ishalini-nuwara-eliya

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේදී පිළිස්සී මිය ගිය 16 හැවිරිදි දැරියගේ මිහිදන් කළ
සිරුර දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගොඩගැනීම අද සිදුවිය.
 
අධිකරණ නියෝග මත හැටන් ඩයගම වත්තේ බටහිර කොටසේ පිහිටි පොදු සුසාන භුමියේ මිහිදන් කර තිබු සිරුර මෙසේ ගොඩ ගැනිමේ කටයුතු අද (ජූලි 30) දින උදැසන 9.00ට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකිර්ති මහත්මියගේ සහ ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ගේ අධික්ෂණය යටතේ ආරම්භ කරන ලදි.
දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අදාළ මෘත ශරීරය පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට නියමිතය.

සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යටතේ සිරුර ගොඩ ගැනීමේ කටයුතු ආරම්භ කරන ලද අතර සිරුර ගොඩ ගන්නා අවස්ථාව සඳහා මිය ගිය දැරියගේ දෙමව්පියෝ ද පැමිණ තිබුණි.



දේහය ගොඩ ගන්නා අවස්ථාව දැක බලා ගැනිමට ඩයගම ප්‍රදේශයේ විශාල පිරිසක් පැමිණ සිටිය ද
ඔවුන්ට එම ස්ථානයට පැමිණීම වැළැක්වීමට පොලිසිය කටයුතු කළ බව වාර්තා විය.

රංජිත් රාජපක්ෂ - හැටන්  හා මස්කෙළිය ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක