
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය කොරෝනා වසංගතය හේතුවෙන් දෙවැනි වසරටත් මෙවර නොපැවැත්වේ.
එය නැරඹීමට මෙවර ද බැතිමතුන්ට නොලැබීම මත විවිධ වූ ප්‍රදේශ ඔස්සේ ජනයා පැමිණ යාල අංක 02 කලාපයට අයත් කැබිලිත්ත සියඹලා දේවාලය වෙත යමින් සිටින බව වාර්තාවේ.
මෙම පිරිස් කිසිදු සෞඛ්‍ය ආරක්ෂක නීතියක් පිළි පැදීමෙන් තොරව අඩුම තරමේ මුඛ ආවරණයක්වත්
නොපැලඳීමෙන් යන එන බව කියැවේ. අතිවිශාල ලෙස ට්‍රැක්ටර් රථවලින්ද ජීප් රථ වලින්ද මෙම පිරිස්
මෙම වන්දනාව සඳහා යමින් සිටින අතර දිනකට ට්‍රැක්ටර් රථ 100ක් පමණ ද ජීප් රථ
200කට වැඩි ප්‍රමාණයක් ගමන් කරන බව වාර්තාවේ.
කැබිලිත්ත ආසන්නයේ යුද හමුදා මුරපොළක්ද පිහිටා ඇති අතර මෙම කඳවුරේද මෙසේ යන පිරිස් විශාල වශයෙන් පැමිණ ලැගුම් ගැනීම සිදුවන බව වාර්තාවේ.
කොළඹ ඇතුළු ප්‍රශදේශවලින් පැමිණෙන පිරිස් නිසි සෞඛ්‍ය උපදෙස්වත් පිළිනොපැද මෙම පුදබිම තුළ
සැරිසැරුවත් මෙහි රාජකාරියේ නිතර හමුදා නිලධාරීන් මෙම සෞඛ්‍ය නිීති කඩ කරන පිරිස් කිසිදු අයුරකින් දැනුවත් කිරීමක් සිදු නොකරන බවට චෝදනා පවතී.
කතරගම - කේ.ඩී. දේවප්‍රිය
Comments
Post a Comment
Your comment will be visible after approval