health-moderna

කොවැක්ස් පදනම යටතේ නොමිලේ මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක් ලබන සිකුරාදා (16) දින ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාව වෙත රැගෙන එන බව සොෟඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.



ඒ අනුව මෙම මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 න් 750,000 කට පළමු මාත්‍රාව ලෙසත්, මසකට පසු ඉතිරි මාත්‍රා 750,000 දෙවන මාත්‍රාව ලෙසත් ජනතාවට ලබා දීමට සොෟඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බව ද  සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.