

ඇමතිතුමා මේ නිදහස් පක්ෂයේ මොකද්ද වෙන්න යන්නේ?

අපේ සහෝදර පක්ෂයක්නේ අපිත් එක්ක ඉතිං කටයුතු කරනවා..

 
එක සුළු පක්ෂයක් හැටියට දැන්  ඔබතුමා සලකනවානේ?

අපි සුළු පක්ෂයක් නෙමෙයි අපි එයාලාට එයාලා එක්ක එකඟතාවයක් ඇතිවෙලා තියනවා. අපි එයාලාට ඒ ඒ ගිවිසුම් අනුව කටයුතු කරගෙන යනවා..එක එකෙනාට ලැබිච්ච ඇමතිනම් පිළිබඳව හීනමානයක් තියෙන එක අපිට කරනන් දෙයක් නැනේ.. ජනාධිපතිතුමායි පක්ෂ නායකියින් එක්කයි කතා කරලා තමයි මේ හැම කටයුත්තමක්ම කරේ..




ජනතාව හිතන විදියට බැසිල් රාජපක්ෂ මැතිතුමා සහයෝගයෙන් වැඩ කරයිද?

බැසිල් මැතිතුමා අභියෝග භාරගෙන  අභියෝග  විසදපු නයකයෙක්.. මොකද අපි යුද්ධ කරන කාලේ මේ රට වැටිලා තිබුනේ. යුද්දේ ජයග්‍රාහණය කරාම ගොඩක් රටවල් හිතුවේ මේ වියදමත් එකක් කරන්න බැරිවෙයි කියලා. නමුත් එතුමා වසන්ත උදානය වගේ උතුරු උදානය වගේ එ්වා ඇති කරලා අපේ ආර්ථීක වේගය හතයි අටට ගෙනවා.. පහුගිය ආණ්ඩුව ඒ මුකුත් නැතුව අපිට බාර දුන්නේ දෙකයි තුනට ගෙනල්ලා. දැන් ඉතිං අපිට පාලනය කරන්න බැරි ලෝක ව්‍යවසනයක් තියෙන්නේ.. දැන් එකට මුහුණ දීගෙන යනවා.. එක ජයග්‍රාහණය කලාම මේ ප්‍රශ්න ඔක්කොම අපිට විසඳගන්න පුළුවන් වෙයි..


හැබැයි විපක්ෂය කියන්නේ ඔය සජිත් පිල කියන්නේ කිසි වැඩපිළිවෙළක් නැ කියලානේ?


සජිත් පිල කියන්නේ මීට අවුරුද්දකට ඉස්සෙල්ලා රට පාලනය කරපු අයනේ.. එයාලා ආපහු හැරිලා බලන්න ඔනේ එයාලාගේ කාලේ තිබිච්ච පාලනය කොහොමද කියලා.ජනාධිපතිතුමා එකක් කියනවා අගමැතිතුමා තව එකක් කියනවා ඇමතිවරු එකක් කියනවා. ලෙකු ප්‍රශ්නායක් වෙලානේ රට තිබුනේ.  පාස්කු ප්‍රහාරය සම්බන්ධව සිදුවුන සිදුවීම් තමුන්නාන්සේලා දන්නවානේ.


විපක්ෂයෙන් චෝදනා කරනනේ අවුරුදු හතරහමාරක් ගිහින් එයලාට එපා වුනා..දැන් අවුරුදු දෙකෙන් මේ ආණුඩුව එපාවෙලා කියලා ජනතාවට?

එක ඉතිං ඉස්සරහට ඡන්දයක් තිබ්බාම අපි දොගෙල්ලන්ටම එක බලා ගන්න පුළුළුන්...


හැබැයි අනිත් සුළු පක්ෂ වල පොඩි කෙනෙහිළිකමක් වෙනවා නේද දැනටත්?

අපි අතින් නම් එහෙම කිසි දෙයක් වෙන්නේ නැහැ.. අපි බොහොම ගෞරවයෙන් සළකලා කටයුතු කරන්නේ..




එ වුනාට විමල් ඇමතිතුමා, ගම්මංපිල ඇමතිතුමා පොඩ්ඩක් කල කිරීමෙන් ඉන්නවා නේද?

මම හිතන්නේ එ තමුන්නාන්සේලා හතින විදිය. අපි අතරේ එහෙම එකක් නැ..


ඉතිං දැන් පෙන්නවත් නැනේ සද්දයක්වත් නැනේ මේ ටිකේ?

එක ඉතිං එක එකෙනා අවශ්‍ය වේලාවට එළියට එයි. අපි රැස්වීමක් තිබ්බොත් ප්‍රධාන කතිකයෝ ඇවිත් වේදිකාවේ කතා කරයි.. එ කාර්යභාර්‍ය එයාලා ඉෂ්ට කරනවා..